,

දේව කථාලංකාරය

රු400.00

  • Author : සී. දොන් බස්තියන් ජයවීර
  • Publisher : Nalin Publisher
  • Second Batch 2019
  • ISBN : 978-955-4005-10-5
  • 147 Pages

Out of stock

Author : සී. දොන් බස්තියන් ජයවීර

Publisher : Nalin Publisher

Second Batch 2019

ISBN : 978-955-4005-10-5

147 Pages

 

ග්‍රීක හා රෝම සංස්කෘතීන්ට අයත් වන දේව පද්ධතිය හා බැඳුණු පුරාණෝක්ති රැසක් බටහිර සාහිත්‍යය හා කලා ලෝකය පෝෂණය කළ අතර, භාරතීය සංස්කෘතියට අයත් දේව පද්ධතිය හා බැඳුණු පුරාණෝක්ති කථා රැසක් සංස්කෘත කාව්‍ය නාට්‍ය කලාව පෝෂණය කිරීමෙහි ලා ඉවහල් වී ඇත. සංස්කෘත සාහිත්‍යයට තෝතැන්නක් වූ හින්දු දේව පුරාණයට අයත් කථාන්තර රැසක් එක් රැස් කොට සිහල බසින් පළ කිරීම පිළිබඳ ව පුරෝගාමී නූර්ති නාට්‍ය රචකයකු වන සී. දොන් බස්තියන් ජයවීර ලේඛකයා අප ගේ ගෞරව සම්මානයට පාත්‍ර විය යුතු ය. හින්දු දේව පුරාණයේ ඇතැම් කථාන්තර ග්‍රීක දේව පුරාණයේ කථාන්තර හා සමඟ සසඳා බැලීම උචිත ය. උදාහරණයක් වශයෙන් මෙම              ‘ දේව කථාලංකාරය ‘ කෘතියෙන් ඇතුළත් වන ‘ දේවතා සන්නිපාතය ‘ හා ඕවිඩ් ගේ Metamorphoses කාව්‍යයේ සඳහන් වන ‘ පංචමහාභූතයන් එකිනෙකින් වෙන් කිරීම ‘ (Separation of the Elements) පිළිබඳ කථාන්දරය දැක්විය හැකි ය. පාඨකයා ගේ පරිකල්පනය පෝෂණය කිරීම සඳහා මේ කථාන්දරවලින් සිදු වන්නේ මහඟු සේවයකි.

 

-ආනන්ද අමරසිරි-

 

ප්‍රථම මුද්‍රණයෙන් පසුව විවිධ හේතූන් නිසා නැවත මුද්‍රණය නොකළ ඉතා අගනා පොත් රැසකි. කාලයාගේ වැලි තලාවෙන් වැසියන මේ දුර්ලභ පොත් ඇතැම්විට එම විෂය පිළිබඳ මහඟු මිණිකැට වැන්න. ප්‍රකට නූර්ති නාට්‍ය රචකයකුව සිටි සී. දොන් බස්තියන් ජයවීර මහතාගේ ‘ දේව කථාලංකාරය ‘ එවැනි අගනා මිණි කැටයකි. දේව පුරාණය පිළිබඳ ගැඹුරින් කළ අධ්‍යයනයක් වූ එම කෘති මුලින්ම පළ කර ඇත්තේ 1912 දී ය. අවුරුදු 107 කට පෙර ය. නොව පැරණිය වන රමණි ව්‍යාපෘතිය යටතේ එම දුර්ලභ කෘතිය නැවත මුද්‍රණයෙන් ප්‍රකාශයට පත්කිරීම නිසැක වශයෙන්ම මහඟු සේවාවකි. 

 

#DewakathaLankaraya #CDonBasthiyanJayaweera #SinhalaPoth #SriLankaweIthihasaya

Weight 0.190 kg

Reviews

There are no reviews yet.

Be the first to review “දේව කථාලංකාරය”

Your email address will not be published. Required fields are marked *