,

ප්‍රායෝගික මනෝ විශ්ලේෂණය

රු550.00

  • Author : සුගත් කංකානම්ගේ 
  • Publisher : Samanthi Publishers
  • First Edition 2021
  • ISBN 978-624-5442-60-7
  • 160 Pages

Out of stock

Author : සුගත් කංකානම්ගේ 

Publisher : Samanthi Publishers

First Edition 2021

ISBN 978-624-5442-60-7

160 Pages

මානසික ව්‍යාධීන්ගෙන් පෙළෙන සිය රෝගීන් සමඟ දීර්ඝ කාලයක් කටයුතු කිරීමේදී ඔවුන්ගේ මානසික රෝග විෂයයෙහි බලපවත්නා වූ හේතු අනාවරණය කර ගැනීමට සිග්මන් ප්‍රෝයිඩ් සමත් විය. මෙකී හේතු පුද්ගල පෞරුසය හා සමීප ලෙස බැඳී පවතින බව හෙතෙම තව දුරටත් අනාවරණය කර ගත්තේය. මෙවන් රෝගීන් සඳහා වන ප්‍රතිකාර ප්‍රවේශයේදී ඔවුන්ගේ මානසික පීඩාවට අදාළ වන්නාවූ මානසික සාධක අනාවරනය කර ගත යුතු විය. ඒ සඳහා ඔවුන්ගේ මනස වඩාත් ගැඹුරින් විශ්ලේෂණය කළ යුතු වේ. 

පුද්ගල ස්වරූපය නිසි ලෙස හඳුනා ගැනීම සඳහා මනෝ විශ්ලේෂණය බෙහෙවින් ප්‍රයෝජනවත් වේ. මානසික රෝග චිකිත්සාවේදී වෘත්තිකයින් විසින් එය භාවිතයට ගනු ලැබේ. 

මනෝ විශ්ලේෂණය යනු කුමක්ද යන වගත්, එහි ස්වරූපය සහ භාවිතය පිළිබඳවත්, ප්‍රායෝගික වශයෙන් එය උපයෝගි කර ගන්නා ආකාරයත් පිළිබඳව මෙම කෘතියෙහි සවිස්තරාත්මක ලෙස කරුණු අන්තර්ගතය. අත්වැරදීම්, කටවැරදීම්, සිහින, විවිධ වූ කායික චර්යාවන් ආශ්‍රය කර ගනිමින් පුද්ගල අනිවරණය කර ගන්නා ආකාර මෙහි සංගෘහිතය. පුද්ගල මනස සහ ලිංගික ජීවිතය සමඟ පවත්නා වූ දැඩි සම්බන්ධතාවය පිළිබඳවත් එය ඇසුරු කර ගනිමින් මනස විශ්ලේෂණය කර ගනු ලබන ආකාරත් පිළිබඳ තොරතුරු මෙහි සඳහන්ව තිබේ. 

මනෝ විශ්ලේෂණයෙහි ප්‍රායෝගික භාවිතයන් පිළිබඳව සිංහල භාෂාව පරිශීලනය කරනු ලබන පාඨකයින් සඳහා බෙහෙවින් වැදගත් කරුණු මෙහි අන්තර්ගතව තිබේ. 

#PrayogikaManowidyaWishleshanaya #SugathKankanamge #SinhalaPoth

Weight 0.201 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ප්‍රායෝගික මනෝ විශ්ලේෂණය”

Your email address will not be published. Required fields are marked *