, ,

මඩුවන්වෙල ජනකතා

රු380.00

  • Author : ගුණසේකර ගුණසෝම 
  • Publisher : Sooriya Publishers
  • First Edition 2019
  • ISBN 978-955-656-482-2
  • 127 Pages

Availability: 1 in stock

Author : ගුණසේකර ගුණසෝම 

Publisher : Sooriya Publishers

First Edition 2019

ISBN 978-955-656-482-2

127 Pages

 

රජු හා රාජකීය උරුමය අහිමි වූ ජාතියක් සුද්දන් හා ගැටෙමින් සුද්දන්ට හිතැතිව එහෙත් යම් අභිමානයෙන් පසු වූ මඩුවන්වෙල දිසාව වටා මහත් ගිජුකමකින් ගොඩ නැඟු ප්‍රවාද පසුකාලීනව මඩුවන්වෙල ජනකතා ලෙසින් සම්මත වූ වග පිළිගත හැකි ය. මඩුවන්වෙල වලව්ව, එහි භෞතික හැඩතල, මඩුවන්වෙල දිසාව හා පාලක පුවත් විවිධ කෝණයන් මඟින් අධ්‍යයනය කර ජනගත කිරීම මෑතක සිට සිදුවූයේ ද මඩුවන්වෙල දිසාවට ඉහළ කීර්තියක් අත්කර දෙමින් එයින් සුද්දා පෙළීමට තරම් අභිවන්දනීය මානයක අශ්වාදයක් ලැබීමේ නොතිත් ආශාව හේතුවෙනි.

එහෙත් රාජ්‍ය සම්මානනීය ලේඛක, ප්‍රවීණ ජනශ්‍රැතිවේදී ගුණසේකර ගුණසෝම අත තබන තුරු මඩුවන්වෙල දිසාව ආශ්‍රිත හා ඒ අවට පසුබිම, සමාජ සංස්කෘතික මූලාශ්‍ර වටා ගොඩනැඟී තිබෙන ජනකතා ග්‍රන්ථයක් ලෙස එකතු නොවීම ගැටලුවකි. අනෙක් අතට ජනශ්‍රැතිවේදියෙකුගේ සියුම් පර්යේෂණ ඥානය හඳුනාගැනීමට මෙය වත්මන් විද්‍යාර්ථීන්ට කදිම නිදසුනකි.

#MaduwanwalaJanakatha #GunasekaraGunasoma #SinhalaPoth

 

WhatsApp us