Sale!
, , , , ,

රාමා කථා මාලාව

රු3,373.00

  • රාමා හමුව + රාමා – 2+ රාමා උයන + රාමා අනාවරණය
  • සාමාන්‍ය මිල – රු.3550 /=
  • අපේ මිල – රු. 3373 /=

Out of stock

රාමා හමුව + රාමා – 2+ රාමා උයන + රාමා අනාවරණය

සාමාන්‍ය මිල – රු. 3550/=

අපේ මිල – රු. 3373/=

 

රාමා හමුව

Author: එස්. එම්. බන්දුසීල

RENDEZVOUS WITH RAMA (by Arthur C Clarke) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: S & T Group

Second Batch 2011

ISBN 978-955-1080- 32-7

206 Pages

 

රාමා – අධික වේගයකින් සූර්යයා වෙත ළං වෙන යෝධ ලෝහමය සිලින්ඩරයකි.

රාමා – මිනිසාට හමුවන ආගන්තුක ශිෂ්ටාචාරයක පළමුවැනි නිෂ්පාදනයයි.

රාමා – තාක්ෂණ විස්මයන්ගෙන් හා කෘත්‍රිම පරිසරයකින් සමන්විත ලෝකයකි.

….2131 දී සෞරග්‍රහ මණ්ඩලය දෙසට එන රාමාගේ අරමුණ කුමක්ද ?

… ඒ තුළ සිටිනුයේ කවුරුන්ද ?… ඔවුන් එන්නේ කුමක් සඳහාද ?

 

#RamaUyana #SMBanduseela #ආතර්සීක්ලාක් #විද්‍යාප්‍රබන්ධ #Vidyaprabanda #Pariwarthana #SinhalaScienceFiction #ArthurCClarke

 

රාමා – 2

Author: එස්. එම්. බන්දුසීල

Rama II (by Arthur C Clarke & Gentry Lee) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: S & T Group

First Edition 2014

ISBN 978-955-1080- 18-1

355 Pages

 

මිනිස් වර්ගයා ගැන කිසිම තැකීමක් නොකළ පළමු වැනි රාමා යානය සෞරග්‍රහ මණ්ඩලයෙක් පිටවී යෑමෙන් අවුරුදු හැත්තෑවකට පසුව දෙවැනි රාමා යානයක් පෘථීවිය දෙසට එන බව සොයා ගැනේ. මිනිසාට වඩා බුද්ධිමත් ජීවීන් විශ්වයේ සිටින බව පැහැදිලිව පෙන්වා දෙන දෙවැනි රාමා යානය ගැන පෘථීවියේ විද්‍යාඥයෝ සහ දාර්ශණිකයෝ විවිධ තර්ක විතර්ක ඉදිරිපත් කරද්දී රාමා – 2 යානය තුළට යන අභ්‍යවකාශගාමීන්ට හමුවන්නේ ඔවුන් කිසිදා අපේක්ෂා නොකළ තාක්ෂණයකි.අභ්‍යවකාශගාමීන් ගණනාවක් අභිරහස් ලෙස මිය යද්දී කණ්ඩායමේ තිදෙනෙක් නියත මරණය හමුවේ  රාමා – 2 රැක ගැනීමේ ව්‍යායාමයක යෙදේ.එහෙත් පෘථීවිය වෙත එන අමුත්තා විනාශ කර දැමීමට තීරණය කිරීමෙන් මිනිස් වර්ගයා තම නොදියුණු ලාමක ස්වභාවය විශ්වයටම ප්‍රදර්ශනය කරයි.මෙය තාක්ෂණය, ආදරය, බුද්ධිය හා මරණය වැනි සංසිද්ධි ගැන වෙනස් කෝණයකින් බැලීමට අප යොමුකරන විද්‍යා ප්‍රබන්ධයකි.

 

#Rama2 #SMBanduseela #ආතර්සීක්ලාක් #විද්‍යාප්‍රබන්ධ #Vidyaprabanda #Pariwarthana #SinhalaScienceFiction #ArthurCClarke #Rama

 

 

රාමා උයන

Author: එස්. එම්. බන්දුසීල

GARDEN OF RAMA (by Arthur C Clarke & Gentry Lee) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: S & T Group

First Edition 2016

ISBN 978-955-1080- 23-5

296 Pages

 

2130 වර්ෂයේ සෞරග්‍රහ මණ්ඩලය තුළට ආ අත්භූත අභ්‍යවකාශ යානය පෘථීවි විද්‍යාඥයින් නම් කළේ රාමා යනුවෙනි. ඉන් අවුරුදු අසූවකට පසු දෙවැනි රාමා යානය එන විට පෘථීවිය ඒ සඳහා සූදානම්ව සිටියත් සියල්ල අවසන් වූයේ අනපේක්ෂිත ලෙසයි.දෙවැනි රාමා යානය සෞරග්‍රහ මණ්ඩලයෙන් නික්ම යන්නේ පිරිමි දෙදෙනෙකු හා ගැහැනියක් ද සමගයි. ඔවුන් තිදෙනා මුහුණ දෙන්නේ කිසිම මනුෂ්‍යයෙක් මෙතෙක් අත් නොදුටු තත්වයකටයි.මානව කේන්ද්‍රීය චින්තනය ඉක්මවා යන අපේ සාරධර්ම හා සදාචාරය විශ්වය පුරාම වලංගු ද යන ප්‍රශ්නය නඟන රාමා උයන, ආතර් සී ක්ලාක්, ජෙන්ට්‍රි ලී සමග ලියු විශිෂ්ට විද්‍යා ප්‍රබන්ධ කතා මාලාවේ තුන්වැනි කොටසයි.

#RamaUyana #SMBanduseela #ආතර්සීක්ලාක් #විද්‍යාප්‍රබන්ධ #Vidyaprabanda #Pariwarthana #SinhalaScienceFiction #ArthurCClarke #Rama

 

රාමා අනාවරණය

Author: එස්. එම්. බන්දුසීල

RAMA REVEALED (by Arthur C. Clarke & Gentry Lee) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: S & T Group

Second Batch 2020

ISBN 978-955-1080- 37-2

326 Pages

 

අනන්ත අප්‍රමාණ තාරක පද්ධති සහිත මුළු මහත් විශ්වයේ ඇති එකම බුද්ධිමත් ජීවියා අප පමණක්ද යන ගැටලුව තවම විසඳී නැතත් මිනිසා ඒ ගැන සෙවීම අතහැර දමා නැත.

අනාගතයේ කවදා හෝ අපට වඩා දියුණු තාක්ෂණයක් සහිත ජීවියෙක් හමු වූවහොත් එය අපේ සිතුම් පැතුම් හා ආකල්ප මත ඇති කරන බලපෑම සුළුපටු නොවේ.

එවැනි ජීවියෙකුගේ සාරධර්ම හා සදාචාරය හා ගැටෙන නොදියුණු මානව කේන්ද්‍රීය චින්තනයේ අනාගතය විමසුමට ලක් කරන රාමා අනාවරණය සිව් ඇඳුතු රාමා කතා මාලාවේ අවසාන ප්‍රබන්ධයයි.

#RamaAnawaranaya #SMBanduseela #ආතර්සීක්ලාක් #විද්‍යාප්‍රබන්ධ #Vidyaprabanda #Pariwarthana #SinhalaScienceFiction #ArthurCClarke

Weight 1.243 kg

Reviews

There are no reviews yet.

Be the first to review “රාමා කථා මාලාව”

Your email address will not be published. Required fields are marked *