Sale!
, , ,

මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ ‌පොත් එකතුව 04

රු1,307.00

  • කළුනික සෙවීම + කරුවල ගෙදර + බව තරණය +  විරාගය
  • සාමාන්‍ය මිල – රු.1375/ =
  • අපේ මිල – රු.1307 /=

Out of stock

කළුනික සෙවීම + කරුවල ගෙදර + බව තරණය +  විරාගය

සාමාන්‍ය මිල – රු.1375/ =

අපේ මිල – රු.1307/=

 

කළුනික සෙවීම

Author :  මාර්ටින් වික්‍රමසිංහ

Publisher : Sarasa Publishers

Eleventh Batch 2016

ISBN 978-955-0201-51-8

150 Pages

අනුරාධපුරයෙහි හා  පොළොන්නරුවෙහි නටඹුන් වස්තු අවුරුදු කිහිපයක් තිස්සේ  නැරඹීමෙන් හා විමසීමෙන්  රැස්කරගත් ප්‍රත්‍යක්ෂයන්හි  පිහිටා සිය කල්පනාව හා ප්‍රතිභාව මෙහෙයා මාර්ටින් වික්‍රමසිංහයන් විසින් කළුනික සෙවීම රචනා කොට ඇත. අතීතයේ මෙරට විසූ ක්ෂත්‍රියන්ගේත් පොදු  ජනකායගේත් ජීවිතය හා සමාජය විවරණය කරන මෙම ග්‍රන්තය මගින් පුරාවස්තු අරභයා ද ඉදිරිපත් කරන තොරතුරු සිත් ගන්නා සුළුය.

වික්‍රමසිංහ අපේ අතීතය හැදෑරුවේ නටඹුන් සමාජයක් අණුකරණය කිරීමට රුකුල් දෙන්නට නොව අප සංස්කෘතියේ මුල් බැස ඇති හරයන්  පෙන්වා දී වර්තමාන සමාජය මානව භක්තියෙන් ,ස්වාධීන චින්තනයෙන් හා නොවහල් ජීව ගුණයෙන් පෝෂණය කරනු පිණිසය.

කළුනික සෙවීම නවකතාවක් මෙන් නවතායෙන් කියවා රසවිඳිය හැකි ග්‍රන්තයක්ද වෙයි.

#kalunikaseweema #MartinWickramasinghe #SinhalaPoth #SriLankaweIthihasaya

 

කරුවල ගෙදර

Author : මාර්ටින් වික්‍රමසිංහ

Publisher : Sarasa Publisher 

Twenty One Batch 2020

ISBN 978-955-0201-41-9

204 Pages

“ ‘කරුවල ගෙදර’ දක්වන චරිත හා බලවේග අතුරින් මා සිතට වඩාත් ගොදුරු වූයේ රතුහාමිගේ චරිතයත් කොග්ගල පිළිබඳ සියුම් විස්තරයත් ය. පැරණි කොග්ගල පිළිබඳව කතුවරයාගේ අත්දැකීම් ඔහු තුළ අමරණීයව පවතින බව මෙහි එය නිරූපණය කොට ඇති ආකාරයෙන් පෙනේ. කරුවල ගෙදර නිර්මාණය කිරීමේදී…. බොහෝ සිංහල නවකථාවල දක්නට නොලැබෙන සංයත කලාත්මක භාවයක් කර්තෘ ප්‍රකාශ කරයි. එය කියවීමෙන් එක්තරා ප්‍රමාණයකින් අපේ අත්දැකීම් අර්ථාන්විත බවට පමුණුවයි. ‘රතුහාමිගේ’ චරිතය මහත් ප්‍රතිභාවෙන් ද අනුකම්පාවෙන් ද යුතුව නිර්මාණය කොට ඇත.”

#Karuwalagedara #Martinwickramasinghe #Sinhalapoth

 

බව තරණය

Author : මාර්ටින් වික්‍රමසිංහ 

Publisher : Sarasa Publisher

Twenty Batch 2019

ISBN 978-955-0201-42-6

220 Pages

“ සිදුහත් සිරිතත් බුදු සිරිතත් මෙතරම් තාත්වික අන්දමින් මොනම භාෂාවකින්වත් ලියා ඇතැයි නොසිතමි සිංහල, පාලි, සංස්කෘත, ඉංගිරිසි භාෂාවලින් ලියූ බුද්ධ චරිත හැම එකක්ම වාගේ මම කියවා ඇත්තෙමි. මේ තාත් කිසියම කෙනෙකු කල්පනා නොකළ ආකාරයට සිදුහත් සිරිත මෙහි පිලිබිඹුවන අයුරු ලියා තිබීම ආශ්චර්යජනක ය.. බුද්ධ ධර්මයෙහි ගැඹුරු තැන් දැන ගැනීමට මෙම පොතෙන් ලැබෙන පිටිවහල අපමණ ය. මෙය වෙනත් භාෂාවන්ට ද පරිවර්තනය කොට ලොව පුරා  ප්‍රචාරය කිරීමට අතිශයින්ම සුදුදු ය. බුදු සමයේ හරයත් එකල දඹදිව පැවති ආගම්වල තත්ත්වයත් ජන සමාජයේ තොරතුරුත් බුදු රදුන් ඇති කළ සමාජ පෙරළියත් එක්වර මේ පොත කියවන්නකුට උගත හැකි ය. 

පණ්ඩිත ශාස්ත්‍රපති අකුරැටියේ අමරවංශ නායක මාහිමි

#BawaTharanaya #MartinWickramasinghe #Sinhalapoth 

 

 විරාගය

Author : මාර්ටින් වික්‍රමසිංහ

Publisher : Sarasa Publisher

Thirty Sixth Batch 2020

ISBN 978-955-0201-40-2

209 Pages

ඇතුළු හදටම ඇරුණු සිත් ඇත්තකු වූ අරවින්ද ස්වයං විවේචනයෙන් තම සිතැඟි සියල්ල නොපැකිළිව හෙලි කළ තරුණයෙකු වී ය. ආසාවන් තුනී කරගෙන ජීවත්වන්ට වෑයම් කළ ඔහුට මැඩගත නොහැකි වූයේ ස්ත්‍රීන් නිසා උපන් ආසාව පමණි. සරෝජනීට හා බතීට දුරින් සිට ඔහු ආලය කළේ පොදු ජීවන රටාවන් ඈත්ව ජීවත්වීමට තැන් කළ කෙනෙකු නිසා ය.

අරවින්ද තමාගේ චරිතයෙහි හොඳතැන් මෙන්ම නරක තැන් ද අහුමුළුවල සැඟවුණ අශෝභත ගති ද හෙළි කරන්නේ පාපොච්චාරණයෙන් ආත්ම විශුද්ධිය පතන්නකු ලෙසිනි.

විරාගය ශෝකාන්ත අධ්‍යාත්ම නාටකයකි. 

1956 දී පළ වු මෙම නවකතාව මෙතෙක් සිංහලයෙන් බිහි වූ විශිෂ්ඨතම නවකතාව බව විචාරකයින්ගේ මතය යි. විරාගය දෙමළ, ඉංග්‍රීසි, ප්‍රංශ හා ජපන් භාෂා වලින් ද පළ වී ඇත. 

#Viragaya #MartinWickramasinghe #SinhalaPoth 

 

Weight 0.949 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ ‌පොත් එකතුව 04”

Your email address will not be published. Required fields are marked *