මෙලින් මැදුරේ පාලිකාව + අභිරහස් ළඳ + සාරාගේ ගෙත්තම්
සාමාන්‍ය මිල – රු. 3930/=
අපේ මිල – රු. 3734/=
මෙලින් මැදුරේ පාලිකාව
Author : ඉ.ක. ජිනදාස
Mistress of Mellyn (by Victoria Holt) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි
Publisher : Sooriya Publisher
First Edition 2020
ISBN : 978-955-656-582-9
364 Pages
තමන්ටම කියා ජීවන මාර්ගයක් නැති කුලකාන්තාවකට විවාහයක් කර ගන්නටත් නොහැකි නම් කළ හැකි එකම දේ වංශවත්, ධනවත් සිටු මැදුරක පාලිකාවන් වශයෙන් හෝ සදාචාරිකාවක් වශයෙන් රැකියාවකට යෑම යැයි ඇඩිලේඩ් නැන්දා මාර්තා ලී ට කීවාය.
ඒ අනුව ඇය කෝන්වෝල්හි මවුන්ට් මෙලින් මැදුරට ආවේ මව නැති, පියාගේ ආදරයක් නැති හිතුවක්කාර කෙල්ලක් බලා ගැනීමට ය. දැරියගේ මව අන් පුරුෂයකු සමඟ පැන යන්නට උත්සාහ කරද්දී මහා දුම්රිය අනතුරකින් දෙදෙනාම පිළිස්සී මිය ගියේ යැයි ප්‍රසිද්ධව තිබුණ ද එසේ මිය ගියේ ඇලිස් යැයි ගමේ බොහෝ දෙනෙක් විශ්වාස කළේ නැත.
ඒත් ඇලිස් ඔබ කොහේද? මාර්තා ලීට ද මේ සිදුවන්නේ කුමක්ද ?
#MelinMadurePalikawa #EKJinadasa #SinhalaPoth #SinhalaPariwarthana
සාරාගේ ගෙත්තම
Author : ඉ.ක. ජිනදාස
Kirkland Revels (by Victoria Holt) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි
Publisher : Sooriya Publisher
First Edition 2018
ISBN : 978-955-656-401-3
376 Pages
කර්ක්ලන්ඩ් දේවස්ථානයේ නටඹුන් අතර රෝවෙල් පරම්පරාවේ ආදිතමයන් විසින් ඉදි කරන ලද සිටු මැදුරක් වැනි විශාල රෙවල්ස් නිවසේ හිමිකරු වන්නට සිටි ගේබියෙල්, කැතරින් කෝඩර් හා විවාහ වී මධු සමයෙන් පසු නිවසට පැමිණ සතියකින් සිය දිවි හානි කර ගනියි. කර්ක්ලන්ඩ් රෙවල්ස් නිවසට උරුමකම් ඇති හැම පිරිමියෙක්ම එසේ දිවි හානි කර ගෙන ඇත්තේ කුමන සාපයක් නිසා ද, කැතරින් ට දරු ගැබක් පිහිටා ඇති බව දැන ගත් කල ඒ සාපය ඇය පසු පස ද හඹා එයි.
#SarageGeththama #EKJinadasa #SinhalaPoth #SinhalaPariwarthana
අභිරහස් ළඳ
Author : ඉ.ක. ජිනදාස
The Secret Women (by Victoria Holt) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි
Publisher : Sooriya Publisher
First Edition 2019
ISBN : 978-955-656-518-8
504 Pages
ඇනා බ්‍රෙට්, විවාහක නැව් කපිතාන්වරයෙකු වූ රෙඩ්වර්ස් සමඟ අසම්මත පෙමක පැටැලෙයි. ඔවුන්ගේ The Serene Lady නෞකාව දකුණු මුහුදේ යාත්‍රා කරන අතරතුර, ඇනා, රෙඩ්වර්ස් සහ නැවේ සෙසු මගීන් අතර ඇතිවන්නේ නොසන්සුසහගත වාතාවරණයකි.
ඉක්බිති අභිරහස් මිනීමැරුමක සහ අමිල දියමන්ති තොගයක් සමඟ විනාශ වූ The Secret Woman නෞකාවේ කතාව හෙළිදරව් වෙයි.
සුකා – ‘ මේ ගල් පර්වතය කියන්නේ අභිරහස් කාන්තාවගේ පුරාවෘතය. එවැනි ස්ත්‍රීන් හැමදාමත්, ලෝකෙ පුරාම ඉන්නවා. උන් අනුන්ගේ භාර්යාවන් සතු සැමියන් රවට්ටා ගන්නවා : සමහර වෙලාවට මිනී මරණවා. එහෙම කරල අහු උනාම ගහක එල්ලනවා…. ‘
ඇනා – මාත් අන් සතු පිරිමියෙකුට පෙම් බැඳ සිටිමි. මට දැනුණේ මගේ මුළු සිරුරම සීතලවී ගියා සේ ය. ඒත් හිරු නම් හැමදාම වගේ චණ්ඩ ය. මම ගල්පර්වතයේ හැඩය දෙස බලා සිටියෙමි. ඉන් කාන්තාවකගේ පැහැදිලි රුවක් මට මැවී පෙනෙන්නට විය. හරියටම මා දෙසට…… මා දෙසට අත් දිගුකරගෙන සිටිනවා මෙනි !
චැන්ටල් – ‘ හැම කාන්තාවක් තුළම අභිරහස් ළඳක් ඉන්නවා. ඉතා ළඟින් ඇසුරු කරන මිතුරියකටවත් ඈ හඳුනා ගන්නට බැහැ. ‘
#AbirahasLanda #EKJinadasa #Sinhalapoth #SinhalaPariwarthana
Reviews
There are no reviews yet.