,

කාලාවකාශයේ සිරකරුවා

රු1,200.00

  • Author : දමිත් නිපුණජිත් 
  • Publisher : Sooriya Publisher
  • Third Batch 2018
  • ISBN : 978-955-656-365-8
  • 199 Pages

Availability: 2 in stock

Author : දමිත් නිපුණජිත් 

Publisher : Sooriya Publisher

Third Batch 2018

ISBN : 978-955-656-365-8

199 Pages

 

කාලාවකා⁣ශයේ සිරකරුවා හිස මඳක් ඔසවා බැලු විට ඔහුට පෙනී ගියේ ලී ගැබලිති ගල් කෑලි වර්ෂාවක් ඔහු වටා වසිම්න් තිබෙන බවයි. එහෙත් ඒ වැටෙනා දේවලට සිදුවන දෙය ඔහුව පුදුමයට පත් කළේ ය. වැටෙනා සියලු දෙය ඔහු වැතිර හුන් පොළොව මතට වැටුණු සැණින් මීදුමෙන් කළ මතුපිටක් මතට වැටුනාක් මෙන් ඒ තුළ සම්පූර්ණයෙන්ම ගිලී නොපෙනී ගියේ ය. 

 

සංචාරක නියෝජිතයෝ කෙසේ වෙතත් මා ඔහුව දුටු බව හඳුනාගත් සැණින් තඩි හිනාවකින් කට පුරවාගත් මේ චීනා, හීනයේ සිටියදී පවා මා පුදුමයට පත් කරන්නට             ” කරුණාකරලා ඔයා කණ්ණාඩියක් ඉස්සරහ ඉන්න වෙලාවක මාව මතක් කරනවද? “

 

ගෞරවය ” අද මම ඔබව රැගෙන යන්නේ ඒ මාවත් දෙක අතරින්ම විහිදුණු අපූරු මානයක් ඔස්සේයි. ඒ ගමන ඇරඹෙන්නේ බොහෝ දෙනකුට අසන්නට අමතක වූ, බොහෝ දෙනකුගේ සිතට කිසිදාක නොහැගුණු ප්‍රශ්නයක් ඔස්සේයි. “

” පිටසක්වල ජීවීන් යනු අන් කවරකුවත් නොව කාලයාත්‍රිකයන්ම නම්? “

 

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය ලබා ගැනීමෙන් පසුව විද්‍යා සන්නිවේදකයකු ලෙස විදුසර පුවත්පතට සම්බන්ධ වූ දමිත 2010 වසරේ ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය විසින් පිරිනමනු ලබන දිවයිනේ හොඳම විද්‍යා සන්නිවේදකයාට හිමි සම්මානය දිනා ගැනීමට සමත් විය. පරිපාලන සේවා විභාගය සමත් වී ශ්‍රී ලංකා පරිපාලන සේවයට තේරී පත්ව කලක් සහකාර ලේකම්වරයකු ලෙස කටයුතු කළ දමිත පසුව ඉන් ඉවත්ව යෝගාවචරයෙකු ලෙස අධාත්මික ගවේශණයක නිරත විය. ඉන් අනතුරුව නැවතත් විදුසරට සම්බන්ධ වී කරන ලද විද්‍යා සන්නිවේදන කටයුතු වෙනුවෙන් ඔහුට 2015 වසරේදී ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් පිරිනමන වසරේ හොඳම සෞඛ්‍ය විද්‍යා සන්නිවේදකයාට හිමි සම්මානය හිමි විය. ‘ විස්මිත හීන දකින්නා ‘ නමින් පළ වූ ඔහුගේ කුළුදුල් විද්‍යා ප්‍රබනධ කෘතිය 2008 වසරේ හොඳම ස්වතන්ත්‍ර විද්‍යා  ප්‍රබන්ධ කෘතිය සඳහා වූ රාජ්‍ය සම්මානය හිමි කර ගන්නා ලදී. 

 

ලේඛකත්ව හා ජනසන්නිවේදනය පිළිබද සහ රාජ්‍ය පරිපාලනය පිළිබඳ ඩිප්ලෝමාධාරියකු වන දමිත දැනට බෞද්ධ අධ්‍යයනය පිළිබඳ තම ශාස්ත්‍රපති උපාධිය හදාරමින් සිටියි.  

#KalawakashayeSirakaruwa #DamithNipunajith #SinhalaPoth

Weight 0.244 kg

Reviews

There are no reviews yet.

Be the first to review “කාලාවකාශයේ සිරකරුවා”

Your email address will not be published. Required fields are marked *