,

සික්

රු850.00

  • Author – ආසිරි මුණසිංහ
  • Publisher – Samudra Publishers
  • Third Edition 2021
  • ISBN 978-955-680-826-1
  • 448 Pages

Availability: 4 in stock

Author – ආසිරි මුණසිංහ

Publisher – Samudra Publishers

Third Edition 2021

ISBN 978-955-680-826-1

448 Pages

 

“බටය රංජාගේ කටේය, තැටිය නීල්ගේ අතේය, බාලු තැටියට යටින් ලයිටරය දැල්වී ය. තවත් තත්පර කිහිපයකින් තැටිය මත වූ සුදු පැහැති ද්‍රව්‍ය ස්වල්පය ටිකෙන් ටික අඳුරු පැහැයට හැරෙන බවක් පෙනෙන්නට විය. ඉන් සමහරක් ඒවා කුඩා ඉස්ගෙඩියන් දිවයන්නාක් මෙන් ඊයම් කොළය මත ඔබමොබ ගමන් කරනු දුටු තිදෙනාගේම මුහුණුවල ඇදුණේ අපූරු සිනහවකි.

අම්මට සිරී ඔරිජිනල් බඩු.. කාලෙකින්..!

නීල් බාලු දෙස ස්තූතිපූර්වක බැල්මක් හෙළීය. මේ කිසිවක් වෙත තම අවධානය යොමු නොකළ රාජා තැටියෙන් ඉහළට නැඟි කුලුඳුල් ළා පැහැති දුම් වළාව තම මුවෙහි රඳවාගෙන සිටි බටයට හසුකරගැනීමට සමත් විය. එවැනි තවත් උගුරු තුනක පමණ ආස්වාදය විඳි හෙතෙම දීප්තිමත් දෑසින් යුතුව බටය නීල්ට දිගු කළේය.”

#Sick #Sik #AsiriMunasinghe #SinhalaPoth #OnlineBooks

WhatsApp us