Sale!

ලෝක ප්‍රසිද්ධ චරිත කතා එකතුව -1

Original price was: රු1,855.00.Current price is: රු1,763.00.

  • රවින්ද්‍රනාත් තාගෝර් මතක සටහන් + අබ්දුල් කකාම් + ජොසේ මුජිකා + මගේ ආදරණීය තාත්තා ටොල්ස්ටෝයි + මගේ තාත්තා ටොල්ස්ටෝයි + කුෂ්වාන්ට් සිං
  • සාමාන්‍ය මිල – රු. 1855/=
  • අපේ මිල – රු. 1763/=

Out of stock

Category:

රවින්ද්‍රනාත් තාගෝර් මතක සටහන් + අබ්දුල් කකාම් + ජොසේ මුජිකා + මගේ ආදරණීය තාත්තා ටොල්ස්ටෝයි + මගේ තාත්තා ටොල්ස්ටෝයි + කුෂ්වාන්ට් සිං

සාමාන්‍ය මිල – රු. 1855/=

අපේ මිල – රු. 1763/=

ජොසේ  මුජිකා 

Author : සමරසිංහ ගුණසේකර

Publisher : Sunera Publisher

First Edition 2020

ISBN : 978-955-3750-30-3

96 Pages 

 

ඔබ දැන් මේ කියවන්ට යන්නේ මිහිපිට ජීවත්වන අතිශයින්ම දුර්ලභ පරමාදර්ශි චරිතයක් ගැනයි. පුදුමයකට වගේ ඔහු දේශපාලනඥයෙකි. ඔහු රටක ජනාධිපති වූවත් දුප්පත් අතරිනුත් දුප්පතෙකි. එසේ වන්නේ ඔහු තමාගේ වැටුපෙන් 90% දන් දී දිළින්දෙකු ලෙස පිටිසර පළාතක ජීවත්වන නිසාය. බොහෝ චාම්, කෙළින් කතා කරන මේ අපූරු මිනිසා සතුව තිබෙන්නේ අවුරුදු 30 කට වඩා පරණ මෝටර් රථයකි. ඔහු රකින්නට පරිවාර හමුදාවක් නැත. තනියට ඉන්නේ කකුල් තුනේ බල්ලෙකි. ඔහු හමු වීමට ගෙදර ගිය විට ඔහුගේ තේ කෝපය තනිවම හදාගෙන ඔබේ තේ කෝප්පය ද ඔහු හදා දෙයි. ඒ ඔහුට දැසි දැස්සන් නැති නිසා ය.

 

භෞතිකව දුප්පත් වුණත් ඔහු අධ්‍යාත්මිකව පොහොසත් ය. 11 වසරක් තනිවම සිරබත් කෑ ඔහු සිර ගෙදර තනිවම සිටි කාලයේ බොහෝ සිතුවේය. ඒ නිසා ඔහු දුර්ලභ චින්තකයෙකි. දාර්ශනිකයෙකි. ඔහු සිංහල පාඨකයන්ට හඳුන්වා දීමට ලැබීමත් අපි භාග්‍යයක් කොට සලකන්නෙමු. 

 

දැන් ඉතින් ලෝකයේ දුප්පත්ම ජනාධිපති ඌරුගුවේ ජොසේ මුජිකා හමුවන්නැයි අපි ඔබට ඇරයුම් කරමු. 

#JoseMujika #SamarasingheGunasekara #SinhalaPoth #Charithapadana

 

මගේ තාත්තා ටොල්ස්ටෝයි

 

Author : පද්මා ගුණසේකර

Tolstoy Remembered (by Tatyana Tolstoy) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි

Publisher : Sunera Publisher

ISBN : 978-955-0079-03-2

210 Pages

 

ටෝල්ස්ටෝයි දෙවියන් වහන්සේ වැනි යැයි ගෝර්කි අදහස් කළේ ය. ඔහු ගේ අනෙක් සමකාලීනයෝ ඔහු ඇල්ජස් කඳු වැටියටත්, රාජාලියකුටත් උපමා කළ හ. 

