Sale!
, , , , , ,

ජන කතා

Original price was: රු1,860.00.Current price is: රු1,767.00.

  • මඟ දිගට ජනකතා + මඟ දිගට ජනකතා – 2 + ගිරුවාපත්තුවේ ජනකතා + මඩුවන්වෙල ජනකතා   
  • සාමාන්‍ය මිල – රු.1860 /=
  • අපේ මිල – රු. 1767/=

Out of stock

මඟ දිගට ජනකතා + මඟ දිගට ජනකතා – 2 + ගිරුවාපත්තුවේ ජනකතා + මඩුවන්වෙල ජනකතා   

සාමාන්‍ය මිල – රු.1860 /=

අපේ මිල – රු. 1767/=

 

මඟ දිගට ජනකතා

Author : ඩී.පී. වික්‍රමසිංහ

Publisher : Sooriya Publishers

Fourth Edition 2011

ISBN 978-955-9348-39-6

320 Pages

මාරස්සන ඩී.පී. වික්‍රමසිංහ මහතා ගම් නියම්ගම්වල රජයේ පාසල් හි මුල් ගුරු පදවි දැරූ කෙනෙකි.තමා සේවයට පත් වී ගිය සෑම පාසලක් ම පිහිටි ගමේත්, අවට ගම්වලත් ‌‌ඓතිහාසික තොරතුරු, ජන විශ්වාස, වෙද හෙදකම් ආදිය පළාත් වාසීන්ගෙන් විමසා සොයා බැලීමත්, එමඟින් සපයා ගත් කරුණු පොතක සටහන් කර තැබීමත්, හේ විනෝදාංශයක් ලෙස පුහුණු කර ගති. කටකතා වලින් මතු වූ ඓතිහාසික කරුණු තහවුරු කරනුවස් පතපොත කියවා කරුණු සෙවීම ද ඒ සමඟම කෙරිණි.

උඩරට, පහතරට, රජරට ආදී සෑම පළාතෙකම තමා සේවය කරන කාලයේ රැස්කර ගත් කරුණු වලින් බිඳක් තමා සේවයෙන් විශ්‍රාමලත් කාලයේ පොතකට නැඟුණු සැටියි මේ. 

මෙම කෘතියෙහි දෙවන කොටසද මඟ දිගට ජනකතා 2 නමින් මුද්‍රණයෙන් නිකුත්ව තිබේ.

#MagaDigataJanakatha #DPWicramasingha #SinhalaPoth

 

මඟ දිගට ජනකතා – 2

Author : ඩී.පී. වික්‍රමසිංහ

Publisher : Sooriya Publishers

Second Edition 2018

ISBN 978-955-8425-22-2

151 Pages

මාරස්සන  ඩී.පී. වික්‍රමසිංහ මහතා ගම් නියම්ගම්වල රජයේ පාසල් හි මුල් ගුරු පදවි දැරූ කෙනෙකි. තමා සේවයට පත් වී ගිය සෑම පාසලක් ම පිහිටි ශමේත්, අවට ගම්වලත් ‌‌ඵෙතිහාසික තොරතුරු, ජන විශ්වාස, වෙද හෙදකම් ආදිය පළාත් වාසීන්ගෙන් විමසා සොයා බැලීමත්, එමඟින් සපයා ගත් කරුණු පොතක සටහන් කර තැබීමත්, හේ විනෝදාංශයක් ලෙස පුහුණු කර ගති. කටකතා වලින් මතු වූ ඵෙතිහාසික කරුණු තහවුරු කරනුවස් පතපොත කියවා කරුණු සෙවීම ද ඒ සමඟම කෙරිණි.

උඩරට, පහතරට, රජරට ආදී සෑම පළාතෙකම සේවය කරන කාලයේ එසේ රැස්කර ගත් කරුණු වලින් බිඳක් තමා සේවයෙන් විශ්‍රාමලත් කාලයේ පොතකට නැඟුණු සැටියි මේ. 

මේ ජනකතා එකතුවේ පළමුවන කොටස මඟ දිගට ජන කතා නමින් මුද්‍රණයෙන් නිකුත්ව ඇති අතර, මඟ දිගට ජනකතා – 2 නමින් මෙසේ පළවන්නේ දෙවන කොටසයි.

#MagaDigataJanakatha2 #DPWicramasingha #SinhalaPoth

 

ගිරුවාපත්තුවේ ජනකතා

Author: රන්ජිත් ඒකනායක

Publisher: Sooriya Publishers

First Edition 2016

ISBN 978-955-656-413-6

86 Pages

ජාතියක නොසිඳී පැවත එන ජනකාව්‍ය පමණක් නොව, කතන්දර හෙවත් ජනකතා ද ජනශ්‍රැති සාහිත්‍යයට ඇතුළත් සාහිත්‍ය අංගයෝ වෙති. ශාස්ත්‍රීය වූ ද නීති රීති නොඉක්ම වූ ද සාහිත්‍ය කෘතීන්ගෙන් ලබන ගැඹුරු රසාස්වාදයට නොදෙවැනි ස්ථානයක් ගැමි පරිසරයේ සෞන්දර්යය හා සිදුවීම් අන්තර්ගත වූ ජනශ්‍රැති සාහිත්‍යයෙන් ද ලැබිය හැකි ය.

