Sale!
, ,

අන්ගාරා ගඟ ගලා බසී

Original price was: රු350.00.Current price is: රු315.00.

  • Author: රන්ජිත් ධර්මකීර්ති
  • Publisher: Sakila Publication
  • Third Batch 2018
  • ISBN 978-955-1300-05-0
  • 138 Pages

Availability: 1 in stock

Author: රන්ජිත් ධර්මකීර්ති

Publisher: Sakila Publication

Third Batch 2018

ISBN 978-955-1300-05-0

138 Pages

 

“පහන් සංවේග සපුරා දනවන සුන්දර කවියක් ඔබ වේදිකාවේ නිමවා තිබෙනවා. අන්ගාරා ගඟ ගලන්නා සේ ම ඔබේ නිෂ්පාදනයද එකපැහැර ගලා යනවා. සිංහල නාට්‍යය, සිංහල වේදිකාව ඇද වැටී තිබෙන දුර්දාන්ත අගාධයෙන් ගොඩ ගැනීමට ඔබේ නිෂ්පාදනය සමත් වේ ය යනු මගේ විශ්වාසයයි. එපමණක් නොව එය මගේ පැතුම ද වෙයි.”

හෙන්රි ජයසේන

“ සිතට පමණක් තුරුළු වන අපූර්ව සුන්දරත්වයන් මුළු නාට්‍ය පුරාම දැවටී පවතී. ඒ සොඳුරු සිහිවටනය දින දෙක තුනක් යනතුරු සිතින් බැහැර නොයයි.”

ආර් ආර් සමරකෝන්

“ විශේෂයෙන් ම ධනවාදී ආකල්ප වලින් ඔද්දල් වූ වාණිජත්වය ඉදිරියේ නියතාර්ථයෙන් ම  යථාවබෝධය දක්වා ලීමේ කාර්ය “අන්ගාරා ගඟ ගලා බසී ” සම්මානනීය අයුරින් ඉටු කර ඇත.  මේ රටේ ජනතාවට විශේෂයෙන්ම නොමඟ යෑම වලින් ජරාජීර්ණ වූ නාට්‍ය ක්ෂේත්‍රයටත් වැදගත් වන්නේ එහෙයිනි.”

සියඹලාපේ දයානන්ද

“ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම “ අන්ගාරා ගඟ” නාටකය වූ කලී රංජිත් ධර්මකීර්ති, ප්‍රේමසිරි කේමදාස, අජන්තා රණසිංහ ප්‍රමුඛ කරගත් නිර්මාණ ශිල්පීන් රැසකගේ ප්‍රශස්ත ප්‍රයත්නයකි. එම නිර්මාණය පණපෙවීමට නීල් අලස්,  සුවිනීතා සුබසිංහ,  ජයලත් මනෝරත්න සහ එල්සන් දිවිතුරුගම  දී නළු නිළි රැසකගේ ප්‍රතිභාපූර්ණ රංගනයන් ද ගායන වෘන්දයෙහිලා  ටී එම් ජයරත්න බඳු අද්විතීය ගායකයකු පෙරටුකොටගත් සුනිලා අබේසේකර  ආදී ශිල්පීන්ගේ නොමඳ කුසලතාවයක් ද එක සේ ඉවහල් වී තිබූ බව මගේ අදහසයි.”

නන්දසේන  සූරියආරච්චි – දිනමිණ (1978.02.17)

 

#AngaraGagaGalaBasi #RanjithDharmakeerthi #SinhalaPoth #OnlineBooks

WhatsApp us