Sale!
, , , ,

නීතිය උගනිමු – 1

Original price was: රු1,300.00.Current price is: රු1,235.00.

  • නීති ප්‍රවේශයට අත්වැලක් + මහනුවර රාජධානියෙහි නීතිය හා අධිකරණය  + ශ්‍රී ලංකාවේ අධිකරණ සහ නීති පද්ධතිය 
  • සාමාන්‍ය මිල – රු. 1300/=
  • අපේ මිල – රු.1235/=

Out of stock

නීති ප්‍රවේශයට අත්වැලක් + මහනුවර රාජධානියෙහි නීතිය හා අධිකරණය  + ශ්‍රී ලංකාවේ අධිකරණ සහ නීති පද්ධතිය 

සාමාන්‍ය මිල – රු. 1300/=

අපේ මිල – රු.1235/=

 

නීති ප්‍රවේශයට අත්වැලක්

Author : ටී.ජයකුමාර්

Publisher : J.K Law Books

Fourth Batch 2019

ISBN : 978-955-98-402-6-6

Pages 232

නීති සාහිත්‍යයට සරළ භාෂා රටාවකින් නව නිර්මාණ හඳුන්වාදීමට සමත් ටී.ජයකුමාර් මහතා විසින් රචිත ‘නීති ප්‍රවේශයට අත්වැලක්’ නමැති මෙම කෘතිය නීති සාහිත්‍යයයේ නිම් වළලු පුළුල් කරමින් එම ක්ෂේත්‍රයේ පැවැති විශාල අඩුපාඩුවක් මඟහැරවීමට ගත් ප්‍රයත්නයකි.

නීති ප්‍රවේශය අතිශයින්ම තරඟකාරි හා ව්‍යාකූල ස්වභාවයක් උසුලන නිසා නීති විද්‍යාල නීති ප්‍රවේශ විභාගය හා එම ක්ෂේත්‍රය ආශ්‍රිතව සිසුන් ක්‍රමාණුකුලව යොමු කිරීමට මඟපෙන්වන අත්පොතක් වශයෙන් මෙය සම්පාදිතය. කොළඹ මහාධිකරණය ඇතුළු ශ්‍රී ලංකාවේ අධිකරණවල සිංහල -දෙමළ -ඉංග්‍රීසි අධිකරණ භාෂණ පරිවර්තක නිලධාරියෙකු ලෙස රාජ්‍ය සේවයේ කලක් ධූර හෙබවූ මෙම කතුවරයා පසුව ජනමාධ්‍ය ක්ෂේත්‍රයට අවතීර්ණව ප්‍රවෘත්ති සංස්කාරකවරයෙකු, පුවත්පත් කතුවරයෙකු ලෙස ක්‍රියා කර ඇත.

සිංහල,ඉංග්‍රීසි,දෙමළ,ඉතාලි,ප්‍රංශ,ජර්මන් යන භාෂා පිළිබඳ දිවුරුම් දුන් භාෂා පරිවර්තකයෙකු වන ඒ මහතා දැනට  ‘JK භාෂා පරිවර්තන ’ ආයතනයේ සභාපතිවරයා සහ කළමනාකාර අධක්ෂකවරයා ලෙස ක්‍රියාකරමින් ශ්‍රී ලංකාවේ පළමුවන ජාත්‍යන්තර භාෂා පරිවර්තක සමාගම ස්ථාපනය කර එය පවත්වාගෙන යයි.

කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය ඩිප්ලෝමාධාරියෙකු වන ජයකුමාර් මහතා, ස්වීඩනයේ කල්මාර් විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය හා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ උසස් ඩිප්ලෝමාධාරියෙක් ද වෙයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භාෂා පරිවර්තන අධ්‍යයනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරියෙකු වන ඒ මහතා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආයතනයේ මානව හිමිකම් ඩිප්ලෝමාධාරියෙක්ද වෙයි. මෙරට අධිකරණ හා නීති ක්ෂේත්‍රයේ පුවත් හා තොරතුරු රැගත් www.skylankanews.com වෙබ් අඩවියේ ප්‍රධාන සංස්කාරකවරයා ලෙස ද ක්‍රියා කරයි.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා, ජනාධිපතිවරණය 2005 ද 2006 ද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව , මූලික අයිතිවාසිකම් සහ ශ්‍රී ලංකාවේ නීතිය , පළාත් මහාධිකරණ ක්‍රියාදාමය සහ ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපළ නීතිය  , ශ්‍රී ලංකාවේ අධිකරණ හා නීති පද්ධතිය , ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ක්‍රමය සහ ජනාධිපතිවරණ පුරාණය යන ග්‍රන්ථ නීති සාහිත්‍යයට හඳුන්වා දුන් ජයකුමාර් මහතාගේ ‘නීති ප්‍රවේශයට අත්වැලක්’ නමැති මෙම කෘතිය සාර්ථක නීති අධ්‍යයන ග්‍රන්ථයක් වේ. උසස් අධ්‍යාපනයෙන් පසු නීති විද්‍යාල නීතිවේදය පිළිබඳ විවිධ අධ්‍යයන හා ඒ හා සබැඳි වෙනත් සියලු විෂය ක්ෂේත්‍ර ව්‍යුහය පිළිබඳ විශ්ලේෂණාත්මක පර්යේෂණ කෘතියක් වන මෙහි ඊට අදාළව සිසුන් යොමුවිය හැකි මාර්ග පිළිබඳ පුළුල් මඟපෙන්වීමක් හා නීති ක්ෂේත්‍රයේ තොරතුරු රැසක් අන්තර්ගතය.

#NeethiPraweshayataAthwelak #TJayakumar #Neethiya # SinhalaBooks

 

මහනුවර රාජධානියෙහි නීතිය හා අධිකරණය  

Author : පී. මනම්පේරි 

Publisher :J.K Law Books

Edition : First Edition 2014

ISBN : 978-955-0942-16-9

Pages : 120

පී.මනම්පේරි මහතා මීට කලින් (1988) “පුරාතන ලංකාවෙහි නීතිය හා අධිකරණය”යන වැදගත් ග්‍රන්ථය රචනා කළේය. එබඳු  ග්‍රන්ථයක් නිසා අපේ පැරණි නීති මූලාශ්‍ර ගැන කරුණු සොයා ගැනීමට තිබූ මාර්ග අවහිරයන් අපට ඉන් ඉවත් කොට ගත හැකි විය. තම පර්යේෂණයන් තව දුරටත් කරගෙන යන ඒ මහතා  “මහනුවර රාජධානියෙහි නීතිය හා අධිකරණය”නැමැති මේ ග්‍රන්ථයෙන් ඒ වැදගත් ශාස්ත්‍රීය සේවය දිගටම ඉටු කරයි.  

මේ ග්‍රන්ථයේදී ලංකාවේ නීති ක්‍රමය පිළිබඳ පසුබිම හඳුන්වා දෙන ඒ මහතා මහනුවර යුගයේ නීති මූලාශ්‍ර ගැන අපට කියාදෙයි. මෙබඳු මූලාශ්‍ර ගැන දැන ගැනීම නීතිය හදාරන නීති ශිෂ්‍යයන්ටත්, අපරාධ විද්‍යාව හා අපරාධ යුක්තිය ඉගෙන ගන්නා අපේ ශිෂ්‍යයන්ටත්, සමාජ විද්‍යාව හා සාහිත්‍යය ඉතිහාසය ආදි වෙනත් විෂයයන් ඉගෙනගන්නා ශිෂ්‍යයන්ටත් එකහෙලා ප්‍රයෝජනවත් වනු නොඅනුමානය. 

අපේ පැරණි නීති ක්‍රමය ගැන කරුණු හදාරන අයට ගම්සභාව, රටසභාව,මහනඩුව වැනි ආයතන ගැන සිංහලෙන් කියවා තොරතුරු ලබා ගැනීමට ඇති ඉඩකඩ සීමා සහිතය. ඊට අමතරව රජු හා ඒ ඒ නිලධාරීන්ගේ  බලතල, නඩු විසඳූ ක්‍රම යනාදිය ගැන පමණක් නොව දඩුවම් ක්‍රම ගැන ද මේ ග්‍රන්ථයේ වෙසෙසින් දැක්වේ. දඬුවම් ක්‍රම පිළිබඳ එකතු කොට ඇති චිත්‍ර නිසා පොතේ අලංකාරය වර්ධනය වී ඇත.

