Author : තාරකා වාසලමුදලිආරච්චි
Publisher : Sarasavi Publishers
First Edition 2021
ISBN 978-955-31-2428-9
344 Pages
කාසි වලට සිත් නැත .
කාසි වලට ඇස් නැත .
කාසියකට කථා කරන්නටද නොහැක .
කාසියකට මොනවද කරන්න පුළුවන් ?
” ඒත් ඒ මිනිස්සු හිතන හැටි ” රන් කීවේය .
“ඔයා ඇසුරු කරන්න වටින කෙනෙක් ” රිදී කීවාය .
” ඔයා හොඳ කෙනෙක් කියල මටත් හිතෙනවා . මම ඔයාට කැමතියි . “
” ඔයා ඒක කිවුවෙ හරියටම මිනිස්සු කියනවා වගේ” එසේ කියමින් රිදී සිනාසුණාය .
“ කාසියක් කවදාවත් මිනිහෙකුට සමාන කරන්න එපා . මම කාසියක් බව ඇත්ත . ඒත් මට ආත්ම ගෞරවයක් තියෙනවා . මිනිස්සු මොන වගේද කියන්න මම හොඳට දන්නවා . ”
කාසිත් මිනිස්සුත් අතර කාලාන්තරයක් ගැවසී ඇති රන් මිනිසුන්ගේ හැටි හොඳින් හඳුනන්නේය . කාසි වලින් සියලු දේ ගණන් හදන මේ ලෝකය කවදා කෙසේ ඇරඹිණිදැයි රන් නොදනී . එහෙත් ඒ සියලු දෙය නිර්මාණය කරන්නේ මිනිසුන් බව නම් රන් හොඳාකාරවම දනී . තමා විසින්ම නිර්මාණය කරගනු ලබන උගුල් වල නිතරම පැටලෙන මිනිස්සු ඒ ගැන කාට හෝ වරද පවර මිනිසුන් යනු තමා විසින්ම හදාගත් ලෝකවල සිරවී සිය කැමැත්තෙන්ම දුක් විඳින සත්ත්ව කොටසකි . රන්ට අනන්තවත් එසේ සිතී ඇත .
#Kasi #TharakaWasalamudali #NawaKatha
Reviews
There are no reviews yet.