Author : රන්ජිත් ධර්‍මකීර්ති
Publisher : Sakila Publisher
Third Batch 2016
ISBN 978-955-1300-60-9
254 Pages
රුසියානු ජාතික මහා නළු හා නාට්‍ය අධ්‍යක්ෂ කොන්ස්ටාන්ටින් ස්ටැනිස්ලාව්ස්කි ලොව ප්‍රචලිත වූ යථාර්ථවාදී රූපණ කලාව වේදිකාව මත සජීවිකෘත කිරීම සඳහා රූපණ විධික්‍රමයක් ( Method Acting ) ලොවට හඳුන්වා දෙමින් පුරෝගාමී මෙහෙවරක් ඉටු කළේ ය. වර්තමානයේ ද එම රූපණ විධික්‍රමය රුසියාව, එංගලන්තය, ඇමෙරිකාව ඇතුළු ලෝකයේ බොහෝ රටවල නාට්‍ය අභ්‍යාසාගාරවල හා විශ්ව විද්‍යාලවල ප්‍රගුණ කරනු ලැබේ. ඔහුගේ ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් 1963 නොවැම්බර කලාපය කැප කළ ‘ යුනෙස්කො කුර්යර් ’ සඟරාව ඔහු හැඳින්වූයේ ‘ රංග කලාව උඩුයටිකුරු කළ මිනිසා ’ වශයෙනි.
ස්ටැනිස්ලාව්ස්කිගේ රූපණ විධික්‍රමයේ සිද්ධාන්තය හා එය බිහිවීමට පාදක වූ පසුබිම විග්‍රහාත්මක ව විශ්ලේෂණය කෙරෙන මෙම ග්‍රන්ථය නළු නිළියන්ට, අංකුර නාට්‍යකරුවන්ට මෙන් නාට්‍ය ශිල්පායතන, පාසල් හා විශ්වවිද්‍යාලවල නාට්‍ය කලාව අධ්‍යයනය කරන ශිෂ්‍යයින්ට ද අත්වැලක් වනු නො අනුමාන ය.
#StanislaviskiHaOhugeRoopanaVidiKrama #RanjithDharmakeerthi #SinhalaPoth
Reviews
There are no reviews yet.