, ,

බුරුම සමය

රු650.00

  • Author : ආනන්ද සෙල්ලහේවා
  • Publisher : Sooriya Publishers
  • Burmese Days (by George Orwell) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • First Batch 2017
  • ISBN 978-955-656-444-0
  • 328 Pages

Out of stock

Author : ආනන්ද සෙල්ලහේවා

Publisher : Sooriya Publishers

Burmese Days (by George Orwell) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි.

First Batch 2017

ISBN 978-955-656-444-0

328 Pages

බ්‍රිතාන්‍ය ලේඛක ජෝර්ජ් ඔ්වල්ගේ Burmese Days නවකතාව මෙසේ “ බුරුම සමය ” නමින් සිංහලට පරිවර්තනය කරන ලද්දේ යටත් විජිත යුගයේ සැබෑ චිත්‍රයක් සිංහල පාඨකයාට මවා ගැනීමට හැකියාවක් ඇති හෙයිනි. ශ්‍රී ලංකාව සේම බුරුමයද බෞද්ධ ශිෂ්ඨාචාරයකින් පෝෂණය වූ වැඩි පිරිසක් බෞද්ධයන් සිටින රටකි. එවකට ඉන්දියානු අධිරාජ්‍යයේ කොටසක්ව පැවති බුරුමයේ බ්‍රිතාන්‍ය පාලනය ජෝර්ජ් ඔ්වල් විසින් ඉතා මැනවින් විස්තර කෙරේ. 

යටත් විජිත සමයේ වසර පහක් පමණ බුරුම රාජකීය පොලිසියේ සේවය කළ ජෝර්ජ් ඔ්වල් බුරුම ජනයා දෙස සානුකම්පිතව බලමින් ඔවුන් කෙරෙහි බ්‍රිතාන්‍ය ජාතීන් වැඩි පිරිසක් දක්වන ආකල්පය ගෙන හැර දක්වයි. එම රටෙහි සම්පත් උපයෝගි කරගෙන ධනය රැස්කරමින් බ්‍රිතාන්‍ය ජාතිකයින් එරට ජනතාවට කරන පහත් පෙළේ සැලකීම ජෝර්ජ් ඔ්වල්ගේ නිබඳ පිළිකුලට භාජනය වෙයි. එමෙන්ම ඇතැම් ස්වදේශීකයන්   තම පෞද්ගලික අභිමථාර්ථ වෙනුවෙන් බ්‍රිතාන්‍ය පාලනය සතුටු කිරීමට දරන ප්‍රයත්නයද පොතෙහි දැක්වේ. එවකට ශ්‍රී ලංකාවේ තත්ත්වය ද මෙයට සමාන වන්නට ඇතැයි සිතිය හැකිය.  

#BurumaSamaya #AnandaSellahewa #Sinhalapoth #Sinhalapariwarhana

Weight 0.375 kg

Reviews

There are no reviews yet.

Be the first to review “බුරුම සමය”

Your email address will not be published. Required fields are marked *