Sale!
,

සරු පස + නැවුම් පස

රු1,359.00

  • සරු පස + නැවුම් පස
  • සාමාන්‍ය මිල – රු.1430 /=
  • අපේ මිල – රු. 1359/=

Out of stock

සරු පස + නැවුම් පස

සාමාන්‍ය මිල – රු.1430 /=

අපේ මිල – රු. 1359/=

සරු පස 

Author : කේ. සී. පෙරේරා / කේ. එන්. රූපසිරි 

Growth of the Soil (by Knut Hamsun) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි

Publisher : Sooriya Publishers

Thurd Batch 2019

ISBN : 978-955-9348-45-0

408 Pages

විශ්ව කීර්තිධර නෝර්වීජියානු ලේඛක ක්නූට් හැම්සුන් විසින් රචිත Growth of the Soil නමැති කෘතිය 1959 වසරේදී ‘ සරු පස ‘ නමින් ප්‍රථම වරට සිංහලෙන් පළ විය. ඒ වූ කලී හැම්සුන්ට නොබෙල් ත්‍යාගය අත්පත් කර දීමට මුල් වූ මහා ගද්‍ය කාව්‍යයයි. 

සුප්‍රකට රුසියානු ලේඛක මැක්සිම් ගෝර්කි විසින් 1923 ජනවාරි 24 වැනි දා ක්නූට් හැම්සූන් වෙත යවන ලද ලිපියක මෙසේ සඳහන් වෙයි.

“……..අද මම Growth of the Soil කියවා අවසාන කළෙමි. ඔබගේ පොත කියවන කාලය තුළ මා විඳි සතුට වෙනුවෙන් උණුසුම් තුති පුදනු වස් ඔබට වදන් කීපයක් ලිපිය යුතු යැයි මට හැඟිණ. මගේ සිත එතරම් ගැඹුරු ලෙස කම්පා කළ කිසිවක් බොහෝ කලකින් මට කියන්නට ලැබී නැත. ඔබ ලියා ඇති දෙය විස්මයජනක අපූර්වත්වයක් උද්වහනය කරයි. මම, ඔබේ පොත, ගැමි දිවිය ආත්ම කොට ගත් රමණීය මහා ගැදි කවක් ලෙස හඳුන්වමි……”

 

#SaruPasa #KCPerera #KNRoopasiri #SinhalaPoth #SinhalaPariwarthana

 

නැවුම් පස

Author : ආනන්ද අමරසිරි 

Virgin Soil (by Turgenev) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි

Publisher : Sooriya Publisher

First Edition 2018

ISBN : 978-955-656-487-7

463 Pages

 

තුර්ගිනිෆ් වර්ෂ 1877 දී ප්‍රකාශයට පත් කළ Virgin Soil නවකථාව මුල් වරට පළ කැරුණේ The Messenger of Europe සඟරාවෙහි ය. ඔහු ගේ දීර්ඝතම හා අවසන් නවකථාව වන්නේ ද Virgin Soil කෘතිය යි. මෙහි දී නිරූපණය කරනු ලබන්නේ 19 වැනි සියවසෙහි අට වැනි දශකයේ හටගත් පොපියුලිස්ට් ව්‍යාපාරය හෙවත් නරෝද්වාදී ව්‍යාපාරයට අයත්, විප්ලවකාරී උගත් තරුණයන් ගේ දේශපාලන ව්‍යාපාරයේ ස්වරූපය යි. එහි අර්ථකථනය අනුව රුසියාදේශයේ බහුතරය ගොවිතැනින් ජීවිත් වූ ගැමියන් වූ බැවින්, ජනතා විප්ලවයක් සඳහා ඔවුන් සංවිධානය කිරීම ඔවුන් ගේ අරමුණු විය. 

#NewumPasa #AnandaAmarasiri #SinhalaPoth #SinhalaPariwarthana

Weight 0.989 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සරු පස + නැවුම් පස”

Your email address will not be published. Required fields are marked *