Author : විජිත් කුමාර් සේනාරත්න
Publisher : Fast Publishing (Pvt) Ltd
First Edition 2019
ISBN 989-955-677-871-7
177 Pages
ඇත්තට මැ, සුනිල් සාන්තයන් ගැන සැකෙවින් හෝ තොරතුරු කියන්නට නම් වෙන මැ පොතක් ලිවිය යුතු යි.
මෙහි ලා කැපී පෙනෙන කරුණෙක් නම්, සුනිල් සාන්තයන් ගැන බොහෝ දෙනකු නො දන්නා තොරතුරු බොහොවක් මෙහි ඇතුළත් වැ තිබීම යි. මියැසි ඇජර කෙනකුන් ලෙස සුනිලුන් අගයන අතර ම ඔවුන් ගේ දිවියෙහි සුවිසෙසි කරුණු ද මතු කැර දක්වන්නට සේනාරත්නයන් සමත් වැ ඇති. ඇත්තට මැ, අදීන, සියත් කලාකරුවා කවරෙක් ද යනු මැනැවින් දක්වන කැටපතක් බඳු යැ මේ පොත.
විජිත් කුමාර් සේනාරත්නයන් ගේ මෙ පොත සුනිල් සාන්ත මෙහෙවර හදාරන්නන් හට අත්පොතක් වැ පවත්නා බව අප ගේ නොවක් හැඟුම යි. හෙළ මියැසි ළැදියන් ගේ පැසැසුම සේනාරත්නයනට එකතින් මැ හිමි යැ.
අරිසෙන් අහුබුදු
#SunilSantha #VijithKumarSenarathna #SinhalaPoth
Reviews
There are no reviews yet.