Author : ගරීයස් සුරනිමල තෙන්නකෝන් මුදලිගේ
Publisher : Sooriya Publishers
First Edition 2016
ISBN 978-955-656-387-0
128 Pages
ලක්දිව පෙර පැවති ඇඳුම් ආයිත්තම් සම්බන්ධව ගැඹුරින් අධ්‍යයනය කරන්නෙකුට බෙහෙවින් ම වැදගත් වන මූලාශ්‍රය ලක්දිව පුරාණ බිතු සිතුවම් ය. ඊට අමතරව පැරණි සංදේශ කාව්‍ය හා දෙස් විදෙස් ලේඛකයන් පෙර පැවැති ජන ජීවිතය ගැන ලියූ පොත් පත් හි එන තොරතුරු විස්තර ද වැදගත් වෙයි. එවැනි විවිධ මූලාශ්‍ර ඇසුරින් ප්රතිනිර්මිත චිත්‍ර සටහන් ඇතුළත් මෙම කෘතිය ලක්දිව පුරාණ ඇඳුම් ආයිත්තම් පිළිබඳව අධ්‍යයනයෙහි යෙදෙන විද්‍යාර්ථීන්ට මෙන්ම ඒ සඳහා උනන්දුවක් ඇති සාමාන්‍ය පාඨකයන්ට ද ප්‍රයෝජනවත් වනු නිසැක ය. පුරාණ ලංකාවේ භාවිත වූ වර්ණවත් කොඩි ඇතුළත් “ ලක්දිව පුරාණ කොඩි ” ග්‍රන්ථය ද, එහි ඉංග්‍රීසි පරිවර්තනය වූ ANCIENT FLAGS OF CEYLON කෘතිය ද “ ලක්දිව බිතුසිතුවම් ” ග්‍රන්ථය ද මේ කතුවරයා විසින් පළකරන ලද ග්රන්ථ වෙයි.
#LakdiwaPuranaAdumAiththam #GareeyasSuranimalaThennakoonMudalige #sinhalaPoth #SriLankaweIthihasaya
Reviews
There are no reviews yet.