, ,

ශ්‍රී ලංකාවේ විශ්‍රාම වැටුප් ක්‍රමය

රු950.00

Author :කේ.ඒ. තිලකරත්න (විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් 2004-2012) 

Publisher : J.K. ලෝ බුක්ස් 

Edition : First Edition 2014

ISBN :978-955-0942-24-4

Pages : 394

 

Out of stock

Author :කේ.ඒ. තිලකරත්න (විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් 2004-2012) 

Publisher : J.K. ලෝ බුක්ස් 

Edition : First Edition 2014

ISBN :978-955-0942-24-4

Pages : 394

 

“ශ්‍රී ලංකාවේ විශ්‍රාම වැටුප් ක්‍රමය” නමින් විෂයානුබද්ධව පළ කෙරෙන මෙකි පාඨ ග්‍රන්ථයෙහි කතුවරයා වන කේ.ඒ. තිලකරත්න මහතා දශක තුනක අත්දැකීම් සහිත කෘතස්ථ පරිපාලන සේවා නිලධාරියෙකි. නියඳගල කණිෂ්ඨ විදුහල හා පන්නිපිටිය විද්‍යාලංකාර පිරිවෙනෙහි මූලික අධ්‍යාපනය ලද ඔහු කොළඹ විශ්වවිද්‍යාලයෙහි ආර්ථික විද්‍යා (විශේෂ) උපාධිධාරියෙකු හා ප්‍රජා සංවර්ධනය පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙකු ද වේ. කරුවලගස්වැව උප දිසාපති වශයෙන් ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක් වු කතුවරයා කැස්බෑව, දෙහිවල හා පානදුර යන කොට්ඨාසයන්හි ප්‍රාදේශිය ලේකම් වශයෙන් ද , ජාතික ළමා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ, අධිකරණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්, බන්ධනාගාර කොමසාරිස්, රේගු අධ්‍යක්ෂ හා ඉඩම් අධ්‍යක්ෂ යනාදී විවිධ තනතුරු දරනු ලැබීය. නවසීලන්තය, එක්සත් රාජධානිය, ස්වීඩනය, අමෙරිකා එක්සත් ජනපදය,ඕස්ට්‍රේලියාව, චීනය, මැලේසියාව හා පිලිපීනය යන රටවල්හි විශ්‍රාම වැටුප් විෂය පිළිබඳ පුහුණුව හා අත්දැකීම් ලැබූ තිලකරත්න  මහතා 2004-2012 කාල පරිච්ජේදය තුළ විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් පදවිය හොබවනු ලැබීය. 

ස්ථිර,විශ්‍රාම වැටුප් සහිත වත්මන් රාජ්‍ය සේවාව මිලියන 1.5 ක් පමණ වේ. දිවයින පුරා විසිරී සිටින විශ්‍රාමික ප්‍රජාව මිලියන භාගය ඉක්මවා ඇත. රාජ්‍ය ආදායමෙන් 10% කට වඩා වැය බරක් දැරීම තුළින්ම මෙම ක්ෂේත්‍රයෙහි ඇති වැදගත්කම මනාව පැහැදිලි වේ. විශ්‍රාම වැටුප් විෂය පිළිබඳව අංගසම්පූර්ණව සිංහලෙන් ලියැවුණු එකම පාඨ ග්‍රන්ථය වන මෙහි අවධානයට යොමු කළ යුතු සියලු කරුණු අන්තර්ගතය. රාජ්‍ය සේවයේ උන්නතිය සඳහා පොත් පත් හා විවිධ ශාස්ත්‍රීය ලිපි නිතර සම්පාදනය කරන තිලකරත්න මහතා වර්තමානයේ අමාත්‍යාංශ ලේකම්වරයෙක් වශයෙන් කටයුතු කරයි. 

#SriLankaweVishramaVetupKramaya#KAThilakarathna

Weight 0.405 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ශ්‍රී ලංකාවේ විශ්‍රාම වැටුප් ක්‍රමය”

Your email address will not be published. Required fields are marked *