Sale!
, , , , , , ,

රට සභාව+පැරණි ලක්දිව ගම් සභාව+ජීවත්වීමේ කලාව+පුරාණ ශ්‍රී ලංකාවෙි සුසාන චාරිත්‍ර

Original price was: රු2,200.00.Current price is: රු2,090.00.

  • රට සභාව+පැරණි ලක්දිව ගම් සභාව+ජීවත්වීමේ කලාව+පුරාණ ශ්‍රී ලංකාවෙි සුසාන චාරිත්‍ර
  • සාමාන්‍ය මිල – රු. 2200/=
  • අපේ මිල – රු. 2090/=

Out of stock

රට සභාව+පැරණි ලක්දිව ගම් සභාව+ජීවත්වීමේ කලාව+පුරාණ ශ්‍රී ලංකාවෙි සුසාන චාරිත්‍ර

සාමාන්‍ය මිල – රු. 2200/=

අපේ මිල – රු. 2090/=

 

රට සභාව

 

Author : ලොකුබන්ඩා තිලකරත්න 

Publisher : Sarasavi Publisher 

First Edition 2020

ISBN 978-955-31-1883-7

148 Pages

නුවරකලාවියේ පැරණි ග්‍රාමීය අධිකරණ ක්‍රමයක් ගැන ලියැවුණ රට සභාව හුදෙක් නීතිය හෝ ඉතිහාසය ගැනම ලියවුණ කෘතියක් නොවේ. එහි මහඟුබව, අගය සහ විශ්වාසය රැදෙන්නේ කතුවරයා තම උපන් පරිසරය හා ජීවන රටාවද ඇසුරෙන් ලද අත්දැකීමෙන් මෙය නිමකර ඇති බැවිනි.

මධ්‍යකාලීන යුගයේ සිට පැවති අපේ සමාජ සංස්ථාවක් වූ රට සභාව හෙවත් වරිග සභාව ගැන ලියැවුණ අති විශේෂ හා දුර්ලභ ප්‍රබන්ධයක් වූ මෙය ජනශ්‍රැති හා මානවවිද්‍යා හදාරන සියලු දෙනාම අගේ කළ යුතු ප්‍රයත්නයකි. කතුවරයා මෙම කරුණු හෙළිදරව් කරන්නේ එකල ජනශ්‍රැතිය ගැන ඇති මනා අවබෝධයකිනි. මුඛපරම්පරාවෙන් කෙමෙන් පරිණාමය වන මෙම නීති ව්‍යවස්ථා සමාජ රටාව අනුකූලව හැඩ ගැසෙන ආකාරය රසවත් කතාවක් සේ කියවිය හැකිය. 

ලොකුබන්ඩා තිලකරත්න අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. Echoes of the Millstone: An Ethnographic Account of a Village in Sri Lanka (2015) ඔහුගේ නවතම නිබන්ධය වන අතර University of California, Los Angeles (UCLA) සේවයෙන් පසු 2015 දී විශ්‍රාම ලැබීය. ඔහු සිය බිරිය නිරංජලා සහ දියණිය මිහිරි සමඟ ලොස් ඇන්ජලිස් හි ජීවත් වන අතර මරදන්කල්ල මුල් ගෙදරට පැමිණ ජීවත් වීමට අමතක කරන්නේ ද නැත. 

                                                                                                                                 – හද්‍රජී මහින්ද ජයතිලක –

#RataSabawa #LokubandaThilakarathne #SinhalaPoth #SRiLankaweIthihasaya

 

පැරණි ලක්දිව ගම්සභාව

 

Author : පූජ්‍ය දුනුකේඋල්ලේ සාරානන්ද හිමි

Publisher : Sooriya Publisher 

First Edition 2019

ISBN 978-955-656-545-4

321 Pages

‘පැරණි ලක්දිව ගම්සභා’ නම් මෙම කෘතියෙහි කර්තෘවර ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ බෞද්ධ සංස්කාතිය අධයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය පූජ්‍ය දුනුකේඋල්ලේ සාරාන්ද හිමියන් ප්‍රාචීන භාෂාත්‍රයෙන් රාජකීය පණ්ඩිත උපාධියත්, කැළණි විශ්වවිද්‍යාලයෙන් බෞද්ධ සංස්කෘතිය පිළිබඳ ගෞරව ශාස්ත්‍රවේදී උපාධියත්, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත්, කොළඹ විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාවත්, ශිෂ්‍යත්වයක් ලැබ මධ්‍යම චීන විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියත් දිනාගත් විද්වතෙකි.

ආචාර්ය දුනුකේඋල්ලේ සාරානන්ද හිමයන් ‘ධර්මරුචි සම්ප්‍රදාය හා තදනුබද්ධ බෞද්ධ අධ්‍යාපන ආයතන පිළිබඳ විචාරාත්මක අධ්‍යයනයක්.’ ‘බෞද්ධ ශිෂ්ටාචාර ප්‍රවේශය.’ ‘සමයාන්තර ආගම් තුලනය.’ ‘බෞද්ධ දාර්ශනික ප්‍රස්තුත’ ‘ආසියාවේ බෞද්ධ සංස්කෘතිය’ වැනි සාරගර්භ කෘති රාශියක් මෙන්ම, සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් විවිධ විෂයක්ෂේත්‍ර අළලා ශාස්ත්‍රීය ලිපි ලේඛන රාශියක් ද විද්වත් ලෝකයට දායාද කළ ශාස්ත්‍රඥයෙකි.

