Author – විමුක්ති සෙව්වන්දි පෙරේරා
Publisher – Wimu Publishers
Third Batch 2019
ISBN 978-955-41491-3-7
232 Pages
දෑසට බර වැඩි කඳුළු බිඳක් දෑසින් මිදී කොපුලෙහි ඉරි අඳින්නට විය. මගේ කඳුළු දැක අපූර්ව මට නාඬන්නැයි නොකීය. හිත රිදෙන්නේය. “ඔයා මට දැන් ආදරේ නෑ අපූර්ව…” “කැමති දෙයක් හිතාගන්න. මම ඔයාගෙ ජිවිතේට ආව මගියෙක් විතරයි.. ගමනාන්තයෙදි මට නතරවෙන්න වෙනවා… එන්න අපි යමු.. ” ” ගමනාන්තයටද..?” “නෑ..මං නිසා නැතිවුණු ඔයාගේ ජීවිතේ… ආයෙත් හොයල දෙන්න ..” “හොයන්න දෙයක් නෑ… මගේ ජීවිතේ ඔයා .” අපූර්ව එතැනින් එහාට කිසිවක් නොකියාම මා ඔහුගේ දෝතට ඔසවා ගත්තේය. දුක දැනෙන දේ කතා කළා වීද හිතට දැනෙනුයේ මහා සහනයකි. ඔහු ඇසුර මට අවැසිය. එහෙත් නොලැබෙන ලෙස මගේ දෛවය කටුක ලෙස ලියවෙමින් තිබේ.
#AdaraneeyaSindarella #AdaraniyaSinderella #VimukthiSewwandiPerera #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.