අපේ සිංහල කියවන පාඨකයන්ට මෙබඳු ග්‍රන්ථයක් දැක ගන්නට ලැබෙන්නේ කලාතුරකිනි. මේ ග්‍රන්ථයේ ඇති වටිනා තොරතුරු සිංහලෙන් කියවා ගැනීමට අද වනතුරු මාර්ගයක් තිබුණේ නැත. අපේ රටේ උගතුන් අතින් සිංහල කියවන පාඨකයාගේ ප්‍රයෝජනය උදෙසා එබඳු පතපොත බහුල කළ යුතුය. ඒ අතින් බලන විට පී.මනම්පේරි මහතා සිදු කළා වූ උදාර මෙහෙය අප කාගේත් ප්‍රශංසාවට ලක්කළ යුතුය. අපේ ජාතික ලේඛනාගාරයේ උසස් තනතුරක් දරන ඒ මහතා, තමන්ගේ ඒ වගකීම දරන අතරම, ඉතා වෙහෙස මහන්සි වී මෙබඳු කටයුත්තක යෙදීම ගැන සෑම පාඨකයෙකුගේම ගෞරවය ඒ මහතාට හිමිවිය යුතුය. ඒ මහතා අතින් ඉදිරියේත් මෙවන් වටිනා ග්‍රන්ථ බිහිවේවා! 

-මහාචාර්ය නන්දසේන රත්නපාල –

සමාජ විද්‍යා අධ්‍යයන අංශය

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

ගංගොඩවිල, නුගේගොඩ 

#MahanuwaraRajadhaniyehiNeethiyaHaAdhikaranaya#PManamperi  #MahanuwaraRajadaniyehiNeethiyaHaAdhikaranaya

 

ශ්‍රී ලංකාවේ අධිකරණ සහ නීති පද්ධතිය 

Author :ටී. ජයකුමාර් 

Publisher : J.K. ලෝ බුක්ස්

Edition : First Edition 2016

ISBN :978-955-0942-27-5

Pages : 50

මෙම ග්‍රන්ථයේ සම්පාදක ටී.ජයකුමාර් මහතා නීති සාහිත්‍යයට නිර්මාණ රැසක් දායාද කළ සුවිශේෂී සන්නිවේදකයෙකි.

ජනමාධ්‍යවේදය, භාෂා පරිවර්තනය අධිකරණ ප්‍රවෘත්ති වාර්තාකරණය, ප්‍රවෘත්ති සංස්කරණය හා ග්‍රන්ථ සම්පාදනය ආදී විවිධ ක්ෂේත්‍රවල මනා ක්‍රියාකාරිත්වයක් දැක්වූ ඔහු නීති ක්ෂේත්‍රයට ග්‍රන්ථ රැසක්ම දායාද කළ නිර්මාණශීලි කතුවරයෙකි.

සිංහල, දෙමළ, ඉංග්‍රීසි,ඉතාලි,ප්‍රංශ හා ජර්මන් යන භාෂා පිළිබඳ දිවුරුම් දුන් භාෂා පරිවර්තකයෙකු වන ඒ මහතා දැනට  ‘ජේ.කේ.භාෂා පරිවර්තන ’ ආයතනයේ සභාපතිවරයා සහ කළමනාකාර අධක්ෂවරයා ලෙස ක්‍රියා කරමින් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර භාෂා පරිවර්තක සමාගමක් කොළඹ අලුත්කඩේ ප්‍රදේශයේ පවත්වාගෙන යයි. 

කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය ඩිප්ලෝමාධාරියෙකු වන ඔහු ස්වීඩනයේ කල්මාර් විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය හා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ උසස් ඩිප්ලෝමාධාරියෙක් ද වෙයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භාෂා පරිවර්තන අධ්‍යයනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලාව හදාරා ඇති ඒ මහතා ශ්‍රී ලංකා මානව හිමිකම් ආයතනයේ මානව හිමිකම් ඩිප්ලෝමාධාරියෙක්ද වෙයි. 

ශ්‍රී ලංකාවේ දැනට අධිකරණ සහ නීති ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ප්‍රවෘත්ති වෙබ් සේවාව වන www.skylankanews.com හි ප්‍රධාන සංස්කාරකවරයා ලෙස ද ජයකුමාර් මහතා ක්‍රියා කරයි.

මෙම කෘතිය, නීති විද්‍යාව, දේශපාලන විද්‍යාව හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු පිළිබඳ උනන්දුවක් දක්වන සියලු දෙනාටම පරිශීලනය කළ හැකි අගනා කෘතියකි. 

#SriLankaweAdhikaranaSahaNeethiPaddathiya #TJayakumar

Weight 0.507 kg

Reviews

There are no reviews yet.

Be the first to review “නීතිය උගනිමු – 1”

Your email address will not be published. Required fields are marked *