, ,

ජවහර්ලාල් නේරු – 1

රු700.00

  • Author : ⁣ලීලානන්ද ගමාච්චි
  • Publisher : Wijesooriya Publisher
  • First Edition 2015
  • ISBN : 978-955-691- 107-7
  • 553 Pages

Out of stock

Author : ⁣ලීලානන්ද ගමාච්චි

Publisher : Wijesooriya Publisher

First Edition 2015

ISBN : 978-955-691- 107-7

553 Pages

ජවහර්ලාල් නේරු තුමා යනු, වර්තමාන ඉන්දියාවේ ඉරණම සහ නූතන ඉතිහාසය සමඟ ආසන්න ලෙස බැඳී ඇති සුවිශේෂ චරිතයෙකි. ඔහු 1934 – 35 කාලයේ බන්ධනාගාරයේ සිටිමින් ලියා ඇති ආත්ම චරිත කථාව, පුද්ගලයකු ගේ කතන්දරයකින් ඔබ්බට ගිය ජාතියක දේශපාලන පිබිදීම සහ ප්‍රබල අධිරාජ්‍යයකට එරෙහි ව කළ මහ අරගලයක් සම්බන්ධ වෘත්තාන්තයෙකි. නවීන සමාජයක් සොයා යෑමේ සහ මහ අතීත උරුමයක් ස්ථානගත කිරීමේ විස්මිත උත්සාහය එහි නිරූපණය වේ.

සුවිශේෂි චාතුර්යයකින් සහ අසාමාන්‍ය අවංක භාවයකින් රචනා කර ඇති මේ කෘතියෙහි ජාතික විමුක්ති ව්‍යාපාරයේ නිරත වූ මහත්මා ගාන්ධි ප්‍රමුඛ උදාර නායකයන් ගේ විස්තර තුළින් කතුරවයා ගේ සුවිශේෂ ප්‍රතිරූපය කැපී පෙනෙයි. ජාතියට ගැඹුරු ආදරයකින් ප්‍රශ්න නඟමින් සත්‍යය සොයා යන ප්‍රජාතන්ත්‍රවාදයට සහ ලෞකික අභිවෘද්ධියට අත්‍යන්තයෙන් කැප වූ අනුපම මහා පුරුෂයකු ඔබට මෙහි හමු වනු ඇත. 

තමන් ලද දුර්ලභ මනුෂ්‍යත්වය තම වර්ගයා ගේ උපරිම යහපතට කැප කරනු කැමැති ඕනෑ ම පුද්ගලයකුට නේරු චරිතය මහා පහන් ටැ⁣ඹෙකි. 

#JawaharlalNehru #LeelanandaGamachchi #SinhalaPoth #Charithapadana

WhatsApp us