කෝර්සිකානු සහෝදරයෝ +ටාර්සන් සහ යටගිය අධිරාජ්‍යය
සාමාන්‍ය මිල – රු.900 /=
අපේ මිල – රු. 855 /=
කෝර්සිකානු සහෝදරයෝ
Author : කේ.ජී. කරුණාතිලක
The Corsican Brothers (by Alexandre Dumas) කෘතියේ සිංහල පරිවර්තනයකි.
Publisher : Dayawansa Jayakody Publishers
This Edition 2021
ISBN 955-551-1411
179 Pages
අලෙක්සන්ද්ර දියුමා ශ්‍රේෂ්ඨ ප්‍රන්ස නව කථා කරුවකු මෙන් ම, ශ්‍රේෂ්ඨ නාට්‍ය කරුවෙක් ද වෙයි. මෙය නව කථාවක් වූව ද, ශ්‍රේෂ්ඨ නාට්‍යයකට අයත් සෑම අංගෝපාංගයක් ම මෙහි ගැබ් වී ඇත. පාටකයා ග්‍රහණයට ගනිමින්, පිටුවෙන් පිටුව ත්‍රාසයෙන්, භීතියෙන්, ශෘංගාරයෙන් හා අවිනිශ්චිතතාවෙන් කථාව විකාසනය වන අයුරු ඉතා විස්මය ජනක ය. මෙය නිවුන් සොහොයුරන් දෙ දෙනකුත් වටා ගෙතුණු අතිශය අද්භූත ජනක ප්‍රේම වෘත්තාන්තයකි.
#KorsikanuSahodarayo #KGKarunathilaka #AlexanderDiuma #PariwarthanaNawakatha #Lamaintakiyaweemata
ටාර්සන් සහ යටගිය අධිරාජ්‍යය
Author : ප්‍රභාත් මිරිහාගල්ල
Publisher : Dayawansha Jayakodi Publishers
Edgar Rice Burroughe (by Tarzan And The Lost Empire) කෘතියේ සිංහල පරිවර්තනය
First Edition 2021
ISBN 978-955-686-501-1
295 Pages
සිය මිත්‍රයකුගේ අතුරුදහන් පුත්‍රයා සොයා අප්‍රිකානු මහා වන ගහනයේ ඈත අභ්‍යන්තරයේ සැඟවුණු නිම්නයක් වෙත ගමන් කරන ටාර්සන්ට, කාලයෙන් වැළලී ගිය මහා අධිරාජ්‍යයක් හමු වෙයි. ඒ අධිරාජ්‍යය වනාහි අවුරුදු දහඅට දහසකට පෙර අභාවයට ගිය ඉපැරණි රෝම අධිරාජ්‍යයෙහි ම කොටසක් බව ඔහුට එහි දී දැන ගන්නට ලැබෙයි. එහි පිය තබන ඔ්නෑ ම පිටස්තරයකුට සිය ජීවිතය රැක ගත හැකි වන්නේ, මහා කොලිසියම් රංග භූමියෙහි ප්‍රබල ග්ලැඩියේටර්වරුන් සමඟ හෝ වනචාරීන් සමඟ හෝ දරුණු තිරිසන් සත්ත්වයන් සමඟ හෝ සටන් කර ජය ලැබීමෙන් පමණි. ප්‍රබල ප්‍රචණ්ඩ ටාර්සන්ට සෑම දා ම මෙන් ම මෙවර ද ඒ අභියෝගයන් සියල්ල ජය ගත හැකි වනු ඇත් ද?
වීර වික්‍රමයෙන් ද, ත්‍රාසයෙන් ද, කුතුහලයෙන් ද පිරී එක හුස්මට කියවා ගෙන යා හැකි රස වෑහෙන ප්‍රචන්ඩ වන නව කතාවකි.
සම්පූර්ණ යි; අසංක්ෂිප්ත යි.
#TarzonSahaYatagiyaAdirajya #PrabathMirihagalla #PariwarthanaNawakatha #Lamaintakiyaweemata
Reviews
There are no reviews yet.