Sale!

විදෙස් ආක්‍රමණ බලවේග සහ යාපනයේ ඉතිහාසය + ඉතිහාසය ලංකාව සහ ලෝකය + දේව කථාලංකාරය + සිංහලේ උඩරට රාජ්‍යය ද්‍රවිඩ රාජ්‍යයක් ද?

රු1,796.00

  • විදෙස් ආක්‍රමණ බලවේග සහ යාපනයේ ඉතිහාසය + ඉතිහාසය ලංකාව සහ  ලෝකය + දේව කථාලංකාරය + සිංහලේ උඩරට රාජ්‍යය ද්‍රවිඩ රාජ්‍යයක් ද?
  • සාමාන්‍ය මිල – රු. 1890/=
  • අපේ මිල – රු. 1796/=

Out of stock

Category:

විදෙස් ආක්‍රමණ බලවේග සහ යාපනයේ ඉතිහාසය + ඉතිහාසය ලංකාව සහ  ලෝකය + දේව කථාලංකාරය + සිංහලේ උඩරට රාජ්‍යය ද්‍රවිඩ රාජ්‍යයක් ද?

සාමාන්‍ය මිල – රු. 1890/=

අපේ මිල – රු. 1796/=

සිංහලේ උඩරට රාජ්‍යය ද්‍රවිඩ රාජ්‍යයක් ද? 

Author : කරුණාරත්න ජයසිංහ 

Publisher : Ashirwada Publisher

First Edition 2018

ISBN : 978-955-697-257-3

168 Pages

රාජ්‍ය පාලනය පිළිබඳ අනුරාධපුර යුගයේ සිටම මුල් බැස ගත් රාජ්‍ය පාලන නීති සමුදායක් මේ දිවයිනේ ක්‍රියාත්මක විය. 

උඩරට මහනුවර යුගයේද කවුරු රජ පදවියට පත් වූවත්, රාජ්‍ය පාලනය සිදුවූයේ සිංහලයේ මුල් බැස ගත් උඩරට රාජ නීතිය අනුවය. 

එහෙත් ද්‍රවිඩ රජවරු සිව් දෙනෙක් ලංකාව පාලනය කළ උඩරට ද්‍රවිඩ රාජ්‍යයක් තිබූ බවත්, අපගේ අරමුණ විය යුත්තේ එවැනි රාජ්‍යයක් ලබා ගැනීම බවත් ජාතිවාදී ද්‍රවිඩ දේශපාලඥයන් පවාසා තිබුණි. 

කවුරු කෙසේ කීවත් උඩරට තිබුණේ කොහි තිබූ ද්‍රවිඩ රාජ්‍යයක් ද? 

උඩරට ද්‍රවිඩ රාජ්‍යයක් නොතිබූ බැව් අප සිහි තබා ගැනීම යුගයේ අවශ්‍යතාවයකි. 

#SinhalaUdarataRajyayaDrawidaRajyakda #KarunarathneJayasinghe #SinhalaPoth #SriLankaweIthihasaya

දේව කථාලංකාරය 

Author : සී. දොන් බස්තියන් ජයවීර

Publisher : Nalin Publisher

Second Batch 2019

ISBN : 978-955-4005-10-5

147 Pages

ග්‍රීක හා රෝම සංස්කෘතීන්ට අයත් වන දේව පද්ධතිය හා බැඳුණු පුරාණෝක්ති රැසක් බටහිර සාහිත්‍යය හා කලා ලෝකය පෝෂණය කළ අතර, භාරතීය සංස්කෘතියට අයත් දේව පද්ධතිය හා බැඳුණු පුරාණෝක්ති කථා රැසක් සංස්කෘත කාව්‍ය නාට්‍ය කලාව පෝෂණය කිරීමෙහි ලා ඉවහල් වී ඇත. සංස්කෘත සාහිත්‍යයට තෝතැන්නක් වූ හින්දු දේව පුරාණයට අයත් කථාන්තර රැසක් එක් රැස් කොට සිහල බසින් පළ කිරීම පිළිබඳ ව පුරෝගාමී නූර්ති නාට්‍ය රචකයකු වන සී. දොන් බස්තියන් ජයවීර ලේඛකයා අප ගේ ගෞරව සම්මානයට පාත්‍ර විය යුතු ය. හින්දු දේව පුරාණයේ ඇතැම් කථාන්තර ග්‍රීක දේව පුරාණයේ කථාන්තර හා සමඟ සසඳා බැලීම උචිත ය. උදාහරණයක් වශයෙන් මෙම              ‘ දේව කථාලංකාරය ‘ කෘතියෙන් ඇතුළත් වන ‘ දේවතා සන්නිපාතය ‘ හා ඕවිඩ් ගේ Metamorphoses කාව්‍යයේ සඳහන් වන ‘ පංචමහාභූතයන් එකිනෙකින් වෙන් කිරීම ‘ (Separation of the Elements) පිළිබඳ කථාන්දරය දැක්විය හැකි ය. පාඨකයා ගේ පරිකල්පනය පෝෂණය කිරීම සඳහා මේ කථාන්දරවලින් සිදු වන්නේ මහඟු සේවයකි.

