ෆ්‍රැන්කන්ස්ටයින්

රු700.00

Author : චන්ද්‍ර අනගිරත්න 

Frankenstein (by Mary Shelley) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි

Publisher : Dayawansa Jayakodi

Secound Batch 2021

ISBN : 978-955-686-248-5

318 Page 

Availability: 1 in stock

Author : චන්ද්‍ර අනගිරත්න 

Frankenstein (by Mary Shelley) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි

Publisher : Dayawansa Jayakodi

Secound Batch 2021

ISBN : 978-955-686-248-5

318 Page 

ස්වීස් ජාතික භෞතික විද්‍යාඥයකු වූ වික්ටර් ෆ්‍රැන්කන්ස්ටයින් මානව වර්ගයාගේ අභිවෘද්ධිය උදෙසා විද්‍යාත්මක පර්යේෂණයන්හි යෙදෙන්නේ, මිනිස් සිරුරු කොටස් එකතු කර කෘතිම මිනිසෙකු නිර්මාණය කරයි. එහෙත් අසාමාන්‍ය දැවැන්ත සිරුරකින් හෙබි කෘතිම මිනිසා ජීවය ලබන්නේ ඉතාම විකෘති,විකාර,විරූපි, බියකරු, පිළිකුල් සහගත භූතයකු ලෙසය. ෆ්‍රැන්කන්ස්ටයින් මේ බියකරු මිනිස් රකුසාගෙන් පලා යයි.

 

සිය විරූපි විකෘති බියකරු රූපයට බියෙන් සිය මැවුම්කරු විසින් සහ මිනිස් සමාජය විසින් ප්‍රතික්ෂේප කරනු ලබන භූතයා සිය මැවුමකරුගෙන් පලිගැනීමට ගන්නා එක් එක් පියවර නිසා ෆ්‍රැන්කන්ස්ටයින් අන්ත දුක්ඛිත අසරණ කාලකණ්ණි බිහිසුණු අත්දැකීම් වලට මුහුණ දෙන හැටි විස්තර කෙරෙන මෙම ත්‍රාසජනක විචිත්‍රාද්භූත විද්‍යා ප්‍රබන්ධ කතාව, විද්‍යාව තුළින් මනුෂ්‍යත්වයේ ස්වභාවික සීමාවක් ඉක්මවා යෑමට තැත් කිරීමේදී ඇති විය හැකි අනිටු විපාක ලොමු ඩැහැගන්වන අයුරින් ගෙන හැර දක්වයි. 

 

මිහිරි සුන්දර පවුල් ජීවිතයක අගයත්, සමාජ සාධාරණත්වයක්, මානව දයාවත්, සමකාලීන විද්‍යා හා සමාජ දර්ශනයත් මිනිස් හැඟීම් පිළිබඳ විස්තීර්ණ විග්‍රහයන්, සම්භාව්‍ය සාහිත්‍යමය ආභාෂයත්, මිනිස් ස්වභාවය පිළිබඳ මූලික සිද්ධාන්තයන්ගේ හරයත් සංකලනය කර 1818 දී ⁣මේරී ෂෙලී විසින් ලියන ලද ” ෆ්‍රැන්කන්ස්ටයින් ” විශ්ව සදාචාරයේ අගය දක්වමින් ඓශ්චර්යමත් පසුබිම් මත ගොඩ නංවන ලද කාල්පනික විචක්ෂණ භාවයේ ප්‍රතිරූපයක් ලෙසද, සම්භාව්‍ය විශ්ව සාහිත්‍ය ආරම්භයේ ශ්‍රේෂ්ඨ ශෝකාන්ත කාව්‍යයක් ලෙසද අමරණීය ස්ථානයක් දිනා ඇත. 

 

මහා සංයමයකින් යුතුව හසුරුවන ලද ඉංග්‍රීසි බසින් ලියන ලද ” ෆ්‍රැන්කන්ස්ටයින් ” විචිත්‍ර,ව්‍යක්ත, ආකර්ශණීය රචනා ශෛලියකින් අලංකාර වී ඇත. ඉංග්‍රීසි කෘතියේ සියලු ගුණාංග ඒ සැටියෙන්ම පිළිබිඹු වන සේ එහි සම්පූර්ණ අසංක්ෂප්ත පරිවර්තනය මෙසේ ප්‍රකාශයට පත් වේ. 

#Frankastine #ChandraAnagirathna #Sinhalapoth

 

WhatsApp us