, ,

සමයාන්තර ආගම් තුලනය

රු490.00

  • Author: දුනුකේඋල්ලේ සාරානන්ද හිමි
  • Publisher: Samanthi Publishers
  • Second Batch 2021
  • ISBN 978-955-0084-22-7
  • 142 Pages

Out of stock

Author: දුනුකේඋල්ලේ සාරානන්ද හිමි

Publisher: Samanthi Publishers

Second Batch 2021

ISBN 978-955-0084-22-7

142 Pages

 

ආචාර්ය දුනුකේඋල්ලේ සාරානන්ද හිමි ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකි. බෞද්ධ සංස්කෘතිය විෂයන් පිළිබඳ ගෞරව උපාධිය කැලණිය විශ්වවිද්‍යාලයෙන් ලබාගත් උන්වහන්සේ, රාජකීය පණ්ඩිත උපාධිය ප්‍රාචීන භාෂෝපකාර සමාගමින් හිමිකරගෙන ඇත. ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය මගින් ශාස්ත්‍රපති උපාධිය ද, කොළඹ විශ්ව විද්‍යාලයෙහි පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාව ද හිමි කරගත් උන්වහන්සේ , මධ්‍යම චීන විශ්ව විද්‍යාලය මගින් ආචාර්ය උපාධිය දිනා ඇති ප්‍රාමාණික විද්වතෙකි.

කෘතහස්ත ලේඛකයෙකු මෙන්ම සම්භාව්‍ය විචාරකයකු ද වන උන්වහන්සේ විසින් රචිත සමයාන්තර ආගම් තුලනය නම් වූ පර්යේෂණ කෘතිය දෙවන වරටත් මුද්‍රණය කර පාඨක අතට පත්කිරීම ශාස්ත්‍රීය මෙහෙවරකි. ‍ප්‍රාචීන හා ප්‍රතිචීන භාෂා හැසිරවීම පිළිබඳව පරිචයක් ඇති උන්වහන්සේ එම භාෂා මගින් පාඨක අතට පත්කර ඇති ශාස්ත්‍රීය ලේඛන බොහෝය.

අන්තර් ආගමික අධ්‍යාපනය වර්තමානයේ අත්‍යවශ්‍ය වන අතර ලාංකීය ඉතිහාසය තුළ එම අධ්‍යාපනය පැවතුණි. තුලනාත්මක ආගමික අධ්‍යයනය විවේක බුද්ධියක් නැති අයෙකුට කිසිසේත් කළ නොහැකිය. අන්තවාදී දැඩි මතධාරීන් මෙම කෘතිය තුළින් බුද්ධිමය පරිචයක් ඇති කරගත හැකිය.

උසස් ශාස්ත්‍රීය ගුණයෙන් යුතු මෙය ශාස්ත්‍ර ශාස්ත්‍රඥයින්ට ද මහඟු පිටුවහලක් වනු ඇත. බුද්ධිමතුන් ගේ ප්‍රසාදයට ලක්ව ඇති මෙම කෘතියේ අවශ්‍යතාව විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු සඳහා පමණක් නොව සාමාන්‍ය අධ්‍යාපන ආයතනයේ දී ප්‍රායෝගික ජීවිතයේදී ප්‍රයෝජනයක් වනු ඇති බව විශ්වාස කරමි.

ආචාර්ය කුඹල්ගොඩ ධම්මාලෝක ස්ථවිර

නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (පි)

ජාතික අධ්‍යාපන ආයතනය – මහරගම

 

#SamayantharaAgamThulanaya #DunukeulleSaranandaHimi #SinhalaPoth #OnlineBooks

Weight 0.186 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සමයාන්තර ආගම් තුලනය”

Your email address will not be published. Required fields are marked *