, , ,

සිංහල ගද්‍ය පද්‍ය නිර්මාණයන්හි රිද්ම ලක්ෂණ

රු2,400.00

  • Author: මහගම සේකර
  • Publisher: S. Godage & Sahodarayo
  • Third batch 2018
  • ISBN 955-20-4288-7
  • 212 Pages

Out of stock

Author: මහගම සේකර

Publisher: S. Godage & Sahodarayo

Third batch 2018

ISBN 955-20-4288-7

212 Pages

 

“රිද්මය යනු පුනරුක්තියයි. ඉතිහාසය ද පුනරුක්තියකි. ලොවේ වරක් සිදුවූ සිද්ධියක් කිසියම් රිද්මයකට අනුව නැවත නැවතත් සිදුවෙයි. සංගීත හා නර්තන කලාවන්හි දී මෙන්ම ස්වභාව ධර්මයන්හි දී ද රිද්මය චක්‍රයක් මෙන් අඛණ්ඩව ගලා යයි.

රෑ දාවල, සෘතු භේදය, වඩදිය බාදිය, වර්ෂාව !

වලාකුළු සිහිල් වී වැසි වසී. වැසි දිය ගං හෝ දියේ ගලා ගොස් වැව් හා මුහුදුවල පිරෙයි. ඒ දිය වාෂ්ප වී අහසට නැග වලාකුළු සේ කැටි ගැසෙයි. වලාකුළු සිහිල් වී යළිත් වැසි වසී. මුහුදු රැල්ල වෙරළට ගලා එන්නේ චක්‍රාකාරවය. ග්‍රහලෝකවල ගමන් මාර්ගය ද චක්‍රාකාරය.

අෂ්ට ලෝක ධර්ම චක්‍රය, සංසාර චක්‍රය !

නාඩි වැටෙන රිද්මය ස්පර්ශයෙන් දැනේ. කුරුලු නාදවල රිද්මය කනට ඇසේ. ගහකොළ ඇළදොළ ආදියෙහි රිද්මය ඇසට පෙනේ. ගසක අතුපතර හා මුල් විහිදී යන සැටියෙන් ද අත්තක කොළ පිහිටා ඇති සැටියෙන් ද කොළයක නහර හා දැති පිහිටා ඇති සැටියෙයන් ද මලක පෙති පිහිටා ඇති සැටියෙන් ද මේ රිද්මය වටහා ගත හැකිය.

බෝ ගසක කොළ සුළඟින් සැලෙන විට වායු තරංගවල ඇති රිද්මය අපට ඇසේ. කාන්තාරයෙහි වැලි රැල්ල මෙන් ද සමුද්‍රයෙහි දිය රැල්ල මෙන් ද ඒ රිද්මය සටහන් වේ. සමුද්‍රඝෝෂ වෘත්තය යනු දිය රැල්ලේ රිද්මය සංගීතයට නැගීමකි. තිරිඟිතලය යනු එය චිත්‍රයට නැගීමකි.

ජීවිතය, විශ්වය හා රිද්මය යනු එකක් ම නොවේ දැයි මට සිතේ.”

මහගම සේකර – විශ්වය ගීතයකි (1974, සෞන්දර්ය සඟරාව)

 

#SinhalaGadyaPadyaNirmanayanhiRidmaLakshana #MahagamaSekara #SinhalaPoth #OnlineBooks

Weight 0.636 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සිංහල ගද්‍ය පද්‍ය නිර්මාණයන්හි රිද්ම ලක්ෂණ”

Your email address will not be published. Required fields are marked *