Sale!
, , , , , ,

Discovering Ceylon සහ Seeing Ceylon කෘති දෙකෙහි සිංහල පරිවර්තන …

රු1,805.00

  • බ්‍රෝහියර් හඳුනාගත් ලංකාව + බ්‍රෝහියර් දුටු ලංකාව
  • සාමාන්‍ය මිල – රු. 1900 /=
  • අපේ මිල – රු. 1805/=

Availability: 2 in stock

බ්‍රෝහියර් හඳුනාගත් ලංකාව + බ්‍රෝහියර් දුටු ලංකාව

සාමාන්‍ය මිල – රු.1900 /=

අපේ මිල – රු.1805 /=

 

බ්‍රෝහියර් හඳුනාගත් ලංකාව

Author: අභය හේවාවසම්

Discovering Ceylon (by R.L.Brohier) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: SooriyaPublisher

Frist Edition 2002

ISBN 978-955-8425-52-4

355 Pages

මෙය ලංකාවේ යටගිය දවස සම්බන්ධයෙන් මගේ සිත් සතන් තුළ පහළ වූ හැඟීම පළ කරන අධ්‍යයනයකි. 1910 සිට 1949 දක්වා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ මාගේ සේවා කාලය නිසා, අන් අයකු සාමාන්‍යයෙන් නොයන, ලංකාවේ ප්‍රත්‍යන්ත ප්‍රදේශයන් කරා ද, මුහුද ආශ්‍රිත ප්‍රදේශ කරා ද මා මෙහෙයැවිණි. මේ ප්‍රත්‍යන්ත ප්‍රදේශයන් හි ඇති, ලංකාවේ තිබූ අපූර්ව ශිෂ්ටාචාරය පිළිබඳ කුතුහලය දනවන හා සිත් අදනා නටබුන් තුළින් සිත් සතන් හි සැඟැ වී ඇති මතක සමුදායක් අවදි වේ. එ මෙන් ම ඇවැතුම් පැවැතුම් මඟින් දූෂණය නොවී, නගරයේ ජනයා මෙන් කෘත්‍රිම ඇවැතුම් පැවැතුම් බදා නොගත් අව්‍යාජ ගැමි ජනතාවක් ද මෙහි වාසය කරත්.

මෙම කෘතිය තුළ අඩංගුව ඇත්තේ, මේ ඉපැරණි ශිෂ්ටාචාරයේ, ජනකථා සම්ප්‍රදායයන් සහ ඉතිහාසය පිළිබඳ කථාවයි.

#BrohiyarHadunagathLankawa #AbayaHewawasam #SriLankaceIthihasaya #SinhalaBooks

 

බ්‍රෝහියර් දුටු ලංකාව

Author: අභය හේවාවසම්

Seeing Ceylon (by R. L. Brohier) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Sooriya Publishers

Second Edition 2012

ISBN 978-955-9348-63-9

299 pages

ආචාර්ය ආර්. එල්. බ්‍රෝහියර් දුර්ලභ ගණයේ පුද්ගලයකු වූයේ එතුමා භූගෝල විද්‍යාඥයකු හැටියට ද, ඉතිහාසඥයකු හැටියට ද පරිණත පුද්ගලයකු වූ නිසා ය. මේ නිසා මිනින්දෝරුවකු හැටියට ඔහු ගේ  වෘත්තිය ඔහුට ඉතා සුදුසු එකක් විය.

මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිලධාරියකු හැටියට ඔහු ලංකාවේ සෑම අස්සක් මුල්ලක් නෑර ම ගිය අතර, ඒ ඒ ප්‍රදේශ හා ජනජීවිතය සියැසින් ම දැක ඒ තොරතුරු ලිපි ලේඛන සහ පොත් මගින් ලාංකික ජනතාවටත් සෙසු ලෝකයටත් දැන ගන්නට සැලස්වී ය. තම වෘත්තිය මගින් සැලසුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් ලාංකික ජනතාව, පරිසරය සහ එහි ඉතිහාසය පළිබඳ පෘතුල දැනුමක් ඇතිකර ගත්තේ ය. මෙහි ප්‍රතිඵලයක් හැටියට ඔහු තම අත්දැකීම් සම්භාරය අනාගත පරපුර සදහා ලේඛණාරූඪ කොට තැබීය. විදේශයන් හි ද බොහෝ ගවේශණයන් හි යෙදුනු එතුමා ඒ ඒ රටවල වාරිමාර්ග ඉඩම් ප්‍රවේණිය පිළිබඳව ද කරුණු අධ්‍යයනය කළේ ඒවායේ පුරාවිද්‍යාත්මක වටිනාකමට ද විශේෂ වැදගත්කමක් දෙමිනි.

එතුමා ගේ කෘතීන් තුළින් පැහැදිලි ව ගම්‍යවන එක් ප්‍රධාන කරුණක් නම්, මේ සුන්දර දිවයින සහ එහි ජනතාව කෙරෙහි එතුමා තුළ වූ අපරිමිත ආදරය සහ ගෞරවය යි.

#BrohierDutuLankawa #AbayaHewawasam #SriLankaceIthihasaya #SinhalaBooks

 

Weight 0.742 kg

Reviews

There are no reviews yet.

Be the first to review “Discovering Ceylon සහ Seeing Ceylon කෘති දෙකෙහි සිංහල පරිවර්තන …”

Your email address will not be published. Required fields are marked *