 

මෙම කෘතියෙන් ඔහු මනුෂ්‍යයකු බව හැඟවෙයි

#MageThaththaTolstoy #PadmaGunasekara #SinhalaPoth #Charithapadana

 

කුෂ්වාන්ට් සිං 

Author : සමරසිංහ ගුණසේකර 

Publisher : Sunera Publisher

First Edition 2012

ISBN : 978-955-0079-00-1

144 Pages

 

මම අවුරුදු පනහකටත් වැඩි කාලයක් තිස්සේ කුෂ්වාන්ට් සිය නම් අපූරු මිනිසා ලියූ එක පොතක් නොව, ඔහු ලියූ නවකතා, කෙටිකතා, ප්‍රබන්ධ කතා, චරිතාපදාන, විහිලු කතා කියවා රස විඳින්නෙමි, ජීවිතය, තමන් ජීවත්වන ලෝකය, කාමස්වාදය, සුරාව, දේශපාලනය, සහ තමන් ඇසුරු කරන ගැහැනුන් හා මිනිසුන් පිළිබඳව ඔහු දක්වන අදහස් විවෘත ය. නිරවුල් ය, රසවත් ය. එමෙන්ම සඟවන්නට කිසිවක් නැතිකම නිසාදෝ ඔහු නිර්භීත ය. 

 

ඔහු ජීවිතය හා ජීවත්වීම ගැන පමණක් නොව, මරණය ගැන කියන දේවල් ඇසුවාම නිසැක වශයෙන් ඔබ වූවත් සැහැල්ලු සිතින් ජීවත් වී ඒවගේම සැහැල්ලුවෙන් මරණය ද ජීවිතයේ අනිත් ගැටලු ද සතුටෙන් බාර ගන්නට පුරුදු වෙනවා ඇත. 

#KushwanSing #SamarasingheGunasekara #SinhalaPoth #Charithapadana

 

අල්ලපු රටේ විශ්ම කර්මයා අබ්දුල්  කලාම් 

 

Author : වීරංග ගුණසේකර

Publisher : Sunera Publisher

First Edition 2018

ISBN : 978-955-3750-02-0

72 Pages 

 

අබ්දුල් කලාම් නන් පැහැයෙන් විසිතුරු වූ දේදුන්නක් වැනි චරිතයක් ඇති විශ්ම කර්ම මිනිසෙකි. ඔහු ගැන එක් පොතක් ලිවීම දුෂ්කර කරුණකි. ඒ නිසා විද්‍යාඥයෙකු, රාජතාන්ත්‍රිකයෙකු, අධ්‍යාපනඥයෙකු, ලේඛකයෙකු ලෙස ක්ෂේත්‍ර ගණනාවක හරඹ පෑ මේ වියත් ප්‍රාඥයා ගැන පොත් පෙළක් ලියා ප්‍රකාශයට පත් කරන්නට අපි තීරණය කළෙමු. 

 

ඔබ දැන් කියවන්නට යන්නේ එම පොත් පෙළේ මුල් පොතයි. මේ පොත් පත් අබ්දුල් කලාම්ගේ ජීවන චරිතය සැකෙවන් විස්තර කොට අධ්‍යාපනඥයෙකු ලෙස ඔහු ඉටු කළ දැවැන්ත මෙහෙවර විමසා බලන්නට අපි යොවු වෙමු. මේ නිසා මේ පොතේ වැඩිපුර ඇතුළත් වන්නේ අධ්‍යාපනය ගැන මේ මහ චින්තකයා, අධ්‍යාපනඥයා ලොවට හෙළි කළ චින්තකයන් බිඳකි. ඔහු පුායෝගික මිනිසෙකු වූවා සේම ඔහුගේ චින්තනයද ප්‍රායෝගිකයි. ක්‍රියාවට නැඟිය හැකියි. මේ පොතෙන් ඔහු කියා පාන , අධ්‍යාපනය ගැන ඔහු ලියූ බොහෝ දේවල් හා දේශනවලදී දැක්වූ අදහස් අතිශයින්ම ප්‍රායෝගික වන අතර, කවර ළමයෙකුට, ළමයින්ගේ දෙමාපියන්ට, ළමයින්ට උගන්නවන ගුරුවරුන්ට මෙන්ම අධ්‍යාපනය සම්බන්ධ ප්‍රතිපත්ති සම්පාදකයන්ට වූවද ක්‍රියාවට නැඟිය හැකි අදහස් ය. ප්‍රතිපත්ති ය, ක්‍රියාකාරම් ය. 

