,

ඇහැල සුවඳ

රු750.00

  • Author: ප්‍රියංකා අමරතුංග
  • Publisher: Saradavi Publishers
  • First Edition 2021
  • ISBN 978-955-31-2350-3
  • 423 Pages

Out of stock

Author: ප්‍රියංකා අමරතුංග

Publisher: Saradavi Publishers

First Edition 2021

ISBN 978-955-31-2350-3

423 Pages

 

“සමහර මිනිස්සු කෙනෙකුට ආදරේ කරනවා. දෙතුන්වරක් විවාහ වෙනවා. ලෝකයා ඒ දිහා වැරදියට බැලුවට ඒ හැම දේකම සාධාරණයක් තියෙනවා.” – අසලියා

“එකක් කියන්නම් සපුහින්න වලව්ව කවදාවත් සතුන්තලාට ලියලා දෙන්ට බෑ. ස්ටීවන්සන් කවදා හරි ලංකාවට ඇවිත් මේ වලව්ව හෝටලයක් කරාවි”  – ගජබා

“ඔයා ලංකාවට ආවට පස්සෙ සාරදා ගොඩක් වෙනස් වෙලා. එයා හිතන්නෙ තවමත් මං ඔයාට ආදරෙයි කියලා.” – රශ්මික

“ජීවිතේ සමහර දේවල් තියෙනවා හරියට ගලේ කොටපු අකුරු වගේ. මගේ එක උපන් දිනේකට අපි බෙල්ලන්විල පන්සලට ගියා මතකද.” – සකුන්තලා

“දේපල ගැන කතාකරන්නේ මං තවම මරණයට ලංවෙලා නෑ. මම තවත් අවුරුදු විස්සක් විසිපහක්වත් ජීවත්වෙනවා.” – සපුහින්න මැණිකේ

“දවල් වෙන්න දවල් වෙන්න චණ්ඩ වෙන ඉර ඔයා වගේමයි කියන්න මට බෑ. ඇත්තමයි සකුන්තලා ඔයා උදේට පායන ඉර වගේ මුදුයි ලස්සනයි.” – ජෝර්ජ් ස්ටීවන්සන්

“සෑම සැන්දෑවකම මල් උයනේ පඳුරු අතර මම සක්මන් කරමින් සිටිනවා. ඔබට එහි පැමිණෙන්නට හැකිනම්……” – අලුත්ගම දුක්ගන්නා උන්නාන්සේ

මාතර සුජාතා බාලිකා විද්‍යාලයයෙන් සිප්සතර ලබා විද්‍යා ගණිත ගුරුවරියක ලෙස ගුරු සේවයේ නියුතුව සිටි ප්‍රියංකා අමරතුංග ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ලේඛකත්ව හා සන්නිවේදන ඩිප්ලෝමාධාරිණියකි.

“මිහිර” ළමා පුවත්පතට අවුරුදු 10 දී කවි නිර්මාණ ලියා ලේඛන කලාවට අත්පොත් තැබූ ප්‍රියංකා අමරතුංග, 1991 දී “බොල් වී අහුරු” නවකතාවෙන් නවකතාකරණයට පිවිසි අතර නවලිය, රැජිණ,තරුණි යන ජාතික කාන්තා පුවත් පත් සහ සිළුමිණ, රිවිර ඉරිදා ජාතික පුවත්පත් සඳහා ද සිය නවකතාවලින් දායක වී ඇත.

විද්‍යා ගණිත ගුරුවරියක ලෙස සේවය කර දැනට ගුරු ජීවිතයෙන් විශ්‍රාම ලබා සිටින ප්‍රියංකා අමරතුංග සිය ලේඛන කටයුතු වෙනුවෙන් පූර්ණ කාලය කැප කරමින් නවකතා කරණයට අමතරව ටෙලි නාට්‍ය තිර රචනය සඳහා ද දායක  වී ඇත. විශ්‍රාමලත් විද්‍යා ගණිත ගුරු ප්‍රියංකා අමරතුංග ගුරුවරියක ලෙස, මවක ලෙස පවුලෙ ඕනෑම අයකුට කියවීමට හැකිවන පරිදි සිය පෑන සංයමයකින් යුතුව හසුරුවයි. “ඇහැල සුවඳ” ඇයගේ අලුත්ම නවකතාවයි.

 

#AhalaSuwada #EhalaSuvada #PriyankaAmarathunga #SinhalaPoth #OnlineBooks

Weight 0.485 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ඇහැල සුවඳ”

Your email address will not be published. Required fields are marked *