,

සුපර් සික්ස් : තරු කුමරු 02

රු1,450.00

  • Author – නිසංසලා ලක්මිණී
  • Publisher – Nisa Publishers
  • First Edition 2022
  • ISBN 978-624-5999-00-2
  • 624 Pages

Availability: 2 in stock

Author – නිසංසලා ලක්මිණී

Publisher – Nisa Publishers

First Edition 2022

ISBN 978-624-5999-00-2

624 Pages

 

“මං ලේසියෙන් දෙයක් අල්ලගන්නේ නැහැ. හැබැයි අල්ල ගත්තොත් මේ හුස්ම යනකම් ඒක මගේ. මං අතාරින්නෙත් නැහැ. හාහ්… හිතා ගන්න පුළුවන්ද මං මොකටද මෙතනට ආවේ කියලා?” ආශි කියන දේවල් හරි පරිස්සමට අසා සිටි අරෝ ආශි අන්තිමට තමන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවහම කලබල වුනේ හිතට දැනුන කියා ගන්න නොතේරෙන අමුතු හැගීම නිසාය.

“අත…අරින්නද… අල්ල ගන්නෙත් නැතුවම.” අරෝ හිමින් නමුත් බයෙන් කටහඬ අවදි කර ආෂිගේ ප්‍රශ්නයට ප්‍රශ්නයකින්ම උත්තර දෙද්දි ආශි හිස මඳක් දෙපසට වනමින් නෑ කිවේ කවදාවත් නැති අයුරෙන් ලස්සනට හිනාවෙමිනි. කලාතුරකින් ඉතාමත් කලාතුරකින් ඒ කඩවසම් මුහුණේ මැවෙනා ඒ ආඩම්බර ලස්සන හිනාව හදවතින්ම විඳගත් අරෝ ආශි දිහා බලන් හිටියේ වශී වී මෙනි.

“අත අරින්න නම් මුලින්ම අල්ල ගන්න ඕනද? හ්ම්… ඇත්ත තමා ඒ නිසා මං මේ අත අල්ල ගන්නද?”

“ඒ කියන්නේ අල්ලාගෙන අත අරින්නද? හාහ්. කමක් නැහැ. එක තප්පරේකට හරි අල්ල ගන්නකො. ඒ එක මොහොත ඇති මට මැරෙනකම්ම මතක තියා ගන්න.”

අරෝ ඇස්වල කඳුළු පුරවගෙන ආශි දිහා බලමින් කිවේ ඒ කඳුළු දැක කවදාවත් නැතුව ආශිගේ ගල් හිත මෙළෙක් වෙද්දීය.

#SuperSixTharuKumara2 #NisansalaLakmini #SinhalaPoth #OnlineBooks

WhatsApp us