Sale!
, , , ,

X-Files සිංහල පරිවර්තන එකතුව

Original price was: රු2,250.00.Current price is: රු2,138.00.

  • මායා අග්නි + ස්වාරක්ෂකයෝ + විපරීත මාරුතය
  • සාමාන්‍ය මිල – රු. 2250/=
  • අපේ මිල – රු. 2138/=

Out of stock

මායා අග්නි + ස්වාරක්ෂකයෝ + විපරීත මාරුතය

සාමාන්‍ය මිල – රු. 2250/=

අපේ මිල – රු. 2138/=

 

ස්වාරක්ෂකයෝ

Author: සුදත් රොහාන්

Antibodies (by Kevin J. Anderson) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Sooriya Publishers

First Edition 2020

ISBN 978-955-656-590-4

343 pages

ජෝඩි කෙනසි – මාරාන්තික ලියුකීමියා රෝගය වැළඳී මරණයට දින ගණින දොළොස් හැවිරිදි දරුවෙක්……

‌ෙඩ්විඩ් කෙනසි – සිය දරුවා මරණයෙන් ගළවා ගැනීම පිණිස නැනෝ තාක්ෂණය සහ ඉංජිනේරු ශිල්පයේ ප්‍රතිභාව සම්මිශ්‍රණය කරමින් විප්ලවීය ප්‍රතිකාරයක් සොයා පරීක්ෂණ පවත්වන ජෛව හා රසායන විද්‍යාව පිළාබඳ හසල දැනුමැති විද්‍යාඥයෙක්……

ජෙරමි ඩෝර්මන් – වැරදි ඖෂධ නිදර්ශකයක් ශරීරගත කරගැනීම නිසා ස්පර්ෂ කරන්නන් සියල්ලන්ටම ක්ෂණික මරණයක් දායාද කරන විද්‍යාගාර සහායකයෙක්……

මානව සංහතියේ ගමන් මඟ වෙනස් කරන මේ සුවිශේෂී ප්‍රතිකාරය නිර්මාණය වීම වැළැක්වීම සඳහා ක්‍රියාත්මක වූ ඉහළ පෙළේ කුමන්ත්‍රණයක්……

‌ෙඩ්නා ස්කලි සහ ෆොක්ස් මෝල්ඩර් – මේ සියලු අභිරහස් සොයා සිය නිසඟ හැකියාව මෙහෙයවන එෆ්.බී.අයි නියෝජිතයින් දෙපළක්……

අවසානය කුමක් විය හැකි ද?

මේ ග්‍රන්ථයෙන් ඉහත ප්‍රශ්න සියල්ලටම විසඳුම් ඔබට හමුවෙයි. වෛද්‍ය විද්‍යාවේ අනාගත හැඩරුව, කුමන්ත්‍රණයේ බිහිසුණු බව මෙන්ම තියුණු ඉවක් සහිත මෝල්ඩර් සහ ස්කලි ගේ විශ්මිත පරීක්ෂණ සහ නිරීක්ෂණ හැකියාව පිළිබඳව කදිම විවරණයක් ‘ස්වාරක්ෂකයෝ’ සමඟ ඔබට හමුවෙනු ඇත.

#Swarakshakayo

 

මායා අග්නි

Author: සුදත් රොහාන්

Ruins (by Kevin J. Anderson) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Sooriya Publishers

First Edition 2020

ISBN 978-955-656-580-5

372 pages

ක්‍රිස් කාටර් විසින් අද්‍යක්ෂණය කළ ‘ද එක්ස් ෆයිල්ස්’ මාලා නාටකය ලොව පුරා ප්‍රේක්ෂකයින්ගේ නෙත් සිත් ඇද බැඳගත් විශිෂ්ටතම රූපවාහිනි ටෙලි කථා මාලාවක් ලෙස අවිවාදිත ය.

