Author: චන්දන ගුණසේකර
Cilka’s Journey (by Heather Morris ) කෘතියේ සිංහල පරිවර්තනයකි
Publisher : Subhavi Publishers
New Batch 2020
ISBN 978-955-7189-22-2
537 Pages
ඇයගේ දිවි රැකදුන්ගේ තම රූමත් බවයි-ඇයව අවමානයට ලක්කළේ ද තම රූමත් බවයි.
1942 වසරේ දී, අවුෂ්විට්ස්-බර්කෙනූ වධකඳවුරට රැගෙන යනවිට සිල්කා යන්තම් සොළොස් හැවිරිදි වියෙහි පසු වූවා පමණි. ඇයගේ කිතුල් රෑනක් බඳු, දිගැති මනරම් කේශ කලාපය දැක ඊට වහවැටුණු බර්කෙනූ කඳවුර භාර ආඥාධිපති ශොවාර්සු’බර් විසින් ඇයව සෙසු සිරකාරියන්ගෙන් බලහත්කාරයෙන් වෙන් කරගනු ලැබිණ. තමන්ගේ මනාපයෙන් තොරව වුව ද තමන්ට ලබා දෙනු ලබන බලය, දිවිගලවා ගැනීමට සම වන බැව් වැඩි දිනක් ගතවීමට මත්තෙන් සිල්කා අවබෝධ කර ගත්තා ය.
කඳවුර මුදා ගැනීමෙන් අනතුරුව, සතුරාට පාක්ෂික වූවා ය යන චෝදනාවට සිල්කාව වරදකාරියක කරනු ලැබූ රුසියානුවන් විසින් ඇයව ආක්ටික් වෘත්තය ඇතුළත පිහිටි වොකුටා නමින් හැඳින්වූ සයිබීරියාවේ අතිශයින්ම කුරිරු, හුදෙකලා සිරකඳවුරකට යවනු ලැබිණ.
නිර්දෝශී සහ අවිහිංසක වුව ද නැවත වතාවක් සිරගත කරනු ලැබූ සිල්කා, නවමු සහ තමන්ට හුරුපුරුදු අති භයංකාර අභියෝගයන්ට මුහුණ දුන්නේ දිනපතාම දිවි රැකගැනුම පිණීස නොනිමි අරගලයක නිරත වෙමිනි. අධ්‍යාත්මයකින් තොර භෞතික ශරීරයක් පමණක් දරමින් දිවි ගෙවූ සිල්කාට, මේ සියලු කරදර, හිරිහැර හා දුක්ඛ දෝමනස්සයන් පසෙක තිබිය දී, පිවිතුරු ප්‍රේමයක් වෙනුවෙන් තම හදගැබෙහි අවකාශයක් තිබෙන බැව් අවසානයේ හැඟී ගියේ ඒ තද දුඹුරු පැහැති දෑස් දුටු නිමේෂයේ දී ය.
#SilkaageDivisariya #ChandanaGunasekara #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.