Author : පී.බී. සේනානායක
Publisher : Tharanga Publishers
First Edition 2020
ISBN 978-955-657-277-3
84 Pages
සූර්යාලෝකය නසාලමින් අන්ධකාරය පරිසරය වසා පැතිරෙන්නට විය. අහසේ පහතින් රොක් වූ වළා ගැබේ අඳුරු පැහැය හා සම්මිශ්ර ව මුහුදු දිය මඩ පැහැයට හැරුණේ ය. හදිසියේ හමන්නට වූ චණ්ඩ මාරුතය කරණකොටගෙන රළ පෙළ උස් ව නැගෙන්නටත් ඔරුව වියළි පරඬලාවක් සෙයින් දිය මත ඔබ මොබ විසිවන්නටත් විය. අඛණ්ඩ ව කොටන විදුලිය අඳුරේ ඒ මේ අත දිව යන රිදී පැහැති යෝධ සර්පයන් රැසක් මෙන් පෙනිණ. අකුණ පිපිරෙන හඬින් ඔවුන්ගේ දෙසවන් පිරී ගියේ ය. ලී නොච් පරයේ ඈත කෙළවරෙහි දිය සීමාවෙන් උස් ව නැගුණු ගල් කුල තමන් ගිල ගැනීමට බලා සිටින විසල් දිය රකුසකු සෙයින් දිස් විය. අකුණු පිපිරීමත් විදුලි කෙටීමත් ක්රමයෙන් දියුණු විය. ඉක්බිති මහ වැස්සක් ආරම්භ වූයේ ය.
#SedaMuhudeWickramaya #PBSenanayake #SinhalaPoth #LamaintaKiyaweemata
Reviews
There are no reviews yet.