‘ද එක්ස් ෆයිල්ස්’ රූපවාහිනි මාලා නාටකය විකාශය වීමත් සමඟ එහි සඳහන් චරිත, සිදුවීම් හා පසුබිම යොදා විශේෂිත ග්‍රන්ථ පෙළක් ද රචනා විය. රූපවාහිනි නාට්‍යයට වශී වූ ප්‍රේක්ෂකයා මේ පොත් පෙළටද එක සේ ඇලුම් කළ බව නිගමනය කළ හැක්කේ ඒවා ලොව පුරා පිටපත් මිලියන ගණනින් අලෙවි වීමත් සමඟය.

කෙවින් ජේ. ඇන්ඩර්සන් නම් ලේඛකයා විසින් Ruins නමින් රචනා කරන ලද ඉන් එක් ග්‍රන්ථයක් ‘මායා අග්නි’ යනුවෙන් මෙසේ සිංහලයට පරිවර්තනය වෙයි. රූපවාහිනි තිරයේදී ඔබ දුටු ‘එක්ස් ෆයිල්ස්’ සතුව තිබූ කුතුහලය, වීරත්වය, අද්භූත හැඟීම හා නොසිතූ අවසානය වැනි සියලු ලක්ෂණ මේ ග්‍රන්ථයේදී අඩංගු වන බව සහතික කළ හැකිය.

#mayaAgni

 

විපරීත මාරුතය

Author: සුදත් රොහාන්

Whirl Wind (by Charles L. Grant) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Sooriya Publishers

First Edition 2020

ISBN 978-955-656-602-4

284 pages

වෑන් රථය අසල තිබෙන්නේ මිනිස් මළ සිරුරු බව ඇය හදුනා ගත්තාය. මුහුණ පොළව දෙසට සිටින ලෙස මුනින්තලාව වැතිර හිඳින ඔවුන් ගේ දෑත් සහ දෙපා විකාරරෑපී ආකාරයෙන් විසිර ඇත. මැස්සන් සිය දහස් ගණනක් සිරුරු මත වසා තිබෙන්නේ ඝණ, අඳුරු පැහැ වළාකුළක් පරිද්දෙනි. මළ සිරුරුවලට අඩි පහක් පමණ ඈතින් රාජාලියෙකු සෙමෙන් පියාපත් සලමින් පියාසර කරයි.

මියගොස් සිටින්නේ මිනිසුන් දෙදෙනෙකු බව අනුමාන කළ හැක්කේ මළ සිරුරුවල හැඩයෙන් පමණකි. දැඩිසේ නරක් වී තිබුනද, මැස්සන් රංචු පිටින් ලැගුම් ගෙන සිටියද, දැඩි හිරු එළිය පතිත වී කළු පැහැයට හැරී තිබුණද මළ සිරුරුවල සම ඉවත් කොට තිබූ බව නම් ඇය පැහැදිලිව හඳුනාගත්තාය.

නිව් මෙක්සිකෝවේ ආදිවාසි රතු ඉන්දියානු ජනතාවගේ නිජබිම වන කොනෝචින් අසල කාන්තාර ප්‍රදේශයකදී අභිරහස් මිනිස් ඝාතන වැලක් සිදුවෙයි. මේ ඝාතන පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම සඳහා එහි යන මෝල්ඩර් සහ ස්කලි මුහුණ දෙන්නේ කුමනාකාරයේ විශ්මිත සිදුවීම් සමුදායකට ද? පාරම්පරික විශ්වාස, ඇදහිලි සහ චාරිත්‍ර වාරිත්‍රවලින් හෙළිවන විශ්මිත ශක්තිය කුමක්ද? “විපරිත මාරුතය“ මේ සියලු ගැටළුවලට නිසි පිළිතුරු ඹබ වෙත සපයා දෙයි.

#ViparithaMaruthaya #XFiles #SudathRohan

Weight 1.140 kg

Reviews

There are no reviews yet.

Be the first to review “X-Files සිංහල පරිවර්තන එකතුව”

Your email address will not be published. Required fields are marked *