උන්වහන්සේගේ නවතම ශාස්ත්‍රීය ව්‍යායාමය වන ‘ පැරණි ලක්දිව ගම්සභා ’ නම් මෙම කෘතිය මගින් ආරම්භයේ සිට පැරණි ලාංකේය රාජ්‍ය පරිපාලන ව්‍යුහයේ ග්‍රාමීය පරිපාලන ඒකකවල සංයුතිය, කාර්යභාරය හා එය ශ්‍රී ලාංකේය බෞද්ධ සංස්කෘතිය පෝෂණය කිරීමෙහිලා කෙසේ බලපෑවේද යනාදී කරුණු ප්‍රාථමික මූලාශ්‍රය ඇසුරු කොට මැනවින් විවරණය කොට තිබේ.

විශ්වවිද්‍යාලයීය ආචාර්යවරයකුගේ කාර්යභාරයේ ප්‍රධාන අංශයක් වන ශාස්ත්‍රීය පර්යේෂණ කාර්යයන් කෙරෙහි නිතැතින්ම යොමු වී කටයුතු කරන ආචාර්ය පූජ්‍ය දුනුකේඋල්ලේ සාරානන්ද හිමියන්ට තව තවත් මෙවැනි ශාස්ත්‍රීය කාර්යයන් සිදු කිරීමට ශක්තිය හා ධෛර්යය ලැබේවායි ආශිංසනය කරමි.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය පූජ්‍ය හෝමාගම ධම්මානන්ද හිමි                                                                                                                                   අංශාධිපති, සමය අධ්‍යයන හා තුලනාත්මක දර්ශනය අධ්‍යයන අංශය.                                                                                                          ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය,                                                                                                                                           හෝමාගම.     

#ParaniLakdiwaGamsaba #DunukeUlleSaranandaHimi #SinhalaPoth #SriLankaweIthihasaya  

 

ජීවත්වීමේ කලාව  

 

Author : සුගුණපාල සමරසේකර

The Art of Living (by Andre Maurois) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher : Sooriya Publishers

Third Edition 2018

ISBN 978-955-9348-32-9

500 Pages

 

ඔබ පෙම්වතකු හෝ පෙම්වතියක නම් පෙම් කිරීමේ කලාව ගැන ද, ඔබ විවාහකයකු නම් පවුල් ජීවිතය පිළිබඳ කලාව ගැන ද, ඔබ වැඩ කරන්නෙකු නම් වැඩ කිරීමේ කලාව ගැන ද, ඔබ නායකයකු නම් නායකත්වයේ කලාව ගැන ද, ඔබ මහළු වියේ පසුවන්නෙකු නම් මහළු වීමේ කලාව ගැන ද, මේ පොතෙහි අපූරු පාඩම් තිබේ. ලොව පුරා මිලියන ගණනක් මිනිසුන් මේ පොත කියවා තිබේ. තව අයට තෑගි කර තිබේ. මිලියන ගණනක් මිනිස්සු දිවි ගමනෙහි මාර්ගෝපදේශකයකු ලෙස නිතුරුව එය ළඟ තබාගෙන සිටිති. ඔබ කුමන තරාතිරමක අයකු වූවත් මේ පොත ඔබට ජීවත් වන සැටි නිසැකව ම පන්වා දෙයි. 

#JeewathweemeKalawa #SugunapalaSamarasekara #SinhalaPoth #SinhalaPariwarthana #SamajaWidyawa

 

පුරාණ ශ්‍රී ලංකාවේ සුසාන චාරිත්‍ර

 

Author : මංගල කටුගම්පොළ

Publisher : Kadulla Publisher 

First Edition 2020

ISBN 978-624-5509-01-0

150 Pages

ආචාර්ය මංගල කටුගම්පොළ 2015 වර්ෂයේදී චීනයේ සීචුආන් විශ්වවිදයාලයෙන්  භූගෝලීය තොරතුරු පද්ධතිය හා ජනාවාස පුරාවිද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය ලබා ගත්තේය.ඔහු සිය අධ්‍යයන කටයුතු වලදී භූගෝලීය තොරතුරු පද්ධති  හා පුරාවිද්‍යාව, ක්ෂේත්‍ර පුරාවිද්‍යාව සහ පුරාවිද්‍යාවේ දෘශ්‍ය මාධ්‍ය යන අංශ කෙරෙහි අවදානය යොමු කර තිබේ. වර්තමානය වන විට ඔහු කැළණිය විශ්වවිද්‍යාලයේ  පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ  අංශ ප්‍රධාන ලෙස කටයුතු කරනු ලබයි.

#PuranaSriLankaweSusanaCharithra #MangalaKatugampola #Sinhalpoth #SriLankaweIthihasaya 

 

 

 

Weight 1.055 kg

Reviews

There are no reviews yet.

Be the first to review “රට සභාව+පැරණි ලක්දිව ගම් සභාව+ජීවත්වීමේ කලාව+පුරාණ ශ්‍රී ලංකාවෙි සුසාන චාරිත්‍ර”

Your email address will not be published. Required fields are marked *