, ,

කියවන නුවණ – පළමු වන පොත

රු180.00

  • Author – කුමාරතුංග මුනිදාස
  • Publisher – Visidunu Publishers
  • Ninth Batch 2020
  • ISBN 978-955-1741-52-5
  • 50 Pages

Out of stock

Author – කුමාරතුංග මුනිදාස

Publisher – Visidunu Publishers

Ninth Batch 2020

ISBN 978-955-1741-52-5

50 Pages

 

කුමාරතුංග මුනිදාසයන් විසින් ළමා පරපුරේ ඥානාභිවර්ධනය සඳහා රචිත ශික්ෂා මාර්ගය හා කියවන නුවණ සිංහල කියැවීම් පොත් අතර අග්‍රගණ්‍ය ලෙස සැලකේ. එක් එක් වයස් සීමාවට ගැළැපෙන්නට, ළමා පෙළෙහි ජානන පථය පෘථුල වන සේත්, චරිත සංවර්ධනයට තුඩු දෙන සේත් ගොනු කළ කරුණු නිවැරැදි බස් වහරීන් රසවත් ව, ප්‍රාණවත්ව විචිත්‍ර රීතියකින් ලියා තිබීම කියවන නුවණ පොත් පෙළෙහි විශිෂ්ටත්වයට සාධක වෙයි.

කියවන නුවණ – පළමු වන පොත නිර්මාණය කර ඇත්තේ පාසල් ගමන අරඹින දරුවන් ගේ සිතුම්-පැතුම් හා ජීවන චර්යා ඒ යෝධ පියවරට අනුගත වන පරිදි සකසා ගැනීමට, ඒ යෝධ පියවර චමත්කාරජනක අත්දැකීමක් බවට පත් කරගැනීමට, උපයාර් චන පරිද්දෙනි. එහි දී ළමා ලෝකයේ හිතවතුන් වන සතුන් ද ගෙදර-දාරේ, පාසලේ එදිනෙදා ක්‍රියාකාරකම් ද දරුවාට තමා අවට පරිසරය ගැනත් පෙරළා ඒ පරිසරයෙන් ගත හැකි ජීවනාදර්ශ ගැනත් කියාදීමට යොදාගෙන ඇති ආකාරය ලෝකය ගැන මෙන් ම ළමයා ගැන ද කුමාරතුංග මුනිදාස පඬිතුමන් සතු වූ අද්විතීය ඥානයෙහි මහිමය කියාපායි. ඒ හා සමඟම කාක්කා ගේ, වහු පැටියා ගේ, බළලා ගේ, බල්ලා ගේ, කුකුළා ගේ හා ඔරලෝසුවේ, බෙරයේ හඬ ඔස්සේ සිංහල අක්ෂර මාලාවේ හඬ පරාස දරුවාට හුරු කරවන අයුරු විස්මයාවහ වේ.

 

#KiyawanaNuwana #KiyavanaNuvana #KumarathungaMunidasa #SinhalaPoth #OnlineBooks

Weight 0.067 kg

Reviews

There are no reviews yet.

Be the first to review “කියවන නුවණ – පළමු වන පොත”

Your email address will not be published. Required fields are marked *