Sale!
,

සොඳුරු සැරිසර

රු1,900.00

සොඳුරු සැරසර – සරවක් නදිය දිගේ  + සොඳුරු සැරිසර – රම්‍ය සාගරය දිගේ + සොඳුරු සැරිසර – රතු බලකොටුව දිගේ + සොඳුරු සැරිසර – සක්වළ පියස දිගේ

සාමාන්‍ය මිල – රු. 2000/=

අපේ මිල – රු. 1900/=

 

Availability: 4 in stock

සොඳුරු සැරසර – සරවක් නදිය දිගේ  + සොඳුරු සැරිසර – රම්‍ය සාගරය දිගේ + සොඳුරු සැරිසර – රතු බලකොටුව දිගේ + සොඳුරු සැරිසර – සක්වළ පියස දිගේ

සාමාන්‍ය මිල – රු. 2000/=

අපේ මිල – රු. 1900/=

 

සොඳුරු සැරසර – සරවක් නදිය දිගේ

Author: සමන් අතාවුදහෙට්ටි

Publisher: Fast Publishing

First Edition 2013

ISBN 978-955-677-257-9

328 Pages

ඔහු සංචාරය කරන්නේ අප නුදුටු විරූ, අප නෑසු විරූ අලුත් රට රාජ්‍යවල නොවේ. අප ද දැක ඇති, අප ද බොහෝ දේ අසා කියවා ඇති රට රාජ්‍යවල ම ය. එහෙත්, ඔහුගේ චාරිකා සටහන් පෙළක් කියවා අවසන් වූ පසු අපට හැඟෙන්නේ අප ඒ කිසිදු රටකට පා තබා නැති බව ය. අප ඒ රටවල් ගැන මළපොතේ අකුරක්වත් නොදැන සිටි බව ය. ඒ තරමට ම ඔහුගේ චාරිකා සටහන් භූගෝලීය, ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක දත්තවලින් ද සූක්ෂ්ම නිරීක්ෂණවලින් ද පිරි ඉතිරී ගොස් ය. එහෙත්, අප ඔහුගේ ලේඛන එක හුස්මට කියවා ගෙන යන්නේ ඒ දත්තවල බරසාරකම නිසා හෝ නිරීක්ෂණවල වැදගත්කම නිසා ම නොවේ. රසින් පිරිපුන් භාෂා භාවිතය ද නිසා ය. මේ පොත කියවා බලන්න.

මහාචාර්ය සුනිල් ආරියරත්න

 

සොඳුරු සැරිසර – රම්‍ය සාගරය දිගේ

Author: සමන් අතාවුදහෙට්ටි

Publisher: Fast Publishing

First Edition 2017

ISBN 978-955-677-804-5

275 Pages

ජපානය සහ චීනය ගැන මොනතරම් ලිව්වත් සමන් සෑහීමකට පත්වන්නේ නැත. ජපානය ගැන පොත් දෙකක් ලිව්වේ ය. චීනය ගැන පොත් දෙකක් ලිව්වේ ය. මේ වනාහි ඔහු ජපානය ගැන ලියූ තුන්වැනි පොත යි. ඔහු මෙසේ එක ම රට ගැන යළි යළීත් ලියන්නේ අලුතෙන් ලියන්නට තරම් වැදගත් කාරණා ඇති නිසා ය. ලංකාවත් ජපානයත් අතර වැඩි වශයෙන් ම එහා මෙහා ගිය ශ්‍රී ලාංකිකයා සමන් විය යුතු ය. ඔහුට ජපානය කටපාඩම් ය. මම ඒ බව දුටුවෙමි.

සමන් ජපානය ගැන හතර වැනි පොතක් නොලිව්වොත් පමණක් මම පුදුම වෙමි.

