, , , ,

පද්ම පාලි – තම පරපුරේ යහපත වෙනුවෙන් සටන් වැදුනු හෙළ යක් පරපුරේ අභීත කාන්තාවකගේ කතාව

රු350.00

  • Author : ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය මානෑවේ විමලරතන හිමි
  • Publisher : Samanthi Book Publishers
  • Secound Batch 2016
  • ISBN 978-955-084-172-1
  • 116 Pages

Out of stock

Author : ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය මානෑවේ විමලරතන හිමි

Publisher : Samanthi Book Publishers

Secound Batch 2016

ISBN 978-955-084-172-1

116 Pages

 

පද්මපාලිය අසාධාරණය වෙනුවෙන් හා තම පරපුරේ යහපත වෙනුවෙන් පර සතුරන් හා සටන් වැදුන අභීත කාන්තාවකි. යුධ ශිල්පය මනාව හැදෑරු ඇය ආත්මාරක්ෂක සටන් ක්‍රමයක් වන නිල පීඩන සටන් ක්‍රමය හා හෙල්ල සටන් ක්‍රමය මනාව හදාරා ඇති තැනැත්තියකි.

බුද්ධ පරිනිර්වාණ සමයේ නීලගිරි දේශයේ හා ගිරි දේශයේ පාලනය භාරව කටයුතු කළ ඇය බෞද්ධ කාන්තාවකි. ඇයගේ සොහොයුරිය වන මහාපාලී කුමරිය (කුවේණී) පැවිදි වූ පසු මීමන කඳුර (මල්වතු ඔය) ප්‍රදේශයේ ආරාමයක් ඉදිකොට මෙහෙණි සස්නේ දියුණුවට කටයුතු කළාය. අවිහිංසාව අගය කළ යක්ෂ ගෝත්‍රිකයෝ සියළුම අභය භූමිවල ආරාම ඉදිකොට එම ආයතන වෛද්‍ය මධ්‍යස්ථාන බවට ද පත් කළහ. පද්ම පාලිය මේ ආරාම හා අභයභූමි පර දේශිකයන්ගෙන් ආරක්ෂා කළාය.

මිණි මිහි දේශයට (ශ්‍රී ලංකාවට) වැඩම කළ බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අසා රහත් ඵලයට පත් කවිලාස අග්නිපාලි මෙහෙණියගේ වැඩිමහල් සොහොයුරාගේ දියණියයි. අතිශයින් රූප සම්පත්තියෙන් හෙබි ඇය අහිංසක කාන්තාවකි. විටෙක අසාධාරණය වෙනුවෙන් දැඩි රෞද්‍ර භාවය ප්‍රදර්ශනය කරන්නී ය. විදේශීය වෙළෙන්දෝ ද ඇයට දැක්වූයේ බය සම්ප්‍රයුක්ත ගෞරවයකි.

 

#PadmaPali #ShasthrapathiPandithaManeweVimalarathanaHimi #SinhalaPoth #OnlineBooks

 

 

Weight 0.148 kg

Reviews

There are no reviews yet.

Be the first to review “පද්ම පාලි – තම පරපුරේ යහපත වෙනුවෙන් සටන් වැදුනු හෙළ යක් පරපුරේ අභීත කාන්තාවකගේ කතාව”

Your email address will not be published. Required fields are marked *