Author: ආරියනන්ද දොඹගහවත්ත
Mao Zedong Man, Not God ( by Quan Yanchi ) කෘතියේ සිංහල පරිවර්තනයකි.
Publisher: Wasana Publishers
First Edition 2018
ISBN 978-955-29-0885-9
359 Pages
” ඔබ මගේ ශරීර ආරක්ෂකයා . ඒක පහළ නිලයක් වුණත් ඉන්නේ ඉහළ තැනක . මේ ඉහළ තැනට ඉතා අනතුරුදායක ලෙස ලෙහෙසියෙන්ම පෞද්ගලික වරප්රසාද ගලා ගෙන එන්න පුළුවනි . ඒ නිසා වඩාත් පරිස්සම් වෙන්න . ඔබ දූෂණයකට සම්බන්ධ නොවුණත් , නාස්තිකාර යමක් කළොත් ඒක මහා අහිතකර දෙයක් . නාස්තිය කියන්නේ දූෂණයේ පළමු පියවරයි . ”
“ යින්කියෝවෝ තමන් ආණ්ඩුවේ සල්ලි ගසා කාලා තියෙනව ද ? “
“නෑ”
” අනාගතයේ කවදා හරි දවසක තමන් එහෙම කරනව ද ? ”
” කවදාවත් නෑ . “
” බොහොම හොඳයි . තමා හරියට අලුතින් වැටුණු හිම වගෙයි . ඒ මාර්ගයේම යන්න . දූෂණයට එරෙහිව සටන් කරන්න . මතුපිටින් සීනි තවරපු පතොරොම් ගන්න එපා . ”
“ මගේ අණ්ඩ දාපු යට ඇඳුම් කාටවත් පේන්නේ නෑ . මට ඒක ප්රශ්නයක් නැත්නම් එච්චරයි . මං ඇඳුම් අඳින්නේ සුළං වැදිලා හමට පීඩා වෙන එක නතර කරන්න විතරයි . අපේ රට දුප්පත්කමේ ගිලිලා තියෙද්දී අපි නාස්තිකාර විදිහට කටයුතු කරලා නරක ආදර්ශයක් දෙන්න හොඳ නෑ . හොඳම දේ ලබා ගන්න නැති තැන බාල දේකට හරි පුරුදු වෙන්න ඕනෑ . රටේ ආර්ථිකය දියුණු වුණහම හොඳ ඇඳුම් අඳින්න පුළුවනි . කොමියුනිස්ට්වාදියෙක් කළ යුත්තේ ලෙහෙසියෙන් කළ නොහැකි දෙයක්.”
#MawoThsethun #AriyandaDobagahawaththa #SinhalaPoth #OnlineBooks #Mawo #Sethun #Deviyek
Reviews
There are no reviews yet.