,

ආනන්ද මෛත්‍රෙය මහ නාහිමි අවසන් සාකච්ඡා

රු275.00

  • Author : සීසර් සුදුසිංහ
  • Publisher : Sahitha-Poth-Piyasa Publisher 
  • Seventh Batch 2020
  • ISBN 978-955-0822-05-8
  • 114 Pages

Out of stock

Author : සීසර් සුදුසිංහ

Publisher : Sahitha-Poth-Piyasa Publisher 

Seventh Batch 2020

ISBN 978-955-0822-05-8

114 Pages

බුදු දහම විවෘත වන තරමට සඳ මඬල මෙන් බබලයි. සැඟවුණ ගැඹුරු දහම් කරුණු නිවැරැදිව මතු කළ යතිවරු දුලභ වෙති. අග්ග මහා පණ්ඩිත, අභිධජ මහා රට්ඨගුරු බළංගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නායක මාහිමිපාණන් දෙස්, විදෙස් කිත් ලද ඒබඳු  යතිරුවනකි.

බුදු බව පතන බෝධිසත්වයකු බඳු ආනන්ද මෛත්‍රෙය සබැඳි පොත පත අපමණය. එහෙත්, උන්වහන්සේගේ ම අදහස් ඇසුරෙන් පළ වුණ පොත්වල වෙසෙසි බවක් පවතී. ආනන්ද මෛත්‍රෙය මාහිමියන්ගේ වටිනා අදහස් කැටි වූ සාකච්ඡා පුවත්පත් පිටු අතර යට වීමට නොදී මතු කර කෘතියක් ලෙස එළිදැක්වීම විශිෂ්ට ක්‍රියාවකි. මෙහි ඇති වටිනාකම අවබෝධ කරගත් සැදැහැවතුන් මෙමගින් නිසිඵල ලබා ගනු නිසැක ය.

මේ යටතේ, භව ගමන, ස්ත්‍රී – පුරුෂ ජන්මය, කර්මය, නිරෝගී බව, මිසදිටු ආකල්ප, දියුණුවට මග, මරණින් මතු පැවැත්ම, දෙව් බඹුන්, භූතාත්ම, මාර සංකල්පය, සිතේ අසිරිය, මග ඵල ලැබීම හා නිර්වාණ අවබෝධය මෙන්ම සම්බුද්ධ ආශ්චර්ය ආදී මාතෘකා රැසක් ඉතා සරලව පැහැදිලි කර දී තිබේ. 

ප්‍රවීණ මාධ්‍යවේදී, බුදුසරණ කර්තෘ සීසර් සුදුසිංහ මහතා එවකට ආනන්ද මෛත්‍රෙය මහා නාහිමියන් සමඟ ‘බුදුසරණ’ පුවත්පතට කළ මෙම සාකච්ඡා ලිපි පෙළ මිසදිටු අඳුර දුරලන බුද්ධාලෝකයක් විය. උන්වහන්සේ සමග කළ අවසන් සාකච්ඡා ලිපි මාලාව මෙය වීමට ද මෙහි ඇති තවත් විශේෂත්වයකි. එම දහම් ආලෝකය මතු පරපුර වෙත මෙලෙස අගනා කෘතියක් ලෙස තිළිණ කිරීම පිළිබඳව අපි බෙහෙවින් අගය කරමු.

අග්ග මහා පණ්ඩිත, ආචාර්ය                                                                                                                                                                          බෙල්ලන ඤාණවිමල මහා නාහිමි

#AnandaMythreeMahaNahimiAwasanSakachcha #SisarSudusinghe #SinhalaPoth 

Weight 0.255 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ආනන්ද මෛත්‍රෙය මහ නාහිමි අවසන් සාකච්ඡා”

Your email address will not be published. Required fields are marked *