Author : ශාන්ත බන්නක
Publisher : Keheliya Publisher
First Edition 2021
ISBN : 978-624-586-50-0-0
256 Pages
දාඨාසේන යෝධයා එලාර දුටුගැමුණු යුද්ධයේදී රුහුණු මාගම බල සේනාව වෙනුවෙන් සුවිශේෂ කාර්ය භාරයක් සිදුකළ අයෙකි. කාවන්තිස්ස යුගයේ සිට අත්දැකීම් බහුල සෙන්පතියෙකු වූ ඔහු දසමහ යෝධයින් කිහිප දෙනෙකුගේම ගුරුවරයෙකි. කල් යත්ම රාජ උදහසට ලක්වන හේ දිව් බේරා ගැනීමට දඹදිවට පැන යයි. ‘ රසවාහිනිය ‘ නම් ධර්ම ග්‍රන්ථයේ සඳහන් අයුරින් ඇතෙකු ලවා පාගවා මරා දැමීමට නියමිතව සිටි දාඨාසේන යෝධයා බුදු සසුනේ පැවිදිව රහත් භවයට සපැමිණි අයෙකි. පෙරලා යළි කිසිදු දිනෙක ලක්දිවට නො පැමිණි හෙතෙම උන්මාදනීය යුධ වියරුවේ සිට වීතරාගයේ අමයුර දක්වා පැමිණි මගත් ඒ හා තදනුබද්ධ වූ යථාර්ථයෙහිද, මායාවෙහිද වෙලී බැඳුනු සිද්ධි දාමයක් ‘ මහේසාක්කිය ‘ නව කථාවට ප්‍රස්තුතය වී.
#MaheSakkiya #ShanthaBannaka #SinhalaPoth
Reviews
There are no reviews yet.