,

සිංහලේ ජාතික සටන්

රු400.00

  • Author : දයාවංශ ජයකොඩි 
  • Publisher : Dayawansha Jayakodi Publisher
  • Six Batch 2019
  • ISBN 978-955-551-717-1
  • 286 Page

Availability: 1 in stock

Author : දයාවංශ ජයකොඩි 

Publisher : Dayawansha Jayakodi Publisher

Six Batch 2019

ISBN 978-955-551-717-1

286 Page

 

මුරසි දිවයිනට පිටමං කරන ලද ඇහැළේපොළ මහ නිලමේගේ සහාය පිණිස ඉංග්‍රීසි පාලකයෝ ප්‍රංශ ජාතික විශ්‍රාමික යුද නිලධරයකු යෙදවූහ. එම ප්‍රංශ ජාතිකයාගේ පෞද්ගලික දින පොතක එය සටහන් අනුව,මේ සිංහල ජන නායකයාගේ සිතුම් පැතුම්වල ස්වභාවය අපට වටහා ගත හැකිය.

කුදු ගැසී සිටි මහ නිළමේ මුරසි සිරකඳවුර තුළ සක්මන් කළේ බිමට යොමා ගත් හිසින් යුතු ව ය. කුදු ගැසීම නිසා මෙසේ සිදුවන බව දැන සිටිය ද ප්‍රංශ ජාතිකයා සරදමට මෙන් මෙසේ ඇසී ය. 

“ දවස පුරාම බිම හෝදිසි කරමින් හොයන්නේ මොනවද නිළමේ… මුකුත් නැතිවෙලා ද? ” 

“ ඔව් මිත්‍රයා… මම මගේ නැතිවී ගිය සිංහල ප්‍රෞඪත්වය හොයනවා ”

මවු බිමේ නිදසහ දෙස බස රැස පිළිබඳ ව පිරීහි ගිය සිතුම් ඇති සිරකරුවකුගෙන් නම් මෙබඳු පිළිතුරක් කිසි කලෙකත් අපේක්ෂා කළ නොහැක්කේ ම ය. 

 

                                                                                    – සිංහල ජාතික සටන් – 195 වන පිටුව –

 

ඉංග්‍රීසි හා ස්වදේශික හමුදාවක් සමග ගමන් කරමින් සිටිය ද මොනවිර කැප්පෙටිපොළ දිසාවගේ ඉංග්‍රීසින්ගේ අණ යටතේ ඔවුනට තවදුරටත් ආවතේව කරමින් සිටීම ජාතිය පාවාදීමක්යැයි හේ සිතුවේ ය. ඌව බලා පැමිණි ඔහු අලුපොත දී තමා පතමින් සිටි කරණම ගැසුවේ ය. නොවැම්බර් 01 වැනිදා හෙතෙම තම හමුදාව සන්තකයේ තිබුණු ඉංග්‍රීසීන්ට අයත් තුවක්කු ඇතුළු සියලු අවි ආයුධ ඉංග්‍රීසි භටයනට බාර දුන්නේ ය. ආපසු මහනුවරට ගොස් සියලු අවි ආයුධ ඉංග්‍රීසි සේනාධිනායකයා වෙත බාර දෙන්නැයි ඔහු ඉංග්‍රීසි භටයන්ට උපදෙස් දුන්නේය. මෙතැන් පටන් අධිරාජ්‍යවාදී සතුරා මුළුමනින් ම සමූලඝාතනය කොට සිංහල දේශයේ ස්වාධීනත්වය යළි දිනා ගැනීමේ මහා සටන අරඹන්නට කැප්පටිපොළ දිසාව මෙහිදී තීන්දු කර ගත්තේ ය. ආයුධ ගෙන ආපසු යන ඉංග්‍රිසි භටයන් අත, මහනුවර සිටින සුදු අණ දෙන්නවුනට හෙතෙම පණිවිඩයක් යැවීය. “ තොපේ තුවක්කු වලින් තොපට වෙඩි තැබීම සිංහල අපට පමණක් නොවේ! මේ තුවක්කු තොපේ ආණ්ඩුකාරයාට බාර දී, ඌවේ දිසාව ඉංග්‍රීසිනට එරෙහිව නැඟී සිටින බව දන්වා සිටිව්! ”

                                                                                                            –   සිංහලේ ජාතික සටන් – 63 වන පිටුව –

 

#SinhaleJathikaSatan #Dayawanshajayakodi #SinhalaPoth #SriLankaweithihasaya

Weight 0.340 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සිංහලේ ජාතික සටන්”

Your email address will not be published. Required fields are marked *