, , ,

අත්ලාන්තික් දඩයම

රු1,850.00

  • Author – මංජුල දිසානායක
  • The Hunt For Atlantis (by Andy McDermott) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher – Muses Books
  • First Edition 2022
  • ISBN 978-624-5579-21-1
  • 558 Pages

Out of stock

Author – මංජුල දිසානායක

The Hunt For Atlantis (by Andy McDermott) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher – Muses Books

First Edition 2022

ISBN 978-624-5579-21-1

558 Pages

 

ඉතිහාසයේ වඩාත් කල්පැවතුණු සහ විවාදාපන්න පුරාවෘත්ත අතරින් එකක් වන්නේ අත්ලාන්තික් හි අතුරුදන් නගරය පිළිබද පුරාවෘත්තයයි. ඒ අතුරුදන් නගරය කොහේදැයි යන ප්‍රහේලිකාව තමාට විසදිය හැකි බව පුරාවිද්‍යාඥවරියක වූ නීනා වයිල්ඩ්ගේ විශ්වාසය විය.

ඇය, සියවස් ගණනක අතීතයේ එතෙක් මෙතෙක් ලොව වැදගත්ම ගවේෂණය ආරම්භ කරන්නේ හුදෙකලා බිලියනපතියකු වූ ‘ක්‍රිස්ටියන් ෆ්‍රොස්ට්’ ගේ අනුග්‍රහයෙනි. ඔහුගේ රූමත් දියණිය, ‘කාරී ෆ්‍රොස්ට් සහ නීනාගේ පෞද්ගලික ආරක්ෂකයා ලෙස කටයුතු කරන හිටපු විශේෂ බලකා සෙබළකු වූ ‘එඩී වේස්’ ඇයගේ ගවේෂණයට සහාය වෙති.

එහෙත් ගවේෂණය සාර්ථක වනු දැකීම සැමගේම අපේක්ෂාව වන්නේ නැත. ප්‍රබල සහ අබිරහස් සංවිධානයක් වන ‘සහෝදරයත්වය’ වසර 11,000 පුරා සාගර පත්ලේ සගවී තිබෙන රහස මතුපිටට ගෙන ඒම වැළැක්වීමට ක්‍රියා කරයි.

අත්ලාන්තිසයේ රහස හඹා යමින් එය සොයා ගැනීමට උත්සාහ කළ බොහෝ දෙනෙක් දැනටමත් මරු තුරුලට යැවීමට ‘සහෝදරත්වය’ කටයුතු කර තිබිණි. නීනාගේ මව්පියන්ටද අත් වූයේ ඒ ඉරණමය.

මැන්හැට්න්වල වීදිවල සිට බ්‍රසිල වනාත්තරය දක්වාත්, ටිබෙටයේ කදු මුදුන්වල සිට අත්ලාන්තික් සාගරයේ පතුල දක්වාත්, නීනා සහ එඩී කාලයට එරෙහිව නොවතින ගමනක යෙදෙන අත. අත්තරායකාරි මරණිය මාවතක් ඔස්සේ, සියල්ල උඩු යටිකුරු කළ හැකි රහසක් හෙළිදරව් කරගැනීම පිණිස ඔවුන් යන ගමන, වත්මන් ශිෂ්ටාචාරය සදහටම විනාශ කර දමනු ඇත් ද? ඔවුන්ට මාරක අභියෝග එල්ල කරන්නේ සහෝදරත්වය පමණද?

මේ. එම ඓතිහාසික ගවේෂණය පිටුපස සැඟවුණු බිහිසුණු ම්ලේච්ඡත්වයේ කතාවයි.

 

#AthlanthikDadayama #ManjulaDissanayake #SinhalaPoth #ParivarthanaPoth #OnlineBooks

Weight 0.586 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අත්ලාන්තික් දඩයම”

Your email address will not be published. Required fields are marked *