Author: මලික් තුසිත ගුණරත්න
Publisher: Sooriya Publishers
First Edition 2021
ISBN 978-624-5638-12-3
342 Pages
මට පහදා ගනු බැරි ආදරේ වදන තුළ ඇති මෙතෙක් මට කියා නොදී සඟව ගත්ත රහස ඔහු දන්නව ඇති එයත් රැගෙන හණික අවොත් දුරු රටට එතෙක් මෙතෙක් දකින අසිරිමත්ම සඳ ඔබ මගෙ මැණික!
මේ මං මගේ ආදරේ වෙනුවෙන් ලිව්ව පළවෙනි කවිය. දැන්වීම් කලාවෙ මං ලියපු දහස් ගණං කවි, ගීත වලට වඩා මට මේක අමිලයි ජයදේව. මං එදා රෑ මේ කවිය එයාට දුන්න. සුපුරුදු විදියට මූණෙ ඇඳුනෙ අර ලස්සන හිනාව විතරයි. මට අත්උදව්වට සේවිකාවක් හිටියත් එදා මං මගේ අත් දෙකින්ම කෝපි හැදුව. එයාට යන්න හිතක් තිබ්බෙම නෑ.අන්තිමට මං කිව්ව දැං රෑ වෙලා යන්න කියල. හෙට එයාපෝට් යන්න මං කැබ් එකට කතා කරල තිබුණ. ඒත් එයා කිව්ව එයාපෝට් යන්න එනව කියල. මං එපාම කිව්ව. ඇහුවෙ නෑ. දරාගෙන ඉන්න බැරිම තැන ලිෆ්ට් එක ළඟදී කවිය දීලා මං ඇහුව ‘මේ සංසාරෙ කොතනකදිවත් අපිට ආදරේ හම්බවෙන එකක් නැද්ද ? ’ කියල. ඒකටත් උත්තරේ අර ලස්සන හිනාව විතරයි. පෙරුම් පුරන බෝසතුන්ටත් ආදරේ හම්බ වෙනව ජයදේව. සිදුහත් කුමාරයත් ආදරේ වින්දා. යසෝදරා ආදරයක් නඩත්තු කරා………
#ShakyaDevi #MalikThusithaGunarathna #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.