Author : ඉමේෂ් මධුශංක යාපා
Publisher : MUSESBOOK
First Edition 2020
ISBN 978-955-3727-66-4
569 Pages
2016 වසර….
සිය ජීවිතයේ පළමු වතාවට හපුතලේ ප්‍රදේශයට පැමිණෙන ධනවත් තරුණයෙක්… කඳුකරයට පිවිසෙන ඔහුට වරින් වර පෙනෙන අත්භූත සිහින සහ විවිධාකාර ස්ථානවලදී පෙනී නොපැනී යන මායා දර්ශන පෙළක්…. එම සිහින තුළින් දිස්වන ඉතිහාස කතාන්දරයක සිටින නාඳුනන සුදු ජාතිකයන් කවුරුන්ද…? හුදෙකලා වතු බංගලාව අවට සැරිසරන සුදු යුවතියගේ ආත්මයේ අරමුණ කුමක්ද…? පාළු දියඇල්ල පාමුලට පාවී එන මළ සිරුර කාගේද….?
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ලක්දිව පාලනය කල 1920 දශකය ….
දෛවයේ රුදුරු තීන්දුව පිළිගනිමින් හපුතලේ මන්දාරම් අඳුරු අහස යට සීතල කඳු අතර සැඟවී ගිය අසම්මත ආදරයක්… මරණින් නිමා නොවු සදාතනික ආදරයක පුනරාගමනයක්…
මිනිස් සිත තුළ ජනිතවන ආදරය, වෛරය බඳු හැඟීම් සහ ජීවත්ව සිටින කාලයේ කළ පින් පව් පමණක් රැගෙන මරණයේ දොරටුව වෙතට ගමන් කරන අපට ඉන් ඔබ්බට සිදුවන්නේ කුමක්ද….?
සැබැවින්ම මරණය යනු නිමාවක්ම වේද…..?
#OnceUponeATimeInSriLanka1925 #ImeshMadusankaYapa #EnglishBooks
Reviews
There are no reviews yet.