-ආනන්ද අමරසිරි-

 

ප්‍රථම මුද්‍රණයෙන් පසුව විවිධ හේතූන් නිසා නැවත මුද්‍රණය නොකළ ඉතා අගනා පොත් රැසකි. කාලයාගේ වැලි තලාවෙන් වැසියන මේ දුර්ලභ පොත් ඇතැම්විට එම විෂය පිළිබඳ මහඟු මිණිකැට වැන්න. ප්‍රකට නූර්ති නාට්‍ය රචකයකුව සිටි සී. දොන් බස්තියන් ජයවීර මහතාගේ ‘ දේව කථාලංකාරය ‘ එවැනි අගනා මිණි කැටයකි. දේව පුරාණය පිළිබඳ ගැඹුරින් කළ අධ්‍යයනයක් වූ එම කෘති මුලින්ම පළ කර ඇත්තේ 1912 දී ය. අවුරුදු 107 කට පෙර ය. නොව පැරණිය වන රමණි ව්‍යාපෘතිය යටතේ එම දුර්ලභ කෘතිය නැවත මුද්‍රණයෙන් ප්‍රකාශයට පත්කිරීම නිසැක වශයෙන්ම මහඟු සේවාවකි. 

#DewakathaLankaraya #CDonBasthiyanJayaweera #SinhalaPoth #SriLankaweIthihasaya

ඉතිහාසය ලඞකාව සහ ලෝකය 

Author : ඩේවිඩ් හසී, ඇම්. ඒ. මහතා 

Publisher : Nalin Publisher

New Batch 2021

ISBN : 978-955-4005-21-1

315 Pages

අ⁣පගේ ‘ නොව පැරණිය වන රමණිය පොත් පෙළ – අංක 5 ‘ වශයෙන් මෙසේ ඔබ අතට පත් වන්නේ අවුරුදු 91 ක් පැරණි අගනා ග්‍රන්ථයකි.

ඉතිහාසය හා ඉංගිරිසි භාෂාව පිළිබඳ ප්‍රාමාණික උගතෙකුවූ ඩේවිඩ් හසී මැතිතුමා 1923 දී ලංකා විශ්වවිද්‍යාලයේ ඉංගිරිසි භාෂාව පිළිබඳ කඨිකාචාර්යවරයකු ලෙස පත්ව ලංකාවට පැමිණ අනතුරුව මහාචාර්ය ධූරයද හෙබවී ය. එතුමා විසින් ඉංගිරිසියෙන් ලියන ලද Ceylon and World History නම් මාහැඟි ග්‍රන්ථ මාලාව ලංකාණ්ඩුවේ අධ්‍යාපන මණ්ඩලය මඟින් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලදුව 1930 වර්ෂයේදී පළ කරන ලදී. අප විසින් මෙසේ නැවත පළකරන එම අගනා ග්‍රන්ථයේ පළමු කොටසින් ක්‍රි.ව. 1505 දක්වා වූ කාලය ආවරණය වෙයි. 

#IthihasaLankawaSahaLokaya #DavidHassyMA #SinhalaPoth #SriLankaweIthihasaya

 

විදෙස් ආක්‍රමණ බලවේග සහ යාපනයේ ඉතිහාසය

Author : කරුණාරත්න ජයසිංහ 

Publisher : Ashirwada Publisher

Second Batch 2019

ISBN : 978-955-697-145-3

174 Pages

චිරාත් කාලයක පටන් විට බලවත් වූ පෙර අපර දෙදිග විවිධ ජාතීන්ගේ විදේශ ආක්‍රමණයන්ට ගොදුරු වූ මේ රට අවසානයේ බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත් විය. 

අනතුරුව බ්‍රිතාන්‍ය යටත් විජිත පවත්වා⁣ගත නොහැකිව ඔවුන් විසින් නිදහස නැමති ලේබලයක් අලවා යටත් විජිතවල වැසියන්ට ලබා දුන් හිමිකම යහ මගට හරවා ගන්ට සිංහලයාට ඉඩක් නොලැබුණි. 

එයට ඉඩකඩ සලසා ගන්ට නම් ජාතීන් අතර වෛරයකින් තොරව චිරාත් කාලයක සිට ලංකාවේ පැවති ඓතිහාසික තත්ත්වයන් තේරුම්ගෙන ක්‍රියා කළ යුතුය. 

ඒ ගැන අවධානය යොමු කිරීමේ දී මෙහි සඳහන් කරුණු කොතෙක් දුරට වැදගත් වේ දැයි තීරණය කිරීම ඔබ සතුය. 

#WidesAkramanaBalawegaSahaYapanayeIthihasaya #KarunarathnaJayasinghe #SinhalaPoth #SriLankaweIthihasaya

Weight 0.914 kg

Reviews

There are no reviews yet.

Be the first to review “විදෙස් ආක්‍රමණ බලවේග සහ යාපනයේ ඉතිහාසය + ඉතිහාසය ලංකාව සහ ලෝකය + දේව කථාලංකාරය + සිංහලේ උඩරට රාජ්‍යය ද්‍රවිඩ රාජ්‍යයක් ද?”

Your email address will not be published. Required fields are marked *