, , , ,

අපරාධය හා දඬුවම 2

රු700.00

  • Author: රන්ජිත් ධර්‍මකීර්ති
  • Crime and Punishment (by Fyodor Dostoevsky) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher: Sakila Publisher 
  • First Edition 2019
  • ISBN 978-955-1300-73-9
  • 284 Pages

Out of stock

Author: රන්ජිත් ධර්‍මකීර්ති

Crime and Punishment (by Fyodor Dostoevsky) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Sakila Publisher 

First Edition 2019

ISBN 978-955-1300-73-9

284 Pages

ෆියදෝර් දොස්තොව්ස්කි වර්ෂ 1866 දී රචනා කළ ‘ අපරාධය හා දඬුවම ’ නවකතාව, අදටත් ඇමරිකාවේ වැඩියෙන් ම කියවන නිර්මාණයක් බව සමීක්ෂණ වාර්තා පෙන්වා දෙයි. ලෝක ධන කුවේර ‘ මයික්‍රොසොෆ්ට් ’ ආයතනයේ නිර්මාතෘ බිල් ගේට්ස් තමා දොස්තොව්ස්කිගේ ‘ අපරාධය හා දඬුවම ’ ඇතුළු සියලු ම නවකතා ඉතා ආශාවෙන් කියවා ඇති බව මැතක දී ප්‍රකාශ කෙළේ ය.

පෙර නීති ශිෂ්‍යයකු වී සිටි, ප්‍රතිභාවෙන් යුත්, රුසියානු ජාතික තරුණයෙකු වන රැස්කොල්නිකොෆ්ගේ ඛේදනීය චරිතයේ අධ්‍යාත්මය, මනෝවිද්‍යාත්කව විවරණය කරන මෙම නවකතාව, එවකට පැවැති නවකතා කලාව උඩු යටිකුරු කිරීමට සමත් විය. එ පමණක් නොව, අදටත් පාඨක විචාරක සංවාදයට භාජන වෙමින් පවතින්නේ එහි ඇති ප්‍රබලත්වය නිසා ම ය. එ සේ ම, විවිධ දෘෂ්ටිකෝණ තුළින් එකල රුසියානු සමාජය හා එහි පීඩනයට හසු වූ චරිත සියුම් ලෙස නිරීක්ෂණය කරමින් හාස්‍යයය හා උත්ප්‍රාසයෙන් යුත්, දැලිපිහියක මුවහත මෙන් තියුණු ප්‍රබල බස්වහරකින් රචනාකර තිබීම මෙම නවකතාවේ විශිෂ්ටත්වය යි. 

2017 වසරේ දී ඔක්ස්ෆඩ් විශ්ව විද්‍යාලීය මුද්‍රණාලය පළ කළ නවතම ඉංග්‍රීසි පරිවර්තනයත් සමඟ දැනට ඉංග්‍රීසි පරිවර්තන පහළොවක් පමණ බිහි වී තිබේ. ප්‍රකට නාට්‍යකරුවකු, ලේඛකයකු හා පරිවර්තකයකු වන රන්ජන් ධර්මකීත්ති, කාණ්ඩ තුනකින් සිංහල පාඨකයා අතට පත් කරන, ‘ අපරාධය හා දඬුවම, ’ මෙහි නවතම සිංහල පරිවර්තනය යි.  

#AparadayaHaDanduwama2 #RanjithDharmakeerthi #SinhalaPoth #SinhalaPariwarhana

Weight 0.330 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අපරාධය හා දඬුවම 2”

Your email address will not be published. Required fields are marked *