 

මේ කෘතිය ලියන ලද්දේ, ආචාර්ය අබ්දුල් කලාම් නම් අසමසම මිනිසා ගැන නිරතුරුව හදාරන්නට යොමු වූ, වෘත්තියෙන් පරිගණක විද්‍යා ක්ෂේත්‍රයට සම්බන්ධව සිටින විරංග ගුණසේකර විසිනි. 

#AbdulKalam #VirangaGunasekara #SinhalaPoth #Charithapadana

 

මගේ ආදරණීය තාත්තා ටොල්ස්ටෝයි ( 2 කොටස )

 

Author : පද්මා ගුණසේකර

Tolstoy Remembered (by Tatyana Tolstoy) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි

Publisher : Sunera Publisher

First Edition 2015

ISBN : 978-955-0079-56-8

172 Pages 

 

ටෝල්ස්ටෝයි දෙවියන් වහන්සේ වැනි යැයි ගෝර්කි අදහස් කළේ ය. ඔහු ගේ අනෙක් සමකාලීනයෝ ඔහු ඇල්ජස් කඳු වැටියටත්, රාජාලියකුටත් උපමා කළ හ. 

 

මෙම කෘතියෙන් ඔහු මනුෂ්‍යයකු බව හැඟවෙයි.

#MageAdaraneeyathathaTolstoy #PadmaGunasekara #SinhalaPoth #Charithapadana

 

රවීන්ද්‍රනාත් තාගෝර් මතක සටහන්  

 

Author : පද්ම ගුණසේකර 

TAGORE Reminiscences මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි

Publisher : Sunera Publisher

Second Batch 2009

ISBN : 978-955-0079-06-3

206 Pages

 

පද්ම ගුණසේකර විසින් රවීන්ද්‍රනාත් තාගෝරයන්ගේ ජීවන සටහන් ඇතුළත් මහඟු කෘතිය Reminiscences සිංහල භාෂාවට පරිවර්තනය කර තිබීම බෙහෙවින් වැදගත් ය.

 

තාගෝර් නිර්මාණසම්බන්ධ උනන්දුවක් දක්වන රවීන්ද්‍රනාත් තාගෝර් සුළවතුන් මතු නොව සාහිත්‍ය රසකාමී කවරකුට වූවද රසවත් අත්දැකීම් සමුදායක් එම කෘතියෙන් තම අනුභූතීන්ට එකතු කොට ගත හැකි ය.

 

මුල් කෘතියෙහි ඇතුළත් හර පද්ධති නොසිඳෙන ආකාරයට උපරිම වශයෙන් ඊට  සමීපවිය හැකි සේ එම පරිවර්තන කාර්යය ඉෂ්ට සිද්ධ කොට ඇතැයි පැවසිය හැක්කේ ය. 

 

රවීන්ද්‍රනාත් තාගෝර් අධ්‍යයනය එක් හා තවත් රටක් අතර සංස්කෘතික අධ්‍යයනයකි. ඊට පිටිවහල් වන පසුබිම් මෙම කෘතියෙහි අන්තර්ගත වන්නේ ය. 

#RavindaNaathThagorMathakaSatahan #PadmaGunasekara #SinhalaPoth #Charithapadana

Weight 1.101 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ලෝක ප්‍රසිද්ධ චරිත කතා එකතුව -1”

Your email address will not be published. Required fields are marked *