,

බුදු දහමින් පිළිබිඹුවන ඉගැන්විමේ ශිල්පීය ක්‍රම

රු550.00

  • Author: පූජ්‍ය ඇකිරියගල නන්ද හිමි
  • Publisher: Samanthi Publishers
  • First Edition 2021
  • ISBN 978-624-5442-65-2
  • 168 Pages

Out of stock

Author: පූජ්‍ය ඇකිරියගල නන්ද හිමි

Publisher: Samanthi Publishers

First Edition 2021

ISBN 978-624-5442-65-2

168 Pages

 

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඇකිරියගල නන්ද හිමියන් විසින් ලියන ලද බුදු දහමින් පිළිඹිබු වන ඉගැන්වීමේ ශිල්පීය ක්‍රම නමැති ග්‍රන්ථය බෞද්ධ සාහිත්‍යයට එක්වෙන නවතම ග්‍රන්ථය ලෙස හැඳින්විය හැකිය. බුදු දහමත් ඉගැන්වීමේ ශිල්පීය ක්‍රමත් ගැන ග්‍රන්ථ කිහිපයක් ලියැවී ඇතත්, මෙම ශාස්ත්‍රීය ග්‍රන්ථයෙන් ඒවායේ යම් අඩුවක් පැවතියත්, එයත් සැපිරෙන අධ්‍යාපන විද්‍යාව පිළිබඳ වටිනා ග්‍රන්ථයක් බවට හඳුන්වා දිය හැකිය. බුදු දහම අතින් පමනක් නොව අධ්‍යාපන විද්‍යාව අතින් ද මේ ශාස්ත්‍රීය ග්‍රන්ථය වැදගත් වේ. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය ශ්‍රාවක ප්‍රජාවට දේශනා කිරීමේදී පහසුවෙන් අවබෝධ කරවීම සඳහා විවිධ ක්‍රමෝපායන් යොදාගත් ආකාරය ත්‍රිපිටක සාහිත්‍යය තුළ විද්‍යමාන වෙයි. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඇකිරියගල නන්ද ස්වාමීන් වහන්සේ ඒ තැන් මැනවින් විමසා, නූතන අධ්‍යාපන විද්‍යාවත්, අධ්‍යාපන දර්ශනත් ඉගැන්වීමේ ක්‍රමත් තුළනය කරමින් ඉදිරිපත් කොට ඇති අන්දම සිත් ගන්නා සුළු ය.

ඇකිරියගල නන්ද ස්විමීන් වහන්සේ දීර්ඝ කාලීන පළපුරුද්දක් ඇති දක්ෂ විශ්වවිදයාල ආචාර්යවරයෙකි. ශාස්ත්‍රීය ලිපි ලේඛන රැසක් සහ බෞද්ධ දර්ශනය අධ්‍යයනය, පාලි භාෂාව හා සාහිත්‍ය අධ්‍යයන, බෞද්ධ සංස්කෘතික ලේඛන, මධ්‍යම ප්‍රතිපදාව සෛද්ධාන්තික හා ප්‍රායෝගික අංශ පිළිබඳ විමර්ශනයක් යන ග්‍රන්ථ ද ප්‍රකාශයට පත් කොට ඇත. මෙබඳු සුදුසුකම් ඇති මහතෙර නමක්ගෙන් මෙබඳු ග්‍රන්ථයන් බිහිවීම විෂය ක්ෂේත්‍රයට පමණක් නොව පොදු පාඨක ලේඛකයාට ද මහත් උපකාරයකි.

මහාචායර්‍ය කේ. ඒ. වීරසේන                                                                                                                                                          පාලි හා බෞද්ධ අධ්‍යයන අංශය                                                                                                                                                              ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

 

#BuduDahaminPilibibuvanaIganveemeShilpeeyaKrama #AkiriyagalaNandaHimi #SinhalaPoth #OnlineBooks

Weight 0.206 kg

Reviews

There are no reviews yet.

Be the first to review “බුදු දහමින් පිළිබිඹුවන ඉගැන්විමේ ශිල්පීය ක්‍රම”

Your email address will not be published. Required fields are marked *