, ,

අවසන් ප්‍රාර්ථනය

රු1,250.00

  • Author:  තරුෂි නිරංගා ජයසිංහ
  • The New York Times Bestseller (by Andrzej Sapkowski) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher:Muses Publishers
  • First Edition 2021
  • ISBN 978-624-5579-16-7
  • 483 Pages

Out of stock

Author:  තරුෂි නිරංගා ජයසිංහ

The New York Times Bestseller (by Andrzej Sapkowski) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher:Muses Publishers

First Edition 2021

ISBN 978-624-5579-16-7

483 Pages

 

පෝලන්ත සාහිත්‍යයේ අසහාය කෘති පෙළක් ලෙසින් , ආන්ද්‍රෙයි සප්කොව්ස්කි නම් රචකයාගේ පන්හිඳෙන් බිහි වූ විචර් පොත් පෙළ, ෆැන්ටසි ශානරයේ ඉහළම තැනක නම් දරන කතා මාලාවකි . අමෙරිකානු , බ්‍රිතාන්‍ය සාහිත්‍ය සමඟ කරට කර හිඳින්නට සමත් වූ ආන්ද්‍රෙයි සප්කොව්ස්කිගේ විචර් පොත් මාලාව ඇසුරින් නිමැවූ විචර් පරිගනක ක්‍රීඩා මාලාව මෙන්ම , මෑතකදී NETFLIX ආයතනයෙන් නිර්මාණය කළ කතා මාලාවද පාඨක, රසික ප්‍රජාව වැළඳගත්තේ ඉමහත් ආදරයකිනි . 

භීමරූපීන්ගෙන් අඩුවක් නැත්තා වූ ලොවක, මනුසතුන්ද නුහුගුණ රකින කල කුමක් වනු ඇත්ද ? 

එවන් ලොවක දෛවයේ සෙවණැලි අතරින් ඉපිද, දෛවයේ ලියැවුණු අන්දමටම භීමරූපීන්ගෙන් ලොව මුදවා ගනු වස් රිදී අසිපත දෑත දරා ගත් , විචර්වරයෙකි , රිවියා හි ගෙරල්ට් . 

වරෙක හේ රිවියා හි සිට ආ මහා ධවල කේශර විචර්වරයෙකි ! 

වරෙක හේ , බ්ලැවිකන් හි වියරු ඝාතකයෙකි ! 

දෛවය විසින් තමා ඉදිරියට ගෙන එනු ලබන භීමරූපීන් හා ගැටෙන අතර , තමාවම වට කර ගත් මහා චණ්ඩ සුළි කුණාටුවෙන් මිදීමට ඔහුට හැකි වනු ඇත්ද ? 

කළු සුදු චරිත අතර කළුත් නැති, සුදුත් නැති, අළු චරිතයක් ලෙසින් මානුෂිකත්වයත් , අමානුෂිකත්වයත් අතර දෝලනය වන රිවියා හි ගෙරල්ට්ගේ දෛවෝපගත චාරිකාවේ ඇරඹුමයි මේ !

 

#AwasanPrarthana  #TharushiNirangaJayasingha  #AndrzejSapkowski  #TheWitcher #Netflix 

Weight 0.587 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අවසන් ප්‍රාර්ථනය”

Your email address will not be published. Required fields are marked *