මහාචාර්ය සුනිල් ආරියරත්න

 

සොඳුරු සැරිසර රතු බලකොටුව දිගේ

Author : සමන් අතාවුදහෙට්ටි

Publisher : Fast Publishing (Pvt) Ltd

First Edition 2019

ISBN 978-955-677-890-8

382 Pages

සමන් අතාවුදහෙට්ටි සුළවතාණන් ගෙන් තවත් අලුත් පොතක් අපට කියවන්නට ලැබෙයි. ඒ දඹදිව, මහා භාරතය නැතිනම් ඉන්දියාව පිළිබඳව ය. උතුර – දකුණ – නැගෙනහිර – බටහිර යා කැරෙන ඉන්දියාවේ ශිෂ්ටාචාරික බහු සංස්කෘතික හා විවිධාකාර සමාජීය සංසිද්ධි, අවස්ථා, තොරතුරු මේ කෘතියේ විචිත්‍ර ලෙස චිත්‍රණය කිරීමට රසාලිප්ත රස මනසක් නිමැයුම් කුසල බලයක් සමන් සතුය. මානව විද්‍යාව, මානව වංශ විද්‍යාව, මානව වංශ විස්තරය, සමාජ විද්‍යාව, සංස්කෘතික අධ්‍යයන, ජනශ්‍රැති, අස්පර්ශනීය සංස්කෘතික උරුමය, ප්‍රාසාංගික කලාව, නියෝජනාත්මක කලාව, වාර්තික කලාව අතරින් සූසැට කලාවම සමන් විසින් ප්‍රතිනිර්මිතය. මුවින් තෙපලන වැකියත්, කඩදහි කොළයක සටහන් කරන වැකියත් රසවත්ය. ‘රතු බලකොටුව’ නම් වූ පොත ආධ්‍යාත්මික ජීවිතයක රසමුසුවත්, ශාන්තියත් ලෞකික ජීවිතයේ සාන්දෘෂ්ටිකභාවයත්, භාරතීය සම්ප්‍රදායත් මනනන්දනීය අයුරින් ප්‍රතිබිම්බනය කරයි.

ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර

මානව විද්‍යා අධ්‍යයන අංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

 

සොඳුරු සැරිසර සක්වළ පියස දිගේ

Author : සමන් අතාවුදහෙට්ටි

Publisher : Fast Publishing (Pvt) Ltd

First Edition 2017

ISBN 978-955-677-702-4

357 Pages

අනාදිමත් කාලයක සිට අපට සංස්කෘතික වශයෙන් නෑකම් ඇති චීනයත් විශේෂයෙන් එහි ටිබෙට් කලාපයත් ගැන තොරතුරු දැනගැනීමට ආසා ඇතත් ඒ පිළිබඳ තොරතුරු ඇතුළත් පොත පත විරලය. තිබෙන ඒවාද බොහෝ විට බටහිර රටවල ලේඛකයින් බටහිර කෝණයෙන් ටිබෙටය දෙස බලා ලියන ලද ඒවාය.

කතුවර සමන් ප්‍රථම වතාවට ලාංකික අපට නෑකම් ඇති ටිබෙටය පිළිබඳ නිවැරදි පිංතූරයක් “සක්වල පියස දිගේ” මඟින් ලබා දෙයි. ඔහු එදා චීනයෙන් අප රටට සංචාරයට පැමිණි ශ්‍රී ලංකාව ගැන පිංතූරය චීනයට රැගෙන ගිය පාහියන් බෞද්ධ භික්ෂුව මෙන් චීනයේත් ටිබෙටයේත් සංචාරය කොට එහි සැබෑ තොරතුරු මඟින් අප පෝෂණය කරයි.

මහාචාර්ය දම්මික ගංගානාත් දිසානායක , ජපානයේ ශ්‍රී ලංකා තානාපති

Although we have had strong historic relations with China and its Tibet Autonomous Region for centuries” finding books that amplify such information in Sinhala Language is rare.

If such books do exist, they are the ones written from a Western perspective, For the first time, we see glimpses of a Tibet closer to home through Saman’s eyes, one that bears close ties to us.

He is a pilgrim in the footsteps of the great ancient Monk Faxian who took back to China his memories of Sri Lanka.

Professor Ganganath Dissanayake , Ambassador for Sri Lanka to Japan

 

#SaravakNadiyaDige #SamanAthavdahetti #SinhalaPoth #OnlineBooks #RamyaSagarayaDige  #SinhalaPoth #OnlineBooks  #RathuBalakotuwaDige #SinhalaPoth #SakvalaPiyasaDige #SinhalaPoth #SoduruSerisara #Soduru

 

 

 

Weight 1.585 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සොඳුරු සැරිසර”

Your email address will not be published. Required fields are marked *