ජාතික සංස්කෘතිකාංගයෙන් හා ගැමිවහරින් සුපෝෂිත වූ ජනකතාවට සිංහල ජනශ්‍රැතිය තුළ උසස් තැනක් හිමි වේ. එයට වැදගත්ම හේතුව වන්නේ වියරණ මියර නොසලකා සිතැඟි හා කියමන් ඇසුරින් පොදු පාඨකයාට අවබෝධකර ගත හැකි සේ ගැළපී තිබීමයි. ඉහත සඳහන් කරුණු අනුව විමසා බලන විට රන්ජිත් ඒකනායක විසින් රචිත ගිරුවාපත්තුවේ ජනකතා එකතුව අගනා කතා සංග්‍රහයක් ලෙස හඳුන්වා දිය හැකි ය. ගිරුවා දොළොස්දහස් රට පෙර රජ දවස පටන් විවිධ ජනශ්‍රැතිකාංග නිපදවීමට තෝතැන්නක් වූ සශ්‍රීක භූමියකි. ගිරුවාපත්තුවේ ජනකතාවගේ අව්‍යාජ ජීවන දර්ශනය ඔප්නංවන මේ ජනකතා, ගැමි ජන ජීවිතයේ සොඳුරු තැන් රසවත්ව කියාපායි. ඒ සඳහා කතුවරයා දරා ඇති උත්සාහය අගය කළ යුතු ය.

උපාධිධාරී ගුරුවරයෙකු වන රන්ජිත් ඒකනායක විසින් සම්පාදිත ගිරුවාපත්තුවේ ජනකතා සංග්‍රහය ගැමි සාහිත්‍යයේ රස මුසුතැන් හෙළි කරන ජනශ්‍රැති සාහිත්‍යයට එක් කළ අගනා නිර්මාණයකි. මේ නිසා ගිරුවාපත්තුවේ ජනකතා බාල, තරුණ, මහලු, කාහටත් කියවා රසවිඳිය හැකි හාස්‍යය, උපහාස්‍යය පිරී කතා සංග්‍රහයක් ලෙස අගය කරමි.

 මහාචාර්ය ආනන්ද අබේසිරිවර්ධන

  ප්‍රධාන කර්තෘ, සිංහල ශබ්දකෝෂ කාර්යාලය

#GiruwapaththuweJanakatha #RanjithEkanayake #SinhalaPoth

 

මඩුවන්වෙල ජනකතා   

Author : ගුණසේකර ගුණසෝම 

Publisher : Sooriya Publishers

First Edition 2019

ISBN 978-955-656-482-2

127 Pages

රජු හා රාජකීය උරුමය අහිමි වූ ජාතියක් සුද්දන් හා ගැටෙමින් සුද්දන්ට හිතැතිව එහෙත් යම් අභිමානයෙන් පසු වූ මඩුවන්වෙල දිසාව වටා මහත් ගිජුකමකින් ගොඩ නැඟු ප්‍රවාද පසුකාලීනව මඩුවන්වෙල ජනකතා ලෙසින් සම්මත වූ වග පිළිගත හැකි ය. මඩුවන්වෙල වලව්ව, එහි භෞතික හැඩතල, මඩුවන්වෙල දිසාව හා පාලක පුවත් විවිධ කෝණයන් මඟින් අධ්‍යයනය කර ජනගත කිරීම මෑතක සිට සිදුවූයේ ද මඩුවන්වෙල දිසාවට ඉහළ කීර්තියක් අත්කර දෙමින් එයින් සුද්දා පෙළීමට තරම් අභිවන්දනීය මානයක අශ්වාදයක් ලැබීමේ නොතිත් ආශාව හේතුවෙනි.

එහෙත් රාජ්‍ය සම්මානනීය ලේඛක, ප්‍රවීණ ජනශ්‍රැතිවේදී ගුණසේකර ගුණසෝම අත තබන තුරු මඩුවන්වෙල දිසාව ආශ්‍රිත හා ඒ අවට පසුබිම, සමාජ සංස්කෘතික මූලාශ්‍ර වටා ගොඩනැඟී තිබෙන ජනකතා ග්‍රන්ථයක් ලෙස එකතු නොවීම ගැටලුවකි. අනෙක් අතට ජනශ්‍රැතිවේදියෙකුගේ සියුම් පර්යේෂණ ඥානය හඳුනාගැනීමට මෙය වත්මන් විද්‍යාර්ථීන්ට කදිම නිදසුනකි.

#MaduwanwalaJanakatha #GunasekaraGunasoma #SinhalaPoth

 

Weight 0.820 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ජන කතා”

Your email address will not be published. Required fields are marked *