, ,

එය තවත් දවසකි

රු480.00

  • Author: රංජන් ධර්‍මකීර්ති 
  • Publisher: Sakila Publisher 
  • Third Batch 2017
  • ISBN 978-955-1300-24-1
  • 171 Pages

Availability: 1 in stock

Author: රංජන් ධර්‍මකීර්ති 

Publisher: Sakila Publisher 

Third Batch 2017

ISBN 978-955-1300-24-1

171 Pages

“ නාගරික පහළ මැද පන්තියේ ආර්ථික ගැටලු ගැන විවරණයක යෙදෙන රංජිත් ධර්‍මකීර්ති ගේ ‘ එය තවත් දවසකි ’ නවකතාව, ඔහු ගේ මුල් ම නවකතාව ලෙස අගය කළ හැකි නිර්මාණයකි….. සජීවි ලෙස භාෂාව හැසිරීමෙහි ලා ධර්‍මකීර්ති දැක් වූ දස්කම කදිම ය.                                                                                                                                                                                              ඉතා දක්ෂ නාට්‍ය නිෂ්පාදකයකු ලෙස අප දන්නා ධර්‍මකීත්ති හොඳ නවකතාකරුවකු වීමේ පෙර නිමිති සිය කුළුඳුල් නවකතාව තුළින් පළ කරයි. මේ කෘතිය නවකතා රචකයෙකු ලෙස ඔහු දක්වන අනාගත දක්ෂතාවන් පිළිබඳ ඉඟියකි…”

                                                                              මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ( “ සිළුමිණ ”- 05.12.1979 )

“ ‘එය තවත් දවසකි’ නම් කුළුදුල් නවකතාව පළකිරීමෙන් දැන් ඔහු නවකතා කෂේත්‍රයට බැස ඇත්තේ ද නො අඩු කුසලතා පෙන්වමිනි. පහළ මැද පංතියේ රජයේ සේවකයකුත් ඔහු ගේ බිරිඳත් යන බිරිඳත් යන දෙදෙනා ගේ පවුල් ජිවිතය තුළින් අද්‍යතන සමාජ ක්‍රමයේ බලපවත්නා හර පද්ධතිය හා ආකල්ප විග්‍රහ කිරීම කර්තෘ ගේ අපේක්ෂාවයි. මේ සමාජ ප්‍රවාහයට අසු වී යම්තම් මතුපිට රැඳීමට ප්‍රයන්ත දරන පුද්ගලයන් විඳින අතවර තුළින් පාඨකයාට නව වින්දනයක් ලබාදීමට කර්තෘ සමත් වේ…                                                                                                                                         සමස්තයක් වශයෙන් ගත්කල රංජන් ධර්‍මකීර්ති ගේ “එය තවත් දවසකි” නම් නවකතාව මෑතකදී ලියවුණ අර්ථවත් වූ ද, පාඨකයා ගේ අවධානය යොමු විය යුතු වූ ද හොඳ නිර්මාණයක් බව සඳහන් කරනු කැමැත්තෙමි.” 

                                                                                            මහාචාර්ය ඒ.වී.සුරවීර (“දිනමිණ” – 14.11.1979)    

#EyaThawathDawasaki #RanjithDharmakeerthi #SinhalaPoth #SinhalaNawakatha                                                                                                                        

Weight 0.223 kg

Reviews

There are no reviews yet.

Be the first to review “එය තවත් දවසකි”

Your email address will not be published. Required fields are marked *