, ,

COLOMBO කළම්බෝ (මේ ඔබේ මිනී පෙට්ටියේ කතාවයි)

රු950.00

Author – ඉන්දික ෆර්ඩිනැන්ඩු

Publisher – VAPA university Press

First Edition 2022

ISBN 978-624-5785-12-4

107 Pages

 

Availability: 10 in stock

Author – ඉන්දික ෆර්ඩිනැන්ඩු

Publisher – VAPA university Press

First Edition 2022

ISBN 978-624-5785-12-4

107 Pages

 

ප්‍රේක්ෂකයා විසින් ඒ මොහ‌ොතේ ම අත්දකිනු ලබමින් සිටින තත්ත්වයක් වේදිකාවේ ගෙනහැර දැක්වීම සහ ඒ මගින් ආස්වාදයක් ලබාදීම ලෙහෙසි පහසු  කාර්යයක් නොවේ.එමගින් එක්ක‌ෝ ඔහු/ඇය කෝපයට පත් වේ. නැතිනම් තමාගේ අත්දැකීමක් සිහි වී දුකට පත් වේ.මෙම තත්වය පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ නාට්‍යකරුවෙකු වූ බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් අද්‍යතන ලෝකය නාට්‍ය මගින් දක්වනු ලැබිය හැකිද? යන ප්‍රශ්නය නගා සිය අත්දැකීම් මෙසේ දක්වයි. “ ඔබ දන්නා පරිදි මා විසින් අද්‍යතන ලෝකය සහ වර්තමානයේ මිනිසුන් අතර පවතින  අන‌්‍යොන්‍ය සම්බන්ධතා නාට්‍යයේ හසු කොට ගැනීමට දරනු ලැබ ඇති ප්‍රයන්තයන්ගේ ප්‍රමාණය සුළුපටු නැත…මට සියලු පහසුකම් ලැබී තිබේ.එහෙත් කිසියම් නිශ්චිත හේතු මත ‘ඇරිස්ටෝටලියානු නොවන’ යනුවෙන් හඳුන්වනු ලබන රංග ක්‍රමය මේ සඳහා එක ම විසඳුම යැයි නොකියමි..එහෙත් වර්තමාන ලෝකය වර්තමාන මිනිසුන් (නාට්‍ය මගින්) නිරූපනය කළ හැකි වන්නේ එය වෙනස් කළ හැකි ලෝකයක් ලෙස දක්වනු ලබන්නේ නම් පමණි. ” 1955 අප‌්‍රෙල් මස, එනම් සිය මරණයට මාස කිහිපයකට පෙර මෙම ප්‍රකාශය කරන අවධිය වන විට බ්‍රෙෂ්ටි විසංගති (Absurd) නාට්‍ය ප්‍රවණතාව විසින් හඳුන්වාදෙන ලද රංග උපක්‍රම තම අරමුණ සඳහා යොදා ගත හැකි ආකාරය පිළිබඳව අවධානය යොමු කොට තිබූ බවද ප්‍රකට කරුණකි.    

 

බ්‍රෙෂ්ටි, ඉන්දිකගේ Colombo කළම්බෝ නාට්‍යට කදිම ප්‍රේක්ෂකයෙකු විය හැකිව තිබූ බව නො අනුමානය. මක් නිසාද යත් ඔහු අපේක්ෂා කල අකාරයේ අද්‍යතන ලෝකය නාට්‍ය මගින් නිරූපනයට අතිශය යෝග්‍ය වූ රංග ක්‍රමයක් නිපදවා ගැනීමට මෙම තරුණ නාට්‍යකරුවා සමත් වී තිබීමයි. අතිශය ආස්වාදජනක සාන්දෘෂ්ටික ඔපෙරාවක් ලෙස හැදින්විය හැකි මෙම නාට්‍ය 2010 රාජ්‍ය නාට්‍ය උළෙලේ දී වසරේ හොඳම නාට්‍යය වශයෙන් අභිෂේක ලැබීම මාගේ උක්ත නිගමනය තහවුරු කිරීමක් ලෙස මම සලකමි. එමෙන්ම  එය පසුගිය දශක දෙක තුල  ලංකාවේ නිෂ්පාදිත හොඳම නාට්‍ය නිර්මාණ  කිහිපයෙන් එකක් බව ද නිසැකය. එයින් පසු නිෂ්පාදිත බොහෝ නාට්‍යවල Colombo කලම්බෝ හි සෙවණැල්ල දැකිය හැකි වන්නේ ඒ නිසාය.

ආචාර්ය මයිකල් ප්‍රනාන්දු

 

#COLOMBOColombo(MeObeMiniPettiyeKathawai) #IndikaFerdinando#SinhalaPoth #OnlineBooks 

Weight 0.143 kg

Reviews

There are no reviews yet.

Be the first to review “COLOMBO කළම්බෝ (මේ ඔබේ මිනී පෙට්ටියේ කතාවයි)”

Your email address will not be published. Required fields are marked *