,

සිංහලයෝ

රු350.00

  • Author – සෙනරත් පරණවිතාන 
  • Publisher – සී/ස (පෞද්) විසිදුනු ප්‍රකාශකයෝ
  • Seventh Batch  2017
  • ISBN 955-9170-12-0
  • 62 Pages

Out of stock

Author – සෙනරත් පරණවිතාන 

Publisher – සී/ස (පෞද්) විසිදුනු ප්‍රකාශකයෝ

Seventh Batch  2017

ISBN 955-9170-12-0

62 Pages

මේ වූ කලී අවුරුදු දෙදදහස් පන්සියයක් තුළ අවිච්ඡින්න ව පැවති රාජ පරම්පරාවක් යටතෙහි සාම හා යුද්ධ කාර්යයන්හි යෙදෙමින් විසූ සිංහල වර්ගයා ගේ කථාන්දරයයි. දිවයිනෙහි තැනින් තැන නටබුන් ව දක්නා ලැබෙන මහා ශිලා නිර්මාණයන්ගෙන් පිළිබිඹුවන නවශිලා සංස්කෘතියෙන් ඇරැඹෙන මේ කථාන්දරය එකී සංස්කෘතිය දඹදිවින් සංක්‍රමණය වූ ඉන්දු-ආර්ය ශිෂ්ටාචාරය සමඟ සංකලනය වීම ඔස්සේ දිවෙයි. ඒකී සංකලනය ද ඉන්දු – ආර්ය භාෂාවේ හා ජීවන ක්‍රමයේ ව්‍යාප්තිය ද සිංහල ජාතියේ ආරම්භය සේ ගැනෙයි.

පූර්ණ ශිෂ්ටාචාරයක නටබුන් අතර පුරා තිස් වසරක් පමණ වූ කාලයක් වැඩ කරමින් දිවි ගෙවූ ආචාර්ය සෙනරත් පරණවිතානයෝ සිංහලයන් ගේ උදාර ජීවන කාර්යය සැලසුම් කර ගැනීමට උපස්තම්භක වූ නානාවිධ අංශ දෘශ්‍යමාන සාක්ෂ්‍ය මඟින් මෙහි ලා විස්තර කරති. රඹුක්කන පිහිටි ශිලාමංචකයෙන් පටන් ගෙන අනුරාධපුරයේ හා පොළොන්නරුවේ රූපයන් ගෙන් දක්නා පරිදි සිංහලයා තුළ මල්පලගැන්වී පැවැති සියුම් කැටයම් කලා ෙෙනපුණ්‍යය ද ගල්ලෙන්, වෙහෙර, විහාර ඔස්සේ සීගිරි ලලනාවන් තුළින් නිරූපනය වන රමණීය චිත්‍රකලා කෞෂල්‍යය ද කුළුගන්වමින් කතුවරයා තමනට හුරුපුරුදු සරල සිංහල බසින් කියන මේ කථාන්දරය විශ්ව ඉතිහාසයෙන් ම අසමසම වූ වාරිමාර්ග ක්‍රමයකින් සරුසාර වූ කෙත්වතුවලින් හෙබි රජරට තැනිතලාවේ සිට කෙමන් කඳුරටටත් එතැන් පටන් කුසගින්නේ දොරටුවටත් සිංහලයා පසුබැස ගිය සැටි චමත්කාර ලෙස දක්වයි.

මෙහි පිටවැස්මෙහි  පෙනෙන සෙල්ලිපිය පදවියේ දක්නා ලැබෙයි. එහි පෙළ ද භාවය ද යට දැක්වේ. මේ යුගයේ ජීවත් වන තරුණ සිංහල පරපුරට අතීතයෙන් බිඳක් සිහිපත් කර ගැනීමටත් ඔවුන්ගේ මුතුන්මිත්තන්ගේ කාර්යය සිද්ධීන් අනුගමනය කිරීමටත් මේ ශිලාලිපිය ද පරණවිතානයන්ගේ  මේ කෘතිය ද හේතු වේ වායි පතමු.

               ඉදං ලංකාධිනාථෙන

               ශ්‍රීපරාක්‍රමබාහුනා

               කාරිතං විශ්වලෝකාර්ථ

               කාර්යයව්‍යාපාරිතාත්මනා

මුළු ලොවට වැඩ සැලැස්වීමෙහි තමා යෙදී සිටින ශ්‍රී පරාක්‍රමබාහු ලංකාධිනාථයා විසින් මෙය කරවන ලදී.

               බැන්දැ නීගඟවැවු 

               සිරිලකැ ද කෙත් කරවා

               සියල් දිය රඳවා පැරැ-

               කුම්බානිරිඳු කෙළ මේ

ගංහෝ හරහා ඇනි බඳවා වැව් තනවා සිරිලකැ කෙත් කරවා සියලු දිය රදවා (නොහොත් මුළු මහත් ලොව සතොස් කරවා) පැරකුම්බා නිරිඳු මේ කළේ ය.

#Sinhalayo  #SenarathParanavithana #Sinhalapoth #SriLankaweIthihasaya

Weight 0.190 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සිංහලයෝ”

Your email address will not be published. Required fields are marked *