,

සපත්තුවෙන් මිනිසුන් මැනීමේ කලාව

රු500.00

  • Author – ආසිරි මුණසිංහ
  • Publisher – Samudra Publishers
  • First Edition 2020
  • ISBN 978-624-203-003-6
  • 227 Pages

Availability: 2 in stock

Author – ආසිරි මුණසිංහ

Publisher – Samudra Publishers

First Edition 2020

ISBN 978-624-203-003-6

227 Pages

 

“ඒත් සමඟම කාමරය තුළට ඇතුළු වූයේ වයස අවුරුදු විසිපහක් පමණ වයසැති පැහැපත් තරුණ කාන්තාවකි. ඇය කාමරය තුළට පැමිණෙනවාත් සමඟම ක්ෂණිකව මුළු කාමරය ම විලවුන් සුවඳින් පිරී ගියේ මෙතෙක් වේලා පැවති ‘සැවුලෝන්’ කටුක සැර මොහොතකට මකා දමමිනි. බැලූ බැල්මටම ඇය පියකරුය, ශෝභමානය. මිල අධික නවීන පන්නයේ ජංගම දුරකතනයක් අතැතිව පැමිණි ඇයගේ අත් බෑගය ද විදේශ රටක නිෂ්පාදිත මිල අධික එකක් බව මා ක්ෂණිකව හඳුනා ගත්තෙමි.

‘ස්ට්‍රේට්’ කරන ලද කොණ්ඩයෙහි තැනින් තැන තඹ පැහැයෙන් වර්ණ ගන්වා තිබුණි. මනාව සකසා තිබුණු ඇහිබැම සහ දිලිසෙන රෝස පැහැති තොල් ආලේපනය නිසා ඇය කෙරෙන් බටහිර පෙනුමක් විද්‍යමාන විය. අත්කොට ‘ස්කිනියකින්’ සහ ඇගටම ඇලුණු වර්ගයේ ‘ලෙගින්’ කලිසමකින් සැරසී හුන් ඇය කිසිදු අපහසුතාවයකින් තොරව මා ඉදිරිපිට තබා තිබූ පුටුවේ හිඳ ගත්තාය”.

#SapaththuwenMinisunManeemeKalawa #AsiriMunasinghe #SinhalaPoth #OnlineBooks